ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය දැන් පැවැත්වෙනවා. ඒ, එංගලන්තයේ චෙස්ටර් ලී ස්ටී්රට්හිදීයි. කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව්වන් පළමුව පන්දු රැකීමට තීරණය කළා. ශී‍්‍ර ලංකා පිළ අද (01) තරග බිමට පිවිසෙන්නේ වෙනස්කම් තුනක් සහිතයි.
ඒ අනුව දකුණු අපි‍්‍රකාව සමග පැවැති තරගයේ කී‍්‍රඩාකළ ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා සහ සුරංග ලක්මාල් වෙනුවට ළහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩසේ සහ කසුන් රාජිත අද කණ්ඩායමට කැදවා තිබෙනවා. ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් මේ වනවිටත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව ඇති අතර අද තරගයේදී දෙපිළම සිය ගෞරවය රැක ගැනීම වෙනුවෙන් තරග වදිනු ඇති.


