►ගුරු පඩුරු◄

Shan Rox

Member
Jan 16, 2011
95
27
0
දවසක් මම් පුංචි ලෑ ගෙදර යනකොට අපේ පුංචි කෙක් ගෙඩියක් හින්නිකිතර කෑලි වලට කපනවා. හෙට එයාලගේ චූටී දූගේ උපන්දිනේ ලූ. කේක් කපන්නේ ඉස්කෝලේ ළමයි එක්ක බෙදාගෙන කන්න ලු.

"මොකෑ පුංචිඅම්මේ කේක් පොඩිවට කපන්නේ ?" මම් නිකන් ඉන්න බැරුවට ඇහුවා.

"නැත්නම් කොහොමද කියහන්කෝ කේක් ග්‍රැම් 750ක් කෑලි 40කට කපන්නේ ?" පුංචි අම්මා කිව්වා.

"ඉතින් ඕකට කේක් කිලෝ එකක් විතර ගත්තා නම් ඉවරයි නේ ?"

"කේක් කිලෝ එකක් තමයි ගත්තේ. දෙසිය පනහක විතර කෑල්ලක් කපලා තියාගත්තා ටීචර් ට දෙන්න. මේ තියෙන්නේ ඒක බ්‍රවුන් පේපර් එකක ඔතලා." පුංචි අම්මා එහෙම කියලා බ්‍රවුන් පේපර් එකකින් ලැමිනේට් කරපු කේක් කෑල්ලක් පෙන්නුවා.

"ටීචර්ටත් ලොකු කේක් කෑල්ලක් දෙන්න ඕන් ද ?"

"නැත්නම් !!!! අනිවාර්යෙන්ම ටීචර්ට දෙන්න ඕනා. නැත්නම් විසුමක් වෙන්නේ නෑ. ටීචර් හැමදාම රෙජිස්ටරේ බලලා ලඟ දවසක උපන්දිනේ තියෙන අයගේ පොත් වල ලියනවා කේක් ගේන්න කියලා. "

"ඉතින් කේක් නැතුව එන මොනහරි යැවුවනම් ඉවරයි නේ !!!" මං කිව්වා.

"අපෝ බෑ !!!! කේක්ම ගේන්න කිව්වා. ගියපාර උපන්දිනේට කිට් කැට් 40ක් යැවුවා කියලා. මේපාර කිට් කැට් නම් එවන්න එපාම කියලා පොතේ ලියලා එවලා !!!!"

"එතකොට උපන්දිනේ සමරන්නේ ටීචර්ට කේක් කන්නද ?" මම් ඇහුවා.

"ඉස්සර වගේ නෙමේ ලොක්කෝ !!! දැන් ටීචර්ලාට අනිවාර්යෙන්ම සලකන්න ඕනේ. නැත්නම් ළමයට එක එක වෙනස්කම් කරනවා. ඉස්සර තමයි ටීචර්ලා මුකුත් දුන්නට බාර ගන්නේ නැත්තේ. දැන් එහෙම නෑ. අවුරුද්ද අන්තිමට අම්මලා එකතු වෙලා ටීචර්ට තෑගි එහෙමත් අරන් දෙන්න ඕනේ. එකේ පංතියේ ඉදලා තුන්වෙනි පංතිය වෙනකන් ඉන්නේ එකම ටීචර් හන්දා ටීචර්ව ෂේප් එකේ තියාගන්න ඕනා. !!!!"

------------------------------------------------------
ප.ලි. - අම්මෝ බලාගෙන ගියාම පුදුම ටීචර්ලා තමයි දැන් ඉන්නේ.



:P:oo:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක සිරා කතාවක්ද?:eek: හෙණ ගහන්න එපැයි බං පාරෙ යන එකෙකුට. :baffled:
    අපි පොඩි පන්ති වල ඉද්දි නම් ළමයි හැමෝම කෑම ගෙනත්ද කනවද කියල බලල තමයි ටීචර් කෑම කන්නෙ. කෑම එක අමතක කරල ආපු ළමයෙකුට ටීචර්ගෙ කෑම එකෙන් කොටසක් දෙන්නත් අමතක කරන්නෙ නෑ. ඒකට දැන් :dull:
    අනේ කාලේ වනේ වාසේ :baffled:
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    atta machan

    matath athdekeem thiyanawa

    samara guruwaru oya wage thamayi

    issara ape iskole English teacher private tutionuth kala

    egaya class yana unta witharayi iskoledi hodata kiyala denne

    anith un pol kudu

    mata english epa uneth oya geni nisa

    passe mama wena teacher kenekuta pin sidda wenna kadda hada gaththa
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අනේ මන්ද බන්, අපේ කාලේ අපිට උගන්වපු අයට නම් මම අද දැක්කත් වදිනවා. ඒ මිනිස්සුන්ට (දෙවි දෙවතාවෝද මන්දා) කොච්චර වැන්දත් පවු නෑ.

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඕකට කරන්න තියෙන්නේ නොවැම්බර් අග, දෙසැම්බර් මුල දිහා උපන් දිනේ තියෙන ලමයෙක්ගේ අම්මා තාත්තා සෙට් කරගෙන හොදට ජාපාල ඇට එහෙම දාලා ලස්සනට ගේම් එක දෙන්න..:shocked::shocked:
    අපේ ගම් වල නම් කොල්ලෝ බලන් ඉන්නේ ටීචර්ගේ උපන්දිනේ එනකම් ගේම දෙන්න..
    ;);)