අවිෂ්කවයි, කමිදුයි බැංකුවේ තිබීම නම් මහා අපරාධයක්. ඊයේ තරගයට අනිවාර්යෙන්ම අවිශ්කව තරංග වෙනුවට දාන්නම තිබුණා. අවු 34ක්වූ තරංගල හැදෙන මිනුසුන් නොවෙයි. ඉදල හිටලා එකක් දෙකක් වනල ටීම් එකට රිංගල අලුතෙන් හැදෙන කොල්ලන්ගේ නියම අවස්ථාව කන එක අපරාධයක්. ඒවගේම, අත් දෙකෙන්ම බොල් කරන්න පුළුවන් බැට් කරන්න පුළුවන් ෆීල්ඩින් හොද කමිදු මෙන්ඩිස්ව නොගැනීම පුදුම සහගතයි. ඊයේ තරගයට සදකන් වෙනුවට දාන්න තිබුණා. පරණ පළපුරුදු කියන එක පැත්තකින් තියල අලුතින් මතුවන දක්ෂතා දක්වන අයගේ ටීම් එකක් හදන එක මිස වෙන විකල්පයක් නැත. ඔවුන් දමා පැරදුණත් හිරිකිත නැතිව අපිට මැච් බැලිය හැකිය.