‘ලෝක යුද්ධ අවුළුවන්න, වැඩ කරනා පිම්පි රජා’

Oct 27, 2010
1,996
200
0
Colombo 7
‘ලෝක යුද්ධ අවුළුවන්න, වැඩ කරනා පිම්පි රජා’

‘ලෝක යුද්ධ අවුළුවන්න, වැඩ කරනා පිම්පි රජා’

- නේටෝ ප‍්‍රහාරයන්ට එරෙහිව කොළඹ උද්ඝෝෂණ

ඇමරිකාව ප‍්‍රමඛ බටහිර රටවල් විසින් ලිබියාව ඉලක්ක කොට එල්ල කරමින් සිටින මිලේච්ඡ ප‍්‍රහාරයන්ට විරෝධය පාමින් ජාතික නිදහස් පෙරමුණ, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණ, තුන්හෙල ජාතික ව්‍යාපාරය, බොලිවේරියනු සහයෝගිතාවය ඇතුළු දේශපාලන පක්‍ෂ සහ බහුජන සංවිධාන ගණනාවක් ඒකාබද්ධව අද පෙරවරුවේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දැවැත්න උද්ඝෝෂණ ව්‍යාපාරක් දියත් කරනු ලැබීය. ඇමරිකාව, එංගලන්තය, ප‍්‍රංශය, ඉතාලිය, කැනඩාව ආදී රටවල රාජ්‍ය නායකයන්ට එරෙහි විරෝධතා පුවරු මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට එරෙහි විරෝධතා පුවරුද විරෝධතාකරුවන් අත විය. එම කාර්යාලය ඉදිරිපිට ටයර් පුළුස්සමින් කළු කොඩි ඔසවා පැයකට පමණ කාලයක් උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්විනි.

විරෝධය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පැවසුවේ ‘‘ඔබාමාගේ මුදල් වලට යටවී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ගත් තුච්ඡු තීන්දුව වහා ඉල්ලා අස් කර ගත යුතුයි. එම නින්දිත ප‍්‍රහාර නවතන තෙක් ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රමුඛ සෙසු ශ‍්‍රී ලංකීය ප‍්‍රගතිශීලී බලවේග සමඟ එකතු වී උද්ඝෝෂණය කරනවා’’ යනුවෙනි.

අවසානයේ දෙස් විදෙස් මාධ්‍ය ආයතන වෙත නිකුත් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබුනු අතර එහි සිංහල නිවේදනය මෙහි දැක්වේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ඇතුළු අධිරාජ්‍යවාදීන් ආයුධ බලය යොදා මිනී මරමින් ලිබියාවේ තෙල් සම්පත කොල්ලකෑමට ගන්නා නිර්ලජ්ජිත උත්සාහය අපි දැඩිසේ හෙළා දකිමු.

නව යටත්විජිත උපක‍්‍රම ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන හරහා බොහෝ ස්වෛරී රටවල් ණය උගුලේ සිරකරමින් එම රටවල ආර්ථිකය තම පාලනය යටතේ තබාගෙන සිටි ඉහත අධිරාජ්‍යවාදීන් අද ඒ වක‍්‍ර උපක‍්‍රම අතහැර දමා ඉතාමත් නග්න ආකාරයෙන් සිය සූරාකෑමේ ක‍්‍රියා පිළිවෙත ඉදිරියට ගෙන යාමට සූදානම් බව ලිබියානු ආක‍්‍රමණය මගින් සනාථ වෙයි.

ලොව පුරා අධිරාජ්‍යවාදී බලවේග වෙතින් තමන්ට එල්ලවන විරෝධයන් හමුවේ වියරු වැටී සිටින ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදීන් දැන් වක‍්‍ර ලෙස රටවල් සූරාකෑමේ ක‍්‍රමවේද අතහැර ආයුධ බලය යොදා මිනී මරා හෝ තම ආර්ථික උවමනාවන් ඉටු කර ගැනීමේ තත්වයට පත්ව සිටී.

එදා ඉරාකයේ සදාම් හුසේන්ට එල්ල කළ චෝදනා අද ලිබියාවේ ගඩාෆිට එරෙහිව එල්ල කරන ආමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍ය වාදීන් එදා ඉරාක ජනතාවට ලබා දුන්නේ කුමක්ද? ආක‍්‍රමණ හමුවේ දහස් සංඛ්‍යාත ඉරාක වැසියන්ට ජීවිත අහිමිවූ අතර ඇමෙරිකා එක්සත් ජනපද සමාගම් වලට ඉරාකයේ තෙල් සම්පත හිමිව ඇත. හෙට ලිබියාවේ ඉරණමද එයම මිස අනෙකක් නොවේ.

එබැවින් මේ ඇමෙරිකා එක්සත් ජනපදය ,බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ඇතුළු අධිරාජ්‍යවාදීන් මිලේච්ඡු කි‍්‍රයා දාමය ලෝකයේ සියළු ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ පිළිකුලට ලක්විය යුතුය. අප සියලූ දෙනා මේ අධිරාජ්‍යවාදීන්ගේ රටවල් සූරාකෑමේ නග්න උන්මාදයට එරෙහිව නැගී සිටිය යුතුය.

එසේම අද මෙම අධිරාජ්‍යවාදීන්ගේ අතකොලූවක් වී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය, එහි සැබෑ අරමුණ වන ලෝක සාමය ස්ථාපනය කිරීම වෙනුවෙන් මෙහෙයැවීමට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිශේධ බලය හිමි රුසියාව හා චීනය මීට වඩා වැඩි මැදිහත් වීමක් සිදු කරනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙමු.

පහත සඳහන් සටන් පාඨද භාවිතා කරමින් උද්ඝෝෂකයන් විසින් එහිදී විරෝධයේ නිරත විය.

බන් කි මූන් - ලැජ්ජ නැද්ද
ලැජ්ජ නැද්ද - ලැජ්ජ නැද්ද
UN එක - පාව දෙන්න
ඔබාමාගෙ - සල්ලි වලට

ලිබියාවේ - තෙල් ගන්නට

ඇමරිකාව - මිනී මරයි
එංගලන්තෙ - මිනී මරයි
කැනඩාවත් - මිනී මරයි

UN එක - මර නින්දේ
පර සුද්දෝ - මිනී මරයි
තෙල් ගන්නට - මිනී මරයි
ලේ බොන්නට - මිනී මරයි

ලිබියාවට - පහර දෙන්න
බන් කි මූන් - අවසර දෙයි
බන් කි මූන් - පොන්න මූන්
ලැජ්ජ නැද්ද - පොන්න මූන්

ලිබියාවේ - ඇතුළෙ ප‍්‍රශ්න
ලිබියාවේ - විසඳන්නේ
ගඩාපිගේ - ආණ්ඩුවට
අපි දෙනවා - අපේ සහය

බන් කි මූන් - පොන්න රජා
ලැජ්ජා නැති - පොන්න රජා
ලෝක යුද්ධ - අවුළුවන්න
වැඩ කරනා - පිම්පි රජා
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
jnp_protest_againd_UN_01.jpg
 

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    yako koti apita gahanakotawath mun mehema gini thiya thiya udgoshana kare nahane anika libya kiyala liyanna ona ekata libiya kiyala liyala thiyenne:lol:
     
    Last edited:

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    libya kiyala liyala thiyenneth waradiyata.:lol:owa kara kiyala un minissu marana eka nawaththanne naha
    ඕකේ වැරැද්ද මෙහේ සිංහල ඔස්තාර් ලගේ. ඒ මිනිසුන් කියන්නේ ලිබියාව කියලනේ සිංහලෙන් නමුත් ඇත්තටම ඒක වෙන්න ඕනා. ලිබ්යා කියලයි.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඕකේ වැරැද්ද මෙහේ සිංහල ඔස්තාර් ලගේ. ඒ මිනිසුන් කියන්නේ ලිබියාව කියලනේ සිංහලෙන් නමුත් ඇත්තටම ඒක වෙන්න ඕනා. ලිබ්යා කියලයි.

    :yes:

    kohoma liwwath ekayi eka ganan ganna deyak newe
     

    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    එදා ඉරාකයේ සදාම් හුසේන්ට එල්ල කළ චෝදනා අද ලිබියාවේ ගඩාෆිට එරෙහිව එල්ල කරන ආමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍ය වාදීන් එදා ඉරාක ජනතාවට ලබා දුන්නේ කුමක්ද? ආක‍්‍රමණ හමුවේ දහස් සංඛ්‍යාත ඉරාක වැසියන්ට ජීවිත අහිමිවූ අතර ඇමෙරිකා එක්සත් ජනපද සමාගම් වලට ඉරාකයේ තෙල් සම්පත හිමිව ඇත. හෙට ලිබියාවේ ඉරණමද එයම මිස අනෙකක් නොවේ.
    මේක වීරමන්කිගේ තවත් පට්ටපල් බොරුවක්.ඉරාක රජය 2010 දි ඉරාකයේ සියලු තෙල් නිධි වසර 15ක් සඳහා විදේශ සමාගම්වලට වෙන්දේසි කරා.නමුත් එකම ඇමරිකානු සමාගමක් වත් මේ තෙල් නිධි වල කොන්ත්‍රාත් දිනා ගැනීමට අසමත් වුනා.මේක ඇමරිකානුවන් තෙල් සූරා කනවා කියන අයට කනේ පහරක් වුනා.තෙල් නිධි 10න් එකක්වත් ඇමරිකානුවන්ට ගියේ නැත.
    මේ තෙල් නිධි දෙකක් වසර 15 කට දිනා ගැනීමට චීන සහ රුසියානු සමාගම් දෙකක් සමත් වුනා.මේ අය මේ යුද්ධයට විරුද්ධ වුන අය.මේ වෙන විට ඇමරිකානු යුධ වියදම ඩොලර් බිලියන 1000ත් පැනලා.ඇමරිකානුවන්ට මේක ලොකු ණයක් විතරයි.වීරවංශ කියන ගොන් කතා කට පාඩම් කරගෙන ගිරවෙක් වගේ මෙතන කියන සුනිමල්ලගේ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ.
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow ban

    yako koti apita gahanakotawath mun mehema gini thiya thiya udgoshana kare nahane anika libya kiyala liyanna ona ekata libiya kiyala liyala thiyenne:lol:

    mulinma condem seen eka dan libiya seen eka ,okata mukuth ba ban.me ban sunimal vimalage hora shot ekak wage ban,muta kohenda me pics