බංග්ලාදේශයේදී හතුරු වැඩ පටන් ගත්තේ එරටින් බිහිවූ ප්‍රබලම ක්‍රීඩකයා වූ ෂකීබ් අල් හසන්ව දොට්ට දමමන්. මෙයින් විමතියට පත්වූ එරට ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා හතුරුසිංහට පවසන්නේ ‘ ෂකීබ් කියන්නෙ ලෝකයේ අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා.එයාව එළියට දාන්න එපා කියායි.
හතුරුසිංහ ඔහුට කීවේ අංක එකේ කණ්ඩායම වෙන්නද ඕන අංක එකේ ක්‍රීඩකයාව හදන්නද ඕන කියායි....‘
හැබැයි බංගලාදේශය අංක එක කරන්න හතුරුට බැරිවුනා.
ඒ වෙනුවට බංගලාදේශ ක්‍රිකට් වලට ලොකුම අහිමිවීම වුනා.
ඒ ෂකීබ්.
ෆේවරිට්ස්ලා තියාගෙන දක්ෂයොන්ව වළලන සම්ප්‍රදායික ‘ගුරුන්නාන්සේලාගේ‘ භූමිකාව හතුරුසිංහ කළා!
ඒක මොනතරම් අපරාධයක්ද කියන එක ෂකීබ් අද ගලේ කෙටුව අකුරක් වගේ පෙන්නුවා..! හැමෝම දුවන්නේ වෘර්තයක් වටේ බවත් කවදා හෝ පිටුපසින් එන්නාට ඉදිරියෙන් යන්නාව පසු කළ හැකි බවත් සනාතන දහමක්.
ඒ වෘර්තයේදී බලය අරගෙන ඉදිරියෙන් දුවපු හතුරුව අද ෂකීබ් ලීඩ් තියමින් පසු කළා..දකුණු කණ වහලා වම් කණ ළඟින් යන්න වෙඩි තිබ්බම දැනෙන කම්පනය හතුරුට නොදැනුනානම් පුදුමයි.! හතුරුසිංහ මේ අති දක්ෂයව කැපුවා කියලා ජාත්‍යන්තරයෙන් ක්ියනකොට පිට කොටුව මැද නෙවේ එංගලන්තේ අග නගරෙම මැද නිරුවත් වුනා වගේ හැඟීමක් දැනෙනවා.!
හතුරුසිංහ පුහුනුකාර තනතුරින් ඉවත් වුනාට පසුව නැවතත් ෂකීබ්ට නායකත්වය හිමි වුණා. ඊට පසුව ලංකාවට ඇවිත් ෂකීබ් හතුරුසිංහට කටඋත්තර නැති කළා.
එදා ලංකාවට එරෙහිව තරු විසිවෙන්න දක්ෂතා පෙන්නුවේ ෂකීබ්.
ඒ ෂකීබ් මෙවර ලෝක කුසලානෙදී වැඩ පෙන්නන්න පටන් ගත්තේ ද.අප්‍රිකාවට එරෙහිව ලකුණු 75 අරගෙන,බංගලාදේශය දිනවලා.
අද ෂකීබ් අල් හසන් නොදැවී ලකුණු 124ක් අරගෙන බටහිර ඉන්දිය කොදෙව් කණඩායම කරකවලා අතෑරියා.මේ මැච් එක හතුරුසිංහ බැලුවනම්....අනේ මන්දා...!
නරකම ගෝලයා එලවා දැමූ ගුරුවරයාට රිදෙන්න උත්තර දීම ෂකීබ් කළා.
එදා මෙදාතුර වැටුනු වැහි අතර වටිනාම සහ වාසනාවන්තම වැස්ස වැටුනේ බංගලි ශ්‍රී ලංකා මැච් එක දවසෙදි කියලා හතුරුසිංහටත් හිතෙනවා ඇති.!
බටහිර ඉන්දිය කොදෙව් පිල අරගත්ත ලකුණු 321 එලවලා ගියින් දිනන්න බංගලියෝ වැය කළේ කඩුලු 3ක් විතරයි.
එහෙව් බංගලියෝ ලෝක කුසලානේ ගත්තත් පව් නෑ..උන් ඒතරමට දක්ෂයි.මින් ඉදිරියට උන් පැරදුනත් මේ තරගේ ඇති කප් එක ගත්තා වගේ සතුටු වෙන්න...
සමාවෙන්න,
මේ ගහන විදිහට ගහලා අපි ලෝක කුසලානේ දිනුවත් වැඩක් නෑ..ඒක ඒ තරමට ලැජ්ජයි..