"දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට මල් මාල දමනවා..
එකක් දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ..
මොකද්ද මේ කලේ අහනවා.."
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ගීතය මම තෝර ගත්තේ මුලපිරීමක් විදියට මේකට හොඳටම ගැලපෙන්නේ ඒක නිසා..
වෙන මොකක්වත් නෙමෙයි.. පකිස්ථාන්, බංගලාදේශ් සහ ආසියානු කුසලාන වලදි එලකිරි එකේ දාපු ත්‍රෙඩ් වල අපේ සහෝදරයන්ගේ හැසිරීම ගැන ටිකක් කතා කරන්න හිතුනා..
අපේ ක්‍රීඩකයො සහ කණ්ඩායම හොඳට කරන්නේ නැති වෙලාවට උන්ගේ පලු අරින්න සහ ගෙදර ඉන්න අම්මා මුත්තා මතක් කරන්නත් අපේ අය පසුබට උනේ නැහැ.. හොඳම උදාහරනේ තමයි ලසිත් මාලිංග.. ඌ හොඳට දාන්නේ නැති උනාම ඌට බැන්නේ බිග්බෑශ්, අයි පී එල් වලදි විතරක් හොඳට කරනවා කියලා.. සල්ලි වලට සෙල්ලම් කරනවා කියලා.. පකිස්ථාන් තරඟෙදි විකට් 5ක් අරගෙන මැච් එක දිනෙව්වම මාලි තරම් එකෙක් නෑ.. උන්ගේ රස්සාව තමයි ක්‍රිකට්.. අපි අපේ රස්සාවෙන් සල්ල් ඉවැඩිපුර හම්බ වෙනකොට එපා කියනවද? උන් හොරකම් කරනවා නෙමෙයිනේ.. තමන්ගේ දක්ෂතාවයෙන්, මහන්සියෙන් තමයි උන් හම්බ කරන්නේ.. එහෙම නැතුව මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගනන් හොරාකන දේශපාලුවොන්ටත් කෑ ගහපන්කෝ උඹලා..
මම හැමදාම කියනවා වගේ අපිට සතුටු වෙන්න දේකට තියෙන්නේ ක්‍රිකට් විතරයි.. උන් විතරයි අපිට සතුටක් දෙන්නේ.. එහෙම උන්ටත් බැනලා උඹලා මොනවද බලාපොරොත්තු වෙන්නේ..
දිනන කොට වගේම පරදින කොටත් උන් එක්ක හිටපන්.. උන් හිතලා අඩුවට අවුට් වෙන්නේවත්, ලකුණු දෙන්නේවත්, කැච් අතාරින්නේවත් නැහැ..
ඒක නිසා හිතින් හරි ආශිර්වාද කරනවා මිසක් උන්ට බනින එකෙන් වෙන්නේ අපිට තියෙන එකම සතුටත් තව ඈතට යන එක විතරයි..
සල්ලි වලට ගහනවා කියන එක අරවින්දටත් කිව්වා.. ඒත් අද අපිට හම්බ වෙලා තියෙන එකම ලෝක කුසලානේ සෙමි එකයි, ෆයිනල් එකයි තනියම දිනවලා දුන්නේ අරවින්ද.. ඒක ගොඩක් උන්ට මතක නැහැ..
මම එදත් අපේ කොල්ලෝ එක්ක.. අදත් අපේ කොල්ලෝ එක්ක..
මම හිතනවා යම් තරමකට හරි ලෙදර් ක්‍රිකට් ගහපු කෙනෙක් නම් කවදාවත් ඔහොම නිරපරාදේ විවේචන කරන එකක් නැහැ කියලා..
සංගක්කාරටත් වචනයක් කියන්න ඕන.. අනේ මචෝ උඹ අස් වෙලා යන දවසට ප්‍රෙෂර් එකේ ඔහොම ගහන හැටි තව දෙතුන්දෙනෙකුටවත් කියලා දීලා පලයන්..
බුදු සරණයි!