“කුඹියෝ” ටීවී සිරිස්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes: පිටපත, ආකෘතියේ තියෙන වෙනස හා එකිනෙකා නොදෙවනි රංගනය තමයි කතාබහක් ඇති කරන්න හේතු වුනේ හොඳම දේ එකට එකතු කරගන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා සමාජ ජාලා මාධ්‍ය වල අවධානයට ලක්වුනේ කතාව තරුණ පිරිස අතරට ගිය නිසා

    කාපු තැන් වල මීපැණි ටිකක් ගාන්න එතකොට හරි ;););)

    ස්ක්‍රිප්ට් එකත් ලක්මාල්ගේ, අධ්‍යක්ෂනයත් ලක්මාල්ගේ...
    ලොවෙත් නෑ... :yes::cool:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    "අශෝක හඳගම, ජයන්ත චන්ද්‍රසිරි අභාසයේ හැදුණ වැඩුණ"
    කූඹියෝ නිර්මාතෘ ලක්මාල් කතාකරයි


    2.jpg

    "කුඹියෝ” ඉතා කෙටිකලක් තුළ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිවාරයක් දිනාගන් ටෙලිනාට්‍යයක්, සාම්ප්‍රදායික රාමුවෙන් මිදී ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට නව මානයක් හඳුන්වා දෙමින් නිර්මාණය වූ එහි අධ්‍යක්ෂවරයා ලක්මාල් ධර්මරත්න..... ඔහුගේ ආගමනය හා "කුඹියෝ” ගැන අප සමඟ කතාබහ කළා.....!

    ඔබ කවුද? කොහොමද කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ?

    මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නෙ තෙවන සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට. ඒ වෙනකොට මම හොඳ රැකියාවක් කරමින් හිටියෙ. නමුත් මට දැඩි ආශාවක් සහ උනන්දුවක් තිබුණේ මේක ඉගෙන ගන්න ඕන කියලා. අපිට ඉගෙන ගන්නා වෙන ආකාරයක් නැ. වැඩ කරලම් තමයි ඉගෙන ගන්න ඕන. ඒ නිසා මම රැකියාව අතහැරලා කලා ක්ෂේත්‍රයට ආවා. ඊට පස්දෙස මම සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට අශෝක හඳගම, ජයන්ත චන්ද්‍රසිරි කියන අධ්‍යක්ෂවරු යටතේ වැඩ කළා. මම ජයන්ත අයියත් එක්ක අවුරුදු දෙක තුනක් වැඩ කරා, ඊට පස්දෙස මම ප්‍රචාරක ආයතනයකට සම්බන්ධ වුණා. ඔය විදිහට මම ටිකෙන් ටික අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. මම විග්වාස කරන විදිහට අධ්‍යක්ෂණය කියන්නෙ කලාත්මක කටයුත්තකට වඩා විද්‍යාත්මක කටයුත්තක්, ඉතින් මම ඒ විදිහට හැදෑරීම හැකි උපරිමයෙන් කළා. ඊට පස්සෙ මගෙ පිටපත් රචකයා දෂිත මුණගැහුණා. ඔහුත් එයංගලන්තයේ චිත්‍රපට ගැන හදාරමින් සිටිය කෙනෙක්. අපි දෙන්නා එකතු වෙලා ඉතින් "කුඹයෝ" නිර්මාණයට අඩිතාලම් දැම්මා.

    ඔබගේ පළමු නිර්මාණය හැටියට ඇයි "කුඹියෝ" වගේ නිර්මාණයක් තෝරා ගත්තෙ?

    මම ඉස්සර ඉඳලම හිතපු දෙයක් තමයි ලෝකයේ සියලුම දේවල්වලට සමාන්තරව අපේ රටේ ඒ හැම් දෙයක්ම තියෙනවා. උදාහරණයක් විදිහට අද ලෝකයේ එළියට එන විලාසිතා, ඇඳුම් පැළඳුම්, සපත්තු සෙරෙප්පු, චිත්‍රපට හැම දෙයක්ම මෙහෙ තියෙනවා. නමුත් අපේ නිර්මාණකරණය විතරක් ලෝකයට සාපේක්ෂව ඉතා ප්‍රාථමික තැනක තියෙන්නෙන. මම හරි අවධානයකින් ඉන්නෙන මේ වෙලාවේ මොකක්ද ලෝකයේ වෙන්නෙ කියලා. ඉතින් මම හිතුවා ලෝකයට සාපේක්ෂව අපි නිර්මාණකරණයට පිවිසෙන්න ඕන කියලා. මොකද අපි ටෙලිනාට්‍යකරණයේදී ඉන්නෙ තාම අනුව දශකයේ ඉතින් අපිට ඕන වුණා ටෙලිනාට්‍යකරණය අද දවස දක්වා අරගෙන එන්න.

    ඔබ කිව්වා. අපි තවම ටෙලිනාට්‍යකරණයෙන් ඉන්නෙ අනුව දශකයේ කියලා. නමුත් බොහෝ අයගේ පිළිගැනීම අනුව දශකයේ තමයි හොඳම ඒවා ආවෙ?

    ඔච්. මම හිතන්නෙ මෙහෙමයි. ඕකට හේතුව අනුව දශකයෙන් පස්සෙ හොඳ නිර්මාණ බිහි වුණේ නෑ. අපි මෙහෙම හිතමු. උස ගොඩනැඟිල්ලක ඉඳලා අපි එළියට ඇවිල්ලා ආපහු බැලුවම් අපිට පේන්නෙ ඒ ගොඩනැගිල්ල විතරමයි. හැබැයි ඒ තව ගොඩනැගිලි නැති හින්දා. තව ගොඩනැගිලි තිබුණා නම් අපිට අර ගොඩනැගිල්ල විතරක් පේන්නෙ නෑ. ඒක තමයි අපිට වෙලා තියෙන්නෙ. මම හිතන්නෙ අපේ නිර්මාණාත්මක පරම්පරාව අනුව දශකයෙන් ඉදිරියට ගියේ නෑ. අනුව දශකයේ නවත්වපු තැනින් ටෙලිවිෂන් එක ඉස්සරහට ගියේ නෑ. එදා සහ අද අතර ලොකු නිර්මාණ හිඩැසක් තියෙනවා.

    "කුඹියෝ" රූගත කරලා බොහෝ කාලයක් බලාගෙන ඉන්න වුණා නේද?

    මම දැක්කා කෙනෙක් ලියලා තිබුණා "ලංකාවේ ඩෙනිම ඇඳපූ පළවෙනි කෙල්ල ගැන මට තියෙන්නෙ ආඩම්බරයක් කියලා” ඇත්තටම ඒක මාර දෙයක්නෙ, මොකද අපි ඩෙනිමට මාරු වෙන්න පරම්පරා දෙකක් විතර ගත්තා ඒ වගේම තමයි කුඹියෝ. මේ වෙලාවේ රටේ වෙළෙඳපොළ ඉල්ලපු දෙයක් නෙමෙයි කුඹියෝ, ඉතින් අපි ගත්තෙ අභියෝගයක්. මොකද මේ වෙලාවේ ප්‍රේක්ෂක වෙළෙඳපොළේ විකිණෙන්නෙ වෙන දෙයක් අලුත්ම දෙයක් වෙළෙඳපොළට දැමීමට යම්කිසි කාලයක් යනවා. ඒක විකිණෙන්න. මං හිතතනවා ඒ කාලය තමයි ඒ ගියේ, ඇත්තටම මටත් දමිතටත් වඩා ඒ අභියෝගය භාර ගැනීමේ කෘතගුණය හිමි වෙන්න ඕන නිෂ්පාදකතුමාට.

    වර්තමානයේදී නිර්මාණය විය යුතු යැයි ඔබ කියන ටෙලිනාට්‍යවල වටිනාකම රූපවාහිනි නාලිකා විසින් හඳුනාගෙන තියෙනවා කියලා ඔබ හිතනවද?

    ඒෙක දෙපැත්තක් තියෙනවා. නිර්මාණකරුවන්ගේ වගකීමක් තමයි රූපවාහිනී නාලිකා ඉදිරියේ කෙලින් හිටගන්න පුළුවන් නිර්මාණ බිහි කරන එක. ඒ වගේම රූපවාහිනී නාලිකා තේරුම් ගන්න ඕන ප්‍රේක්ෂකයා දැන් රූපවාහිනිය අත අරිමින් චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා වෙත නැඹුරු වෙමින් ඉන්නවා කියලා. ඉතින් මේ හිඩැස පුරවාගත්තෙ නැත්නම් ඉතා ඉක්මනින් රූපවාහිනී නාලිකා වඳ වී යෑමට නියමිතයි. එතකොට ප්‍රවෘත්ති විතරක් යන නාලිකා බවට පත්වෙයි. ඒ නිසා නාලිකා සියල්ලම් අලුත් හැඩතලයේ නිර්මාණවලට ඉඩ දිය යුතුමයි.

    ඒ කියන්නෙ වඳ වීමට නියමිත ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට නව මාවතක්ද කුඹියෝ.....?

    ඒක තීරණය වෙන්නෙ ඉස්සරහට මොකද වෙන්නෙ කියන එකත් එක්ක, සමහර විට "කුඹියෝ" හුදකලා උත්සාහයක් විදිහට ඉවර වෙන්න පුළුවන්, මීට කලිනුත් ඕන තරම් එහෙම වෙලා තියෙනවා. ඉතින් තවත් එක් හුදකලා උත්සාහයක් විදිහට ඉවර නොවෙන්න රූපවාහිනී නාලිකා සහ නිර්මාණකරුවෝ වගබලා ගන්න ඕන, විශේෂයෙන්ම නාලිකා හසුරුවන වගකිවයුතු පිරිස, එහෙම් කෙරුවොත් රටේ තියෙන කතාබහත් එක්ක ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ලොකු පිම්මක් පනින්න හැකි වෙයි.

    සාමාන්‍යයෙන් අපේ රටේ හොඳ නිර්මාණ බිහි වුණාට ඒවා රැලිවලට හසුවෙනවා. කුඹියොත් රැල්ලකට ගසාගෙන යයිද?

    එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒක එච්චර ලේසි නැ. මොකද අද පිටපත් රචනය අභියෝගාත්මක කටයුත්තක්. අනෙක් පැත්තෙන් මං හිතනවා හුග දෙනෙක් ලේසි පාර තෝරා ගනියි කියලා. මෙහෙම දේකට මහන්සි වෙනවට වඩා ලේසියි මොකක් හරි සරල ආදර කතාවක් කරන එක. ඒ නිසා "කුඹියෝ" රැල්ලට හසුවෙන එකක් නැ කියලා මට හිතෙනවා.

    කුඹියෝ තවත් "මෙගා ටෙලිනාට්‍යයකට" පරිවර්තනය වන නාට්‍යයක් නෙමෙයි නේද?

    කොහෙත්ම නැ. කොටස් 58 සියල්ල රූගත කරල ඉවරයි . මොන විදිහේ ඉල්ලීමක් ආවත් කුඹියෝ එතනිත් ඉදිරියට යන්නෙ නෑ.

    ඔබ රංගන ශිල්පීන් දෙකොටසක් මේ සඳහා යොදාගෙන තියෙනවා.

    අපි චරිතයක් ලියද්දීම කෙනෙක්ව හිතාගෙන ලියනවා. එතනදී ඒ චරිතයට වඩාත්ම ගැලපෙන කෙනා තමයි තෝරා ගන්නෙ. මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි ලංකාව වගේ රටක නළුවා හෝ නිළිය කියන්නෙ බුද්ධිමත් එකෙකුට. මොකද මෙහෙ පුහුණු රංගන ශිල්පීන් අඩුයි. එතකොට මොළේ තියෙන නිදහස් කෙනෙක් නම්, අධ්‍යක්ෂවරයාට පුළුවන් අවශ්‍ය චරිතය හදා ගන්න. ලෝකයේ හොඳම නළුවා ඉදිරියේදී වුණත් අධ්‍යක්ෂවරයාට ඒ අභියෝගය තියෙනවා. මම කෙරුෙව මට අවශ්‍ය මුහුණු ටික හොයාගන්න එක, හැබැයි ඒ මුහුණු බොහොමයක් තිබුණේ නෑ ජනප්‍රිය මුහුණු අතර ඉතින් අලුතෙන් මම ඒ මුහුණු හොයා ගත්තා. ඒ වගේම මට ඕන රංගනය ඒ අය ළග ඇතියි කියලා මං විශ්සවාස කෙරුවා.
    අනිත් කාරණාව මම විශ්වාස කරන්නෙ නෑ ජනප්‍රිය අය නිසා මිනිස්සු නිර්මාණ බලනවා කියලා. ඒකට හොඳම උදාහරණය තමයි ලෝකයම පිස්සුවෙන් වගේ නරඹන "ගේම් ඔෆ් ත්‍රෝන්ස්". ජනප්‍රිය වෙන්න ඕන නිර්මාණය සහ අන්තර්ගතය, නළු නිළියෝ නෙමෙයි.

    ආපසු හැරිලා බලද්දි "කුඹියෝ” ගැන මොකද හිතෙන්නෙ?

    ඇත්තටම මට හිතෙන්නෙ ඕනම කෙනෙකුට හිතෙන විදිහට අරම කරන්න තිබුණා මෙහෙම කරන්නයි තිබුණේ වගේ හැඟීමක්. නමුත් ප්‍රතිචාර සම්බන්ධයෙන් මම ඉතාම් සතුටු වෙනවා. ඒ වෙනුවෙන් ප්‍රේක්ෂකාගාරයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනියටත් ස්තුතිවන්ත වෙනවා. නිෂ්පාදකවරයා ඇතුළු අපි කණ්ඩායම හුගක් සතුටින් ඉන්නෙ. මොකද අපි මේක රූගත කරද්දිම හිතුවා මේක මිනිස්සු බලනවා. රටේම කතාබහ කරයි කියලා. ඉතින් එදා අපි හිතපු දේ අද ඇත්ත වෙලා තියෙනවා.

    මොනවද ඉදිරි නිර්මාණ?

    දැනට නම් මුකුත් අලුත් දෙයක් සැලසුම් වෙලා නැ. තවම කුඹියෝ පසු නිෂ්පාදන කටයුතුවල තමයි නිරත වෙලා ඉන්නෙ.

    - මාලක නන්දන(මීවිත)

    ants.jpg

    Source : Gossiplankanews
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,341
    12,609
    113
    Piliyandala
    සංවාධයට විවෘත්ත ත්‍රෙඩ් එකක් නේ.
    මේ කතාවට නම් මම කොහෙත්ම එකඟවෙන්නෙ නෑ මචං. ලක්මාල් ධර්මරත්නගේ හැකියාව, Striner Macklain Adams ගේ ඇස, අචල සොලමන්ස්ගේ සංගිතය, තුමිඳු, කලන, යුරේනි, තුසිත, සේනක ටයිටස් මහත්මයා මේ හැමෝගෙම හැකියාවන් එකතු වෙලා සෝෂල් මිඩියා වලට කතා කරන්න දෙයක් හදල දීලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. කූඹියෝ නැත්තම් සොෂල් මීඩියා වල කතා කරන්න දෙයක් නෑ කියලයි මම කියන්නේ.

    :yes::yes:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කුඹියෝ තවත් "මෙගා ටෙලිනාට්‍යයකට" පරිවර්තනය වන නාට්‍යයක් නෙමෙයි නේද?

    කොහෙත්ම නැ. කොටස් 58 සියල්ල රූගත කරල ඉවරයි . මොන විදිහේ ඉල්ලීමක් ආවත් කුඹියෝ එතනිත් ඉදිරියට යන්නෙ නෑ.

    :D:D

    11.gif
    11.gif


    Breaking Bad වගේ කතාවේ උපරිමේටම ආවම කතාව නවත්තන්න ඕනි. :yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පසුබිම් සංගීතය නම් අදික ලෙස වැඩිය..
    අඩු එළියක් පසුතල වල තියෙන්නේ.....

    නාට්ටියේ සමහර දේවල් තර්කානු කුල නොවුනත් (ප්‍රියන්තගේ රස්සාව ලියුමකින් දැනුම් දීම, වගේ) ජෙහාන් කොන් අර්ටිස් කෙනෙක් නිසා ඒක මෙහෙම වෙන්න ඇති කියල හිතා ගන්නව.... කතාව දැන් දැන් හිත ගන්න පුළුවන් මේ වෙන කතා බහ දිහා බැලුවම.... විශේෂයෙන් එළකිරියේ... ලක්මාල් වත් හිතපු නැති විදිහට ඉතා සියුම් දේවල් පවා ප්‍රේක්ෂකාගාරයෙන් ම කතා බහට ලක්වන නාට්ටියක් මම හිතන්නේ ලංකාවේ බිහි උනාමයි... සෝෂල් මිඩියා නොතිබෙන්න් මේකත් නෑ......


    සෝෂල් මීඩියා නැත්නම් මේ තරම් කතා බහක් ඇති වෙන්නේ නෑ කියන කතාව වෙන්න ඕනේ මේ කියන්නේ (එහෙම නැතුව ව්‍යංගයෙන් සෝෂල් මීඩියා සපෝට් බලාගෙන කූඹියෝ හැදුවා කියලා නෙවෙයිනේ )

    සෝෂල් මීඩියා වල කතා බහක් එහෙම නැත්නම් වයිරල් සීන්ස් ඇති වීම කූඹියෝ නිර්මාණය අවසාන කොට කාලයකදි විකාශය සමග ඇතිවන්නක්..
    කවුරුවත් අනේ කූඹියෝ පෙන්වන්නේ කවද්ද කියල ඇඟිලි ගැන්නේ නෑ..

    ඇත්තටම උනේ ටීවී බලන සීමිත පිරිසක් නැරඹූ ට්‍රේලර් එක හරි එපිසෝඩ් එක දෙක හරි දැකලා එයාලට ලැබුණු ප්‍රහර්ෂය මීඩියා වලට මුදා හැරීම නිසා එකිනෙකා දැනුවත්වී කුතුහලයට එපිසෝඩ් බලමින් එන්න එන්න ප්‍රේක්ෂකාගාරය පිරීම.

    ඒක බොහොම බාල ඝනයේ මාර්කටින්ග් ට්‍රික් එකක් විදියට අදහස් කරවනවා "සෝෂල් මීඩියා නැත්නම් කූඹියෝ නෑ " කතාවෙන්.
    එහෙම කිවයුතු නිර්මාණ ඕන තරම් ඇති.
    පෞද්ගලික මතය සත්‍යය අතික්‍රමණය වී අසාධාරණයට ලක් නොකරන්න වග බලාගන්න.
    :)
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :yes: පොඩි ටකරන් සංගීත ගතියක් තියෙනවා :yes: හොරනෑ පිඹිනවා වගේ වෙලාවකට
    Matath eke music upset, theme song ekath awul, u kaagahanawa koobiyoooo kiyala........ :lol::lol: anith eka lead guitar da manda kana keen gaana guitar saddayak danawa epa wenna. Koombiyo eke ekama awula matanam music thama, anith hama deyakma wage supiri.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Matath eke music upset, theme song ekath awul, u kaagahanawa koobiyoooo kiyala........ :lol::lol: anith eka lead guitar da manda kana keen gaana guitar saddayak danawa epa wenna. Koombiyo eke ekama awula matanam music thama, anith hama deyakma wage supiri.


    sapekshayi itin. eeye episode eke thama mata nam oya sound aula aawe. anika camerawa eka digata karakewwa. TV eke neweine balanne. lap ekene. kerakilla aawa.
    mama nam e music train sadde wage ewata kamaty.
    eeye episode eke witarai too much aulak aawe. debas ahenne netuwa :)
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    පසුබිම් සංගීතයට සින්දුව :-)angry::angry:) දාන්නේ නැතුව ඒ ඒ අවස්ථාවට උචිත සංගීත කොටස් දැම්මනම් තමා හොද.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පසුබිම් සංගීතයට සින්දුව :-)angry::angry:) දාන්නේ නැතුව ඒ ඒ අවස්ථාවට උචිත සංගීත කොටස් දැම්මනම් තමා හොද.


    :D
    dan itin edit karalath iwarai
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Thread ekak arimu ekatat.. :D

    :yes::yes: සෙනසුරාදා ඉරිදා 8-9 කුඹියෝ-සහෝදරයා යනකොට කොහොමද ගැම්ම :):) සහෝදරයාගේ ප්‍රධාන චරිතය මගේ කැමතිම ටෙලි නලූවා රෝෂාන් රවීන්ද්‍ර ඉන්නේ අනෙක් පැත්තේ රොෂාන් එක්ක ඉන්නේ තුමිඳු මේ වගේ නලූවෝ දෙන්නෙක් එකට රඟපානවා කියන්නේ ආයෙත් කියලා වැඩක් නෑ :love::love: උඹ දාපන් ත්‍රේඩ් එක අපි සපෝට් එක දෙන්නම් ;)
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    සමහරවිට කලින් බැංකු රොබරියේදි හිරුණිගේ BF මැරෙනවා,
    ඒකේ Revenge එක ගන්න මේකට එන්ටර් වෙනවා !!
    :rolleyes::rolleyes: :P

    hammata ekath loweth patta theory eka:yes:
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    :yes::yes::yes: යුරේනිගේ රගපෑමේ එහෙම ලොකු අවුලක් මටත් පෙන්නේ නැහෑ :D ඇත්තටම ඒ චරිතේ යුරේනිගේ සාමන්‍ය හැසිරිමට ගොඩක් සමානයි ;);) මම හිතන්නේ ඒක හින්දා තමයි යුරේනිව මේ චරිතයට ගන්න ඇත්තේ මුලින් මේ චරිතේ කරන්න කැමති වෙලා නැහෑ අධ්‍යක්ෂක සෑහෙන ට්‍රයි කරලා තමයි මේ චරිතය කරන්න කැමති කරගෙන තියෙන්නේ :P හැබැයි ගොඩක් දෙනාට තියෙන්නේ යුරේනි එක්ක තියෙන්නේ වෙනම ඇරියස් එකක් :lol::lol::lol:

    ඒක තමයි බන්. ඒකිගෙ පර්සනල් ලයිෆ් එක මොකක් උනත් මේ චරිතෙට සාධාරනයක් කරනවා. ඒක කිව්වා කියලා යුරේනිගෙන් පුක්ශනය වුන එකෙක් මගෙ රෙප් කපලා. :lol: යුරේනිට *ක දීපන් කියලා. :confused:
    ඌට කියන්න තියෙන්නේ උඹට එහෙම දුන්නම ආතල් උනාට මට එහෙම නැ කියලා. ඒකිට මගෙ *ක දුන්නා කියලා ඒකිට වත් මට වත් සත 5ක් ෆන් එකක් නැ.
    නම නැතුව රෙප් දීපු බුවාට තැන්ක්ස් කිව්වා.

    සිරාවට:yes::yes:

    එකටනම් ඇඩුනා බං :(:(

    :cool::yes:
     
    • Like
    Reactions: HSW

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    :yes::yes: සෙනසුරාදා ඉරිදා 8-9 කුඹියෝ-සහෝදරයා යනකොට කොහොමද ගැම්ම :):) සහෝදරයාගේ ප්‍රධාන චරිතය මගේ කැමතිම ටෙලි නලූවා රෝෂාන් රවීන්ද්‍ර ඉන්නේ අනෙක් පැත්තේ රොෂාන් එක්ක ඉන්නේ තුමිඳු මේ වගේ නලූවෝ දෙන්නෙක් එකට රඟපානවා කියන්නේ ආයෙත් කියලා වැඩක් නෑ :love::love: උඹ දාපන් ත්‍රේඩ් එක අපි සපෝට් එක දෙන්නම් ;)

    Sirawata patta naluwo denna. :love: Niyameta thiyewi.
    Thread ekak maintain karanna welawak na machan mehema set unoth arenna. :sorry::sorry:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒක තමයි බන්. ඒකිගෙ පර්සනල් ලයිෆ් එක මොකක් උනත් මේ චරිතෙට සාධාරනයක් කරනවා.
    :cool::yes:
    Taxi එකෙන් බැස්ස වෙලාවේ තරහගිය part එක එහෙම ලස්සනට කරනවා. ඒ වෙලාවේ ඇස් දෙක වේගෙන් එහෙ මෙහෙ යන හැටි එහෙම මරු.
     
    • Like
    Reactions: Marmite

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    CID එක ගේමට බැහැලා ඉන්න එකේ ජෙහාන්ගේ ජාතකේම එලියට අදියි වගේ. CID එක ඇත්ත ජීවිතෙත් දෙයක් ගැන හොයන්ඩ ගත්තහම අදාල පුද්ගලයා අදාල දවසේ හිටියේ කොහෙද, ඇඳන් හිටපු ඇඳුම මොකක්ද වගේ දේවල් පවා හොයාගන්නවා කියලා අහලා තියෙනවා. දැනටමත් පරණ game වල connections ටික හොයන් වගේ කතාවෙන් තේරෙන විදියට.