“සේයා මැරුවේ මම නෙමෙයි…පොලිසියෙන් මරයි කි&#351

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    “සේයා මැරුවේ මම නෙමෙයි…පොලිසියෙන් මරයි කි&#351

    Puluwannam iwara wenakam kiyawanna


    කොටදෙණියාව අකරන්ගහ ගමේ විසූ සේයා සදෙව්මි නම් වූ පුංචි පැටික්‌කිය කිසියම් නරුමයකු විසින් තලා පෙලා මරා දැමීය.
    මේ හමුවේ විමර්ශන පැවැත්වූ ශ්‍රී ලංකා පොලිසිය මෙරට සිටි කීර්තිධර සියලු ගත් කතුවරයන් පරයා යමින් දැන් ත්‍රාසය භීතිය පිරි ඉතිහාසයේ දැවැන්තම නවකතාව ලියා අවසන්ව ඇත.
    ඉන් නොනැවතුනු පොලිසිය එකී කතාව තිර නාටකයක්‌ බවට පෙරලා සමාජය ඉදිරියට ගෙන එන්නටද කටයුතු කළේය. එහිදී කතාවේ එන දුෂ්ටයාගේ චරිතයට පණ පෙව්වේ ධර්ම චක්‍රය උර පැළඳි කොටදෙණියාව පොලිසියේ ඕඅයිසී ඇතුළු පොලිස්‌ පැටව් ටික බව මේ වන විට රටම දන්නා කතාවකි.
    ඉදින් රූපගත කෙරුණු පොලිස්‌ කතාවට අනුව දුෂ්ටයෝ එසේ හතර කොන පැන රඟද්දී සමාජය ඉදිරියේ ආත්ම ඝාතනයකට ලක්‌ වෙමින් දහහත් හැවිරිදි පාසල් ශිෂ්‍යයකුගේ සහ එක්‌ දරු පියකුගේ අනාගතය වැනසී යන්නට විය.
    එහිදී හදවත ගිනියම් වී කඳුළු සැලුවෝ එකී පාසල් ශිෂ්‍යයාගේ මව සහ එක්‌දරු විවාහකයාගේ බිරිඳ, ඥතීහු ඇතුළු අවශේෂ චරිත වූහ. මෙසේ දුක සහ කඳුළ ඉස්‌මතු වෙද්දී පොලිස්‌ නාටකයේ සදොස්‌ තැන් නිදොස්‌ කරමින් රට ඉදිරියේ එය සංස්‌කරණය කරන්නට ඇතැම් තුට්‌ටු දෙකේ පොලිස්‌ ලොක්‌කන් නින්දිත උත්සාහයක යෙදුණු අන්දමද ප්‍රේක්‌ෂක අපි දුටුවෙමු.
    පොලිස්‌ ලොක්‌කන්ගේ එකී උත්සාහයන් හමුවේ ප්‍රේක්‌ෂකයා අන්ද මන්ද වූයෙන් මේ පොලිස්‌ නාටකයේ සංස්‌කරණය නොකළ කතාව කුමක්‌දැයි දැන ගැනීමේ වුවමනාවක්‌ අපට තිබිණි. ඒ සේයා සදෙව්මි ඝාතනය හමුවේ දිගහැරෙමින් තිබූ පොලිස්‌ නාටකය හේතුවෙන් වරින් වර රටේ ප්‍රේක්‍ෂකයන් හෙවත් ජනතාවද ගැලරියට ඇද වැටෙමින් සිටින වග අපට පෙනී ගිය නිසාය.
    ඉතින් අපි එය සොයා ගියෙමු. එහිදී අප ඉදිරියේ එහි දර්ශන පෙළ ඇතිව හා නැතිව පොලිස්‌ ලොක්‌කන් සංස්‌කරණය නොකළ පොලිස්‌ නාටකය දිගහැරෙන්නට විය. එහි කිසිදු වෙනසක්‌ නොකොට අපි එය ඔබට ඉදිරිපත් කරන්නෙමු. ඒ ගිනස්‌ පොතට යා යුතු පොලිසියේ කතා ගෙතීමේ දක්‍ෂතාව සහ සැබෑ නිරුවත අවබෝධ කරගනු පිණිසය.
    ස්‌ථානය මිනුවන්ගොඩ අධිකරණය. දිනය 2015-10-01. ලෝක ළමා දිනය යෙදුණු දවස.. පොලිස්‌ නාටකයේ දුෂ්ටයන් වූ කොටදෙණියාව පොලිසියේ ඕඅයිසී සහ පොලිස්‌ පැටව් බලා සිටියදී එකී දුෂ්ටයන් නිසා ආත්මය වැනසුණු පාසල් සිසුවා සහ විවාහකයා අධිකරණයට රැගෙන එයි.
    ඔවුන් මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියට පමුණුවයි. “ස්‌වාමීනී.. සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ ජාන විද්‍යා පරීක්‍ෂණයට අනුව මේ පාසල් සිසුවා සහ විවාහකයා ඊට සම්බන්ධ නැති බවට තහවුරු වී තිබෙනවා..” සීඅයිඩීය විනිශ්චයකාරතුමාට කරුණු දක්‌වයි..
    “එසේ නම් ඉදිරිපත් වූ කරුණු අනුව ඔවුන් දෙදෙනා මෙම නඩුවෙන් නිදහස්‌ කරනවා.. කොටදෙණියාව පොලිසියේ කටයුතු නිසා මෙම විමර්ශන මුල සිටම අවුල් වී තිබෙනවා.. එනිසා සියලු පරීක්‍ෂණ මෙතැන් සිට රහස්‌ පොලිසියට භාර කරනවා..”
    මහෙස්‌ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශ කරනු ලබයි. දින දහතුනක්‌ තිස්‌සේ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටිමින් නොකළ වරදකට දඬුවම් විඳි තරුණයා සහ පාසල් සිසුවා ලද නිදහසෙන් සතුටට පත්ව අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණෙති. නිදහස හිමි වූ ඔවුන් දෙදෙනාගේ මුහුණු ආවරණය කර රථයකට නංවා ගන්නා කිහිප දෙනකු ඔවුන්ව අධිකරණ භූමියෙන් පිටතට ගෙන යනු ලබයි.
    ….දැන් දර්ශන තලයේ වෙනසකි…
    ස්‌ථානය කොටදෙණියාව අකරන්ගහ ප්‍රදේශයේ නිවසකි. නිදහස හිමිවූ පාසල් සිසුවාගේ මව සහ විවාහකයාගේ බිරිඳ මෙන්ම ඔහුගේ සහෝදරියක ඒ නිවසේ සිටියි. පොලිසියක මන්දබුද්ධික බව නිසා මෙතෙක්‌ තමන්ට මෙන්ම පවුලේ සියලු දෙනාට විඳින්නට වූ අපහාසයන් වේදනාවන් ඔවුහු කඳුළු බවට පත් කර දිය කර හරිමින් සිටිති.
    මේ අතරේ පොලිස්‌ කතාවට අනුව දුෂ්ටයාගේ චරිතයට පණදුන් කොටදෙණියාව පොලිසියේ ඕඅයිසී ඇතුළු පොලිස්‌ පැටවුන්ට මැදිවී ආත්ම ඝාතනයකට ලක්‌ව අවසානයේ අධිකරණයෙන් නිදහස හිමි වූ පාසල් සිසුවා සහ එක්‌ දරු විවාහකයා ඒ නිවසට පැමිණෙති.
    “අපි ලොකු ටි්‍රප් එකක්‌ ගියා.. ගියා නෙමේ කොටදෙණියාව පොලිසියේ මහත්තුරු අපිව එක්‌කගෙන ගියා.. නිවසට පැමිණි ඔවුන් දෙදෙනා සිනහමුසුව එසේ පවසන අතරේ පුටුවක වාඩි වෙමින් සංස්‌කරණය නොකළ ඒ පොලිස්‌ කතාව දිගහරින්ට සැරසේ..”
    අසල්වැසියන් මෙන්ම ඥතීන් ඇතුළුව මෙකී පොලිස්‌ කතාව අසා දැන ගැනීමේ පිපාසයෙන් ඒ නිවසට රැස්‌ව සිටින්නෝ බොහෝ වෙති. ඒ අතරේ දහහත් හැවිරිදි පාසල් සිසුවා වන සුරංජිත් සියල්ලන්ටම ඇසෙන්නට කතාව ඉදිරිපත් කිරීම අරඹයි..
    “එදා සැප්තැම්බර් 16 වැනිදා.. මම නිවසේ නිදාගෙන හිටියේ.. උදේ නවයට විතර පොලිසියේ මහත්තුරු කට්‌ටියක්‌ ගෙදරට ආවා.. ඇවිත් මගේ අම්මටත් බැනලා මාව කාමරයකට දාගෙන ප්‍රශ්න කරන්න පටන් ගත්තා.. ඒ ආපු අය මට කුඩුකාරයා කියලා බැන්නා.. තෝ කුඩු ගහනවා නේද කියලා කාමරය සම්පූර්ණයෙන්ම අවුස්‌සලා ඊයම් කොළ හෙව්වා..
    පස්‌සේ ඔවුන් මගේ ලැප්ටොප් එක අරගෙන මගෙන්ම අහගෙන එකේ තියෙන දේවල් බැලුවා.. එහෙම බලනකොට මම “ෙµaස්‌ බුක්‌” එකේ තිබිලා මගේ මිතුරන් අතරේ ෂෙයා කරපු සේයා නංගිගේ පිංතූරයක්‌ ඔවුන් දැකලා ඒ පිංතූරේ ලැප් එකේ දාගෙන හිටියේ මොකටද කියලා මගෙන් ඇහුවා..
    මම කිව්වා ඒක මම දාගත්ත එකක්‌ නෙමේ ෙµaස්‌ බුක්‌ එකේ තිබුණේ කියලා.. ඒත් පොලිසියේ අයට ඒක තේරුණේ නැහැ.. ඔවුන් හිතුවේ මම ඒ පිංතූරය අරගෙන දාගෙන ඉන්නවා කියලා.. ඔවුන් අම්මටයි මටයි ගෙදරදි බැණ වැදුණා.. එවෙලේ අම්මගේ ඇස්‌ දෙකේ කඳුළු පිරිලා.. ඒක දැකලා මටත් ඇඬුණා..
    මගේ අම්මා ගෙදරට ආපු පොලිසියේ මහත්තුරුන්ට කිව්වා මගේ පුතා වරදක්‌ කරන කෙනෙක්‌ නෙමේ කියලා.. ඒත් ඔවුන් ඒවට කන් දුන්නේ නැහැ.. අන්තිමේ ඔවුන් මාව ත්‍රීවීල් එකක දාගෙන අරගෙන ගියා.. ඒ අරගෙන ගියේ පොලිසියට නෙමේ.. කාමරයකට.. එතැනට ගෙනිච්චට පස්‌සේ ඒ නිලධාරින් මට හොඳටම පහර දුන්නා.. මාව සම්පූර්ණයෙන්ම නිරුවත් කරලා ඡායාරූප ගත්තා..
    “දණගස්‌සවලා මට පහර දුන්නේ.. පහර දෙන අතරේ කිව්වා සේයා නංගිව මරපු හැටි කියපන් අපි ඔක්‌කොම දැනගෙන ඉන්නේ කියලා.. මට කියන්න දෙයක්‌ තිබුණේ නැහැ.. මම කිව්වා කිසි දෙයක්‌ දන්නේ නැහැ කියලා.. එහෙම කියනකොට තව තවත් පහර දුන්නා..
    “එතනදී ඔවුන් මට කිව්වා “උඹලගේ ගෙවල් ළඟ ඉන්න පැතුම්ව අපි අරන් ඉන්නේ. ඌව පෑලියගොඩ පොලිසියට ගෙනිහින් ගහනකොට හැම දෙයක්‌ම කිව්වා.. ඒ නිසා උඹත් දැන් වරද භාර අරගෙන ඇත්ත කියපන් කියලා..” මම දිගින් දිගටම කිව්වේ “සර් මම කිසි දෙයක්‌ දන්නේ නැහැ කියලා..
    “පස්‌සේ එදා පොලිසියේ අය මාව දාල හිටිය කාමරයෙන් අරගෙන ඇවිත් පොලිසියේ කූඩුවට දැම්මා.. මගේ අම්මා මාව බලන්න ආවත් අම්මට එන්න දුන්නේ නැහැ.. කැත විදිහට බැනලා අම්මව එලවනවා මට ඇහුණා..
    “එහෙම පොලිස්‌ කූඩුවේ දාලා ඊට පහුවැනිදා මාව සීඅයිඩී එකට භාර දුන්නා.. සීඅයිඩී එකේ කලු මහත කෙනෙක්‌ මාව කොටදෙණියාව පොලිසියේ කොන්µරන්ස්‌ හෝල් එකේ දණ ගස්‌සලා හොඳටම ගැහුවා.. ගහන ගමන් කිව්වෙම ඇත්ත කියපන් කියලා.. මම කිව්වා කිසිම දෙයක්‌ දන්නේ නැහැ කියලා.. ඒ ඇරෙන්න මට කියන්න දෙයක්‌ තිබුණේ නැහැ.. මගෙන් සීඅයිඩී එක ප්‍රශ්න කරන අවස්‌ථාවේ තමයි මම දැක්‌කේ කැලුම් අයියවත් ගෙනත් ඉන්නවා.. එයාටත් හොඳටම පහර දුන්නා..
    “පස්‌සේ සීඅයිඩී එකෙන් මගේ ප්‍රකාශයක්‌ අරගෙන ආයෙත් පොලිස්‌ කූඩුවට දැම්මා.. මාව පොලිසියට අරගෙන ගිය දවසේ රෑ ඒඑස්‌පී කියල කියපු මහත්තයෙක්‌ ඇවිත් අමු තිත්ත කුණුහරුපෙන් මට බැන බැන මගේ නිරුවත් පිංතූර ගත්තා.. ඇයි පොලිසිය මට ඒ විදිහට සැලකුවේ.. මම කරපු වැරැද්ද මොකක්‌ද?
    “මේ හැම දේම කරලා 19 වැනිදා අපිව උසාවියට අරගෙන ගියා.. ඒ වෙනකොට පොලිසිය තේරුම් අරගෙන හිටියා අපි මේකට සම්බන්ධ නැහැ කියලා.. ඒත් ඔවුන් අපිව නිදහස්‌ කළේ නැහැ.. උසාවි දාලා රිමාන්ඩ් කළා..
    මම ලබන අවුරුද්දේ උසස්‌ පෙළ විභාගයට ලියන්න හිටියේ.. ඒත් දැන් මම කොහොමද මේ සිද්ධිය නිසා සමාජයට මුහුණ දෙන්නේ.. මගේ අම්මා මාව හැදුවේ තාත්තත් නැතුව.. අම්මා ගොඩාක්‌ දුක්‌ වින්දා මාව මෙතෙන්ට ගේන්න.. ඒත් අද මට විතරක්‌ නෙමේ අම්මටත් පාරේ බැහැල යන්න බැරි තත්ත්වයක්‌ උදා වෙලා.. මගේ අම්මා ගැන මට තියෙන්නේ ලොකු වේදනාවක්‌..
    “අද අපි නිදහස්‌ කියලා මුළු ලෝකයටම ඇහෙන්න කෑ ගහලා කිව්වත් කවදා හරි දවසක මම පාරේ යනකොට දකින කෙනෙක්‌ මාව හඳුන්වන්නේ “අර යන්නේ සේයා මරපු එකට හිරේ ගිය” ළමයා කියලා නෙමෙයිද? ඇයි පොලිසිය මගේ ජීවිතයට මේ වගේ අපරාධයක්‌ කළේ..
    “මම මේ රටේ පොලිසියෙන් ඉල්ලන්නේ එකම එක ඉල්ලීමයි. අනේ ආයේ කවදාවත් මට කළා වගේ කිසිම තරුණයකුගේ ජීවිතය, අනාගතය මේ විදිහට විනාශ කරන්න එපා.. මගේ අනාගතය මොනවගේ වෙයිද කියන්න බැහැ.. ඒත් මම උත්සාහ ගන්නවා හොඳින් විභාගය පාස්‌ වෙලා හොඳ පුරවැසියෙක්‌ විදිහට රටට සමාජයට වැඩක්‌ කරන්න..”
    විටෙක කඳුළු සලමින් සිය මෑණියන් දෙස අසරණව නෙත් යොමන අතරේ දාහත් හැවිරිදි පාසල් සිසුවා ඒ කතාව නිම කිරීමත් සමග කුඩා දැරියකගේ පියකු වූ කැලුම් අත්තනායක එහි ඉතිරි කොටස අරඹයි.
    “මම එදා හිටියේ ගෙදර කාමරයේ බිරිඳයි දරුවයි එක්‌ක නිදාගෙන.. සේයාගේ අවසන් කටයුතුවලටත් සහභාගි වෙලා ඇවිත් මම නිදාගෙන හිටියේ.. පාන්දර 2.00 ට විතර කොටදෙණියාව පොලිසියේ ඕඅයිසි අපේ ගෙදරට ආවා.. ඇවිත් මට කිව්වා කමිසයක්‌ දාගෙන එන්න පොඩ්ඩක්‌ එළියට යමු කියලා.. මම ගියා..
    “එළියට එනකොටම විස්‌සක විතර පොලිස්‌ නිලධාරින් පිරිසක්‌ මාව වට කළා.. මම දැක්‌කා ඈතින් ජීප් එක තිබෙනවා.. පස්‌සේ ඕඅයිසී මාව ජීප් එකට නැග්ගුවා.. ජීප් එක්‌ට නැග්ගා විතරයි එකපාරට දුවගෙන ආපු සුදු තට්‌ටය තිබෙන පොලිස්‌ නිලධාරියෙක්‌ බෙඩ් ෂීට්‌ එකක්‌ මගේ ඔලුවට දාලා තද වෙන්න බැන්දා.. කිසි දෙයක්‌ පෙන්නේ නැහැ..
    “දැන් ජීප් එකේ මාව අරගෙන යනවා.. ඒ යන අතරේ පොලිසියේ අය මගේ බෙල්ල මිරික මිරික කියනවා තෝව අද මරනවා ඒ නිසා සේයාව මරපු විදිහ කියපන් කියලා.. ඔවුන් මාව අරගෙන ආවේ කාමරයක්‌ වගේ එකකට. එතැනට ගෙනත් මගේ ඇඳුම් ඔක්‌කොම ගලවලා දැන් කියපන් ළමයා මැරුවේ කොහොමද කියලා අත් පිටිපස්‌සට තියලා බැඳලා බාල්කයක එල්ලලා මට හොඳටම ගැහුවා..
    “එහෙම ගහනකොට මගේ පිට කොන්ද මොනවද වුණා.. ඒ වේදනාව ඉවසගන්න බැරුව ගියා.. ඒවෙලේ මම කෑගහලා අඬලා කිව්වා මගේ කොන්දට මොනවද වුණා.. මම වරදක්‌ කරපු කෙනෙක්‌ නෙමේ මාව බිමට ගන්න කියලා.. ඒත් උන් මට මාරුවෙන් මාරුවට ගැහුවා.. ගහලා පැය භාගයකට විතර පස්‌සේ ඔවුන් මාව බිමට ගත්තා..
    “ඒ වෙලාවේ එතනට පොලිසියේ ඕඅයිසී මහත්තයා ආවා.. ඇස්‌ පේන්නේ නැහැ.. එත් මම කටහඬින් ඕඅයිසී ආවේ කියලා අඳුර ගත්තා.. ඒවෙලේ මම කිව්වා “සර් මගේ අත්දෙක පණ නැහැ මගේ අත් ලිහන්න කියන්න කියලා.. පස්‌සේ අත් දෙක ලිහලා කාමරයේ තිබුණු ඇඳකට අල්ලලා මට මාංචු දැම්මා.. ඒත් මගේ ඇස්‌ ඇරියේ නැහැ.. පහුවදා උදේ 10.30 ට විතර තමයි මගේ ඇස්‌ බැඳලා තිබුණු රෙද්ද ගැලෙව්වේ.. එදා රෑ මාව පොලිසියට අරගෙන ආවා..
    “එහෙම අරගෙන ඇවිත් පහුවෙනිදා සීඅයිඩී එකට භාර දුන්නා.. සීඅයිඩී එකේ අයත් මාව කාමරයකට අරගෙන සේයා මැරුව විදිහ කියපන් කිය කියා හොඳටම ගැහුවා.. එක වෙලාවක මගේ කටට පිස්‌තෝලයක්‌ දාලා දැන් තෝව මරනවා ඇත්ත පිළිගනින් කියලා තද කළා.. ඒකෙන් දවස්‌ දෙකක්‌ යනකම් මගේ උගුර තුවාල වෙලා වතුර ටිකක්‌වත් බොන්න බැරුව ගියා.. මට බිරිඳයි දරුවයි මතක්‌ වුණා.. මිනිස්‌සු ඒ දෙන්නට කරදරයක්‌ කරයි කියලා විශාල බයකුත් හිතට දැනුනා..”
    ඔහුගේ හඬ හැඬුම්බර වෙයි. මොහොතක්‌ සිට යළි කතාව කියයි.
    “මට කොච්චර ගැහුවත් කියන්න දෙයක්‌ තිබුණේ නැහැ.. පස්‌සේ හැමෝටම තේරුම් ගියා අපි සේයා මරපු එකට සම්බන්ධ නැහැ කියලා.. සීඅයිඩී එකෙන් මට ගහනකොට තමයි මම දැක්‌කේ සුරංජිත් මල්ලිවත් තව තැනක බිම දණගස්‌සලා පහර දෙනවා..
    “මේ විදිහට හොඳටම ගහලා බැරිම තැන ඔවුන් අපිව 19 වැනිදා උසාවි දාලා ජාන පරීක්‍ෂණයක්‌ කරන්න ඕනේ කියලා 28 වැනිදා වෙනකම් රිමාන්ඩ් කළා.. අපිව බන්ධනාගාරයට ගෙනියනකොට අනිත් හිරකාරයෝ අපි දෙන්නව මරන්න සූQදානම් වෙලා හිටියේ.. මොකද ඒ වෙනකොට මාධ්‍ය මගින් අපි දෙන්නව වැරදි කාරයෝ කරලා ඉවරයි..”
    ඔහු යළිත් හැඬුම්බර වෙයි. ඒ අතරේ මෙසේද කියයි. “මම මේ රටේ මාධ්‍යවලින් ඉල්ලනවා කවදාවත් පොලිසිය කරන පාපකර්ම වැඩවල හවුල්කාරයෝ වෙන්න එපා කියලා.. බන්ධනාගාරයට ගියාට පස්‌සේ තමයි දැන ගත්තේ ඒකෙ ඇතුළේ ඉන්න හුඟක්‌ අය පොලිසිය නිසයි හිරේ දුක්‌ විඳින්නේ කියලා.. මේ රටේ පොලිසියේ ඉන්නේ ඒ තරම්ම පව්කාරයෝ ටිකක්‌..
    “අපිව බන්ධනාගාරයට ගෙනිච්චට පස්‌සේ දැම්මේ තරුණයන් රඳවලා ඉන්න වයි.ඕ. වාට්‌ටුවට. සේයා මරපු එකට කොණ්‌ඩයව ගෙනාවට පස්‌සේ තමයි අපිව ඒකෙන් එළියට අරගත්තේ.. ඒ වෙනකොට ඇතුළේ අය වටහාගෙන තිබුණා අපි වැරදි නැහැ කියලා.. ඒ නිසා ඔවුන් අපි දෙන්නට හැම පහසුකමක්‌ම සලසලා දුන්නා.. මීගමුව බන්ධනාගාරයේ නිලධාරිනුත් අපිට හොඳින් සැලකුවා..
    “කොණ්‌ඩයා කියලා කෙනෙක්‌ අකරන්ගහ ගමේ හිටියා කියලා අපි දැන ගත්තෙත් එයාව බන්ධනාගාරයට ගෙනාවට පස්‌සේ.. කවදාවත් එයාව ගමේදී දැකලා තිබුණේ නැහැ.. ඒත් කොණ්‌ඩයා ගෙනල්ලා සතියකට විතර පස්‌සේ ඇතුළේ අය කිව්වේ එයත් ළමයා මරපු එකට සම්බන්ධ නැහැ කියලා.. ඒක බන්ධනාගාරය ඇතුළේ මේ වෙනකොට ලැව් ගින්නක්‌ වගේ යන කතාවක්‌..
    විවාහකයකු වූ කැලුම්ද කතාව නිම කරයි. යළිත් මේ පොලිස්‌ නාටකයේ දර්ශන තලය වෙනස්‌ වෙයි…
    කොණ්‌ඩයා මීගමුව බන්ධනාගාරයේ සිර මැදිරියක රඳවා සිටියි. ඒ අතරේ පොලිසියේ ලොක්‌කෙක්‌ කාටදොa කොණ්‌ඩයා ගැන පැහැදිලි කිරීමක්‌ කරයි. “ඒයි.. දන්නවද. අරූ තමයි භාණ්‌ඩේ.. මූ ළමයා අරගෙන යනකොට ඇහැරිලා.. පස්‌සේ මුණයි කටයි වහලා තමයි අරගෙන ගිහින් තියෙන්නේ.. කාලකණ්‌ණියා, ඌ වැඩේ කරපු විදිහ ඔක්‌කොම අපිට කිව්වනේ..”
    පසුදින කොණ්‌ඩයා පොලිස්‌ ලොක්‌කාට කළ සේයා දැරියගේ ඝාතනය පිළිබඳ පාපොච්චාරණය රටේ මාධ්‍යවල පොල්ගෙඩි අකුරෙන් පළ වෙයි. ඒ මෙසේයි. “මම අම්මගේ තුරුළේ නිදාගෙන හිටිය දැරිය වඩා ගන්නකොට ළමයා අම්මේ.. අම්මේ.. කියල කෑගහුවා.. එවෙලේ දරුවගේ කටයි මූණයි තද කරලා වහලා එළියට අරගෙන ඇවිත් ගෙවල් ළඟ පාළු තැනකදී බෙල්ල මිරිකලා දූෂණය කළා.. පස්‌සේ ඇඳුමෙන් බෙල්ල තද කරලා මරලා ඇළට දාලා යන්න ගියා..”
    …දැන් යළිත් මේ පොලිස්‌ නාටකයේ දර්ශන තලය වෙනස්‌ වෙයි… රටේ ජනතාව පාපතර කොණ්‌ඩයාට ශාප කරමින් දෙස්‌ දොවොල් තබමින් සිටිති. ඒ අතරේ මාධ්‍යවේදියකු මීගමුව බන්ධනාගාරයේ දන්නා හඳුනන අයකුගෙන් කොණ්‌ඩයා පිළිබඳ විමසයි..
    “මල්ලී.. මොකද කොණ්‌ඩයා කියන්නේ.. ඌද වැඩේ කරපු මෑන්..” “අනේ මන්දා අයියේ.. අපි දෙකක්‌ නෙලලා උගෙන් කතාව ඇහුවා.. ඌ කියනවා පොලිසිය ගහපු ගැහිල්ලට මරයි කියල බයවෙලා කියන කියන දේට ඔව් කිව්වලු.. කොණ්‌ඩයා අපිට නම් කියන්නේ ළමයා මැරුවේ ඌ නෙමේ කියලා.. උගේ ඩීඑන්ඒ එකත් අවුල් කියලා තමයි ආරංචි..”
    “හුටා.. පොලිසියට මඤ්ඤංද මල්ලි..? මාධ්‍යවේදියාට ඉබේම එසේ කියෑවෙන අතරේ කරන ඒ කතා බහද නිමා වෙයි.. මේ අතරේ සුදු පිරුවටයක්‌ වගේ දෙයක්‌ දර්ශනතලයේ කොනක ඈතින් දිස්‌වේ. එතැනින් කොටදෙණියාවේ සේයා සදෙව්මි සිඟිත්තිය මරා දැමීම පිළිබඳ පොලිස්‌ නාටකයේ පළමු කොටස නිමා වේ.
    ඒ නිමාවත් සමග දැන් ඔබට කියන්නට අපටද කතාවක්‌ තිබේ. එකමත් එක දවසක ලොව හොඳම පොලිසිය තේරීමේ තරගයක්‌ තිබුණේලු. ස්‌කොට්‌ලන්ඩ්යාඩ් ආදී ලෙසින් ලොව දියණුම රටවල පොලිස්‌ නිලධාරින් සමග අපේ පොලිසියේ නිලධාරින් කිහිප දෙනකුද ඊට සහභාගි වූයේලු.
    තරග සංවිධායකයන් තරගය අරඹමින් විශාල කැලයකට හාවෙක්‌ අතහැර ඌව සොයාගෙන එන්නැයි ඊට සහභාගි වූ පොලිස්‌ තරගකරුවන්ට කීවේලු. මෙසේ තරගය ඇරඹී මාරුවෙන් මාරුවට ඇමරිකන්, එංගලන්ත, ප්‍රංශ ආදී ලෙසින් දියුණු යෑයි කියන රටවල් ඇතුළු සියලුම රටවල පොලිස්‌ නිලධාරින් වරින් වර හාවා සොයා කැලයට ගියද එකකුටවත් හාවා සොයාගත නොහැකි වූයේලු.
    අවසානයේ ශ්‍රී ලංකා පොලිසියේ කණ්‌ඩායම පොලු කිහිපයක්‌ද අතට ගෙන කැලයට ගියේලු. විනාඩි කිහිපයක ඇසිල්ලේ ඔවුන් තඩි වලහෙක්‌ද රැගෙන ඌට පහර දෙමින් යළි පිටතට ආවේලු. මෙය දුටු තරග සංවිධායකයන් මේ සිටිනුයේ හාවා නොව වලහෙක්‌ නොවේදැයි ඔවුන්ගෙන් ඇසුවේලු. එහිදී එකකු අමුතු බැල්මකින් වලහා දෙස බැලුවේලු.
    එකෙනෙහි වලහා “බුදු සර් මම වලහෙක්‌ නෙමේ වලහෙක්‌ නෙමේ.. හාවෙක්‌.. හාවෙක්‌” යෑයි කියමින් තරග සංවිධායකයන්ගේ කන් අඩි පැලෙන්නට මොර දුන්නේලු. ඉතින් අපේ පොලිසියේ අය වැඩේ ගොඩ දා ගත්තේලු. මාරයි නේ..?


    gaththe methanin
    http://www.medaperadiga.com/සේයා-මැරුවේ-මම-නෙමෙයි-පොල/?m=vlw
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    policiya kiyanne vadagath place ekak. Policiyata badava ganimedi avama educational qualification ADVANCE LEVEL EXAM PASS illanna ona.Ona tharam adha Advance level pass aya inna nisa problem ekak vena ekak naha.Police constable tath Advance level exam pass illanna ona.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොලිසියේ ඉන්නේ අමු කාලකන්නි බන්. හොද එකෙක් ගියත් උන්ට පවතින්න බැහැ. මම නම් වතුර ටිකක් වත් දෙන්නේ නැහැ මැරෙන්න පාරේ වැටිලා හිටිඔයත්. මිනිසුන් වැරදි කරනවා මචං. එත් ප්ලීස් කියන්නේ දැන් දැන් වැරදි කරන හා තමුන්ගේ තිරසන් අසාවල් මිනිසුන් පිට දාලා සන්තර්පණය කරගන්න හදන කට්ටියක්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පොලිසියේ ඉන්නේ අමු කාලකන්නි බන්. හොද එකෙක් ගියත් උන්ට පවතින්න බැහැ. මම නම් වතුර ටිකක් වත් දෙන්නේ නැහැ මැරෙන්න පාරේ වැටිලා හිටිඔයත්. මිනිසුන් වැරදි කරනවා මචං. එත් ප්ලීස් කියන්නේ දැන් දැන් වැරදි කරන හා තමුන්ගේ තිරසන් අසාවල් මිනිසුන් පිට දාලා සන්තර්පණය කරගන්න හදන කට්ටියක්
    :yes::yes: දැනට ඇරෙස්ට් කර්ලා ඉන්න එකෙක් වත් සෙයා සින් එකටහ් සම්බන්ධ නැහ් කියලා මට හිතෙනවහ් ඔය ඔක්කොම උන්ට නෙලලා ගත්ත කට උත්තර
    මොන උකේ අමාරුවටද නිරුවතින් ඉන්නහ් එවුනව ෆොටො ගන්නේ .
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    තව ටික දවසකින් මෙහෙමත් කියයි
    "දැරුයගේ ඝාතනයට සැකපිට කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති අත් අඩ0ගුවට. හෙට දින ඩි එන් ඒ පරීක්ශනයට "
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    පොලිසියේ ඉන්නේ අමු කාලකන්නි බන්. හොද එකෙක් ගියත් උන්ට පවතින්න බැහැ. මම නම් වතුර ටිකක් වත් දෙන්නේ නැහැ මැරෙන්න පාරේ වැටිලා හිටිඔයත්. මිනිසුන් වැරදි කරනවා මචං. එත් ප්ලීස් කියන්නේ දැන් දැන් වැරදි කරන හා තමුන්ගේ තිරසන් අසාවල් මිනිසුන් පිට දාලා සන්තර්පණය කරගන්න හදන කට්ටියක්

    සතුරෙක් උනත් මැරෙන්න පාරේ වැටිලා හිටියොත් මම නම් වතුර ටිකක් නොදී ඉන්නේ නැහැ. කවුරුත් මිනිස්සුනේ බන් :P
     

    AnuradhaRa

    Well-known member
  • පොලිසියේ ඉන්නේ අමු කාලකන්නි බන්. හොද එකෙක් ගියත් උන්ට පවතින්න බැහැ. මම නම් වතුර ටිකක් වත් දෙන්නේ නැහැ මැරෙන්න පාරේ වැටිලා හිටිඔයත්. මිනිසුන් වැරදි කරනවා මචං. එත් ප්ලීස් කියන්නේ දැන් දැන් වැරදි කරන හා තමුන්ගේ තිරසන් අසාවල් මිනිසුන් පිට දාලා සන්තර්පණය කරගන්න හදන කට්ටියක්

    බාවන්ඩම ඕන බං මුංව...
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    පොලිසියේ ඉන්නේ අමු කාලකන්නි බන්. හොද එකෙක් ගියත් උන්ට පවතින්න බැහැ. මම නම් වතුර ටිකක් වත් දෙන්නේ නැහැ මැරෙන්න පාරේ වැටිලා හිටිඔයත්. මිනිසුන් වැරදි කරනවා මචං. එත් ප්ලීස් කියන්නේ දැන් දැන් වැරදි කරන හා තමුන්ගේ තිරසන් අසාවල් මිනිසුන් පිට දාලා සන්තර්පණය කරගන්න හදන කට්ටියක්

    ow ban hemoma nethi unath godak un hemathamai
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පොලිසියේ එවුන් ඔක්කොම එකයි
    මුට නඩු දාන්න බැරිද බන් මානව අයිතිවාසිකම් යටතේ
    අවුරුදු 18 කට අඩු ලමෙක් නිරුවත් කරලා පින්තුර ගන්නවා කියන්නේ ලොකු වරදක්
    මුන් ඔක්කොම suspend කරලා දඩ ගහාන්න ඕනි ලොකු ගානකට අඩුමතරමේ
    නැත්නම් ඉදිරියටත් වෙන්නේ ඔය වගේ දේවල් තමා :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලඞ්කාව දාල ඉරාකෙ සිරියාව වගේ රටකට යන එක තමා කරන්න තියෙන හොඳම දේ :( :(
    දැන් බලපං සිඞ්හලු උඹලගෙ ගෙවල් ලඟ කවුරු හරි එකෙක් ලමයෙක්ව මලොත් උඹලත් ඉවරයිනෙ :( :(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොලිසියේ එවුන් ඔක්කොම එකයි
    මුට නඩු දාන්න බැරිද බන් මානව අයිතිවාසිකම් යටතේ
    අවුරුදු 18 කට අඩු ලමෙක් නිරුවත් කරලා පින්තුර ගන්නවා කියන්නේ ලොකු වරදක්
    මුන් ඔක්කොම suspend කරලා දඩ ගහාන්න ඕනි ලොකු ගානකට අඩුමතරමේ
    නැත්නම් ඉදිරියටත් වෙන්නේ ඔය වගේ දේවල් තමා :angry:

    මානව හිමිකම් තියෙන්නේ කොලම නෝනලට ආතල් ගන්න විතරයි බන් ...හෙළුවෙන් තියල පින්තුර ගන්නේ කොලුකාරයෝද කොහෙද ඉස්සෙල්ල මුන්ගේ මනස චෙක් කරන්න අංගොඩ යවල ඉන්න ඕනේ ඔක්කොටම කලින් :frown:

    කෝ බන් මෙවට් වග කියන උන් ? කෝ අලුත් අභ්‍යන්තර කටයුතු ඇමති ? මුන් ගංජා ගහලද ?
     
    Last edited:

    SkyLake

    Member
    Aug 23, 2015
    77
    1
    0
    meka hamoma share karanna.... mewa international media walatat yanna ona.

    apitat kawada hari policiyen karanne munta karapu dema thamai.

    saka pita aran gihin gahala gahala waradda piliganna kiyai.