◄◄ PTC (ඇඩ් ක්ලික් ) හෙළුව --Exposed ►►

◄◄ PTC (ඇඩ් ක්ලික් ) හෙළුව --Exposed ►►

මේකත් තවත් රෙෆ් හිගාකෑමක් හෝ වෙළද දැන්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න..:yes: වරෙල්ලකෝ බලලා යන්න. අමු ඇත්ත.:eek:

wpid-why-pay-per-click-ads-are-wasting-your-money-559e7d0284.png

එළකිරියේ ත්‍රඩ් කියවන සහෝදර එළකිරි වැසියන් හැටිය ඔයාලා දැකල ඇතිනේ ත්‍රඩ් වලින් බාගෙට බාගයක් තියෙන්නේ PTC ගැන.:baffled: මොනාද මේ PTC කියන්නේ.? :confused: මන් හිතන්නේ නැහැ උඩ දාගෙන ක්ලික් කරන ඔය එකෙක්වත් ඕක දන්නවා ඇති කියලා.


නමෙන් පටන්ගමු. PTC කියන්නේ Paid To Click කියන තේරුම දෙන කෙටි පදය. මේකේ ඉතිහාසය ගොඩක් ඈතට යනවා. Pay per click (PPC) කියලා මුලින් හදුන්වපු මෙය පටන්ගැන්ම 1996-1998 දක්වා දිව යනවා. මේ ගැන මුල්ම සඳහන තියෙන්නේ Planet Oasis කියන desktop Application එකේදී. මෙතැනදී Pay Per visit සංකල්පය තමයි මුලින් එන්නේ. ඒ කාලේ 0.005 $ සිට 0.25 $ දක්වා ගෙවලා තියෙනවා එක ක්ලික් එකකට. ඊට අමතරව placement fee එකකුත් දීලා තියෙනවා.:dull:

1998 පෙබරවාරි මාසේ Goto.com (25 දෙනෙක්ගෙන් පටන්ගත්ත කොම්පැනියක් දැන් Yahoo එකේම කොටසක්.) එකෙන් PPC search Engine එකක් ඉදිරිපත් කරනවා.(Jeffrey Brewer තමයි ඉදිරිපත් කරන්නේ.) ඇඩ් ක්ලික් කරන
ඔයාලා
0.001$ වගේ සතේට ඇඩ් ක්ලික් කරන ඒ අසිරිමත් අවස්ථාවේ මේක හදපු එකාගේ අම්මව මතක් කරනවනේ.:P:P අන්න ඒ අම්මගේ පුතා එහෙමත් නැත්නම් මේකේ credits ඔක්කොම සහ සොයාගත්තේ කෙනා ලෙස හදුන්වන්නේ Bill Gross ව.

Paid_to_Click.jpg

ඕවා බයිලානේ.ඇත්තටම මේ PTC කියන්නේ මොකක්ද. ඇත්තටම මෙයාල advertisers සහ customers ලා අතර අතරමැදියෙක්. ඉතින් මේ අත්රමදියාගේ වරුණේ තමයි මේ විදියට දිගහැරෙන්නේ. සරලවම ගත්තොත් advertiser ලා ගෙවනවා එයාලගේ ඇඩ් එක display වෙනවට. ගොඩක් PTC වෙබ් සයිට් commission එකක් දෙනවා අලුත් මෙම්බර්ලා sign up වෙද්දී . (මේක affiliate marketing කියන ගණයට අයිති වෙන්නේ. ). මේ දින වල අමු අමුවේ එළිපිට අපේ අය හිගා කන referrals නමින් හදුන්වන්නේ මෙයාලා.

:yes::rofl::rofl::rofl::rofl::yes:


දැන් වර්තමානය ගැන කතා කරමු. අද වෙනකොට එක එක නමින් තියෙනවා PTC site BUX සයිට් කියලා අපි සරලවම හදුන්වනවා. මේවා සියල්ලක්ම පාහේ වංචා සහගත ඒවා බව අමුතුවෙන් කිව යුතු නැහැ.:angry: සමහර bux සයිට් member කෙනෙක් signup වූ විගස 50 $-100 $ ක් පමණ අපිට ගෙවනවා. එතකොටම තමයි තේරෙන්නේ මේක බොරුවක් කියලා.:P අන්තර්ජාලයේ මුදල් හොයනවා කියන තැනට එනකොට මේ දේ අවබෝද කරගත යුතුයි
"කව්රුත් අපිට නිකන් සල්ලි දෙන්නේ නැහැ"

අපි මොනම දෙයක් හෝ කරන්න ඕනි කීයක් හරි හොයාගන්න නම්.මේකවත් අවබෝදයෙන් තොරව කට්ටිය පඋ#$ක උඩ ගෙන ක්ලික් කරනවා.
:P


මන් කියන්නේ නැහැ මේ PTC කරන දේ වැරදි. උබලා සතේ සතේ එකතු කරත් මට කමක් නැහැ.:dull: මට කොහෙවත් කහන්නේ නැහැ උබල කොහොම සල්ලි හෙව්වත්.:oo:
එත් ලගකදී ඉදලා මේ එලකිරියට බෝ වුන PTC වසංගතය ගැන සටහනක් තියන්නම ඕනි නිසා මේ විදියට ත්‍රෙඩ් එකක් දැම්මේ.
මොකද කට්ටිය එලකිරිය ගැන වැරදියට කට්ටිය තේරුම් අරන් ඉන්නේ.
මේ ටික අහගන්න ඊයේ පෙරේද ඇවිත් තාම පොස්ට් 10-15 ක් වත් නැතිවැ ලොකුවටම 35000-40000 හොයන්න කතා කරන අයියල ටික.:yes: අපේ සීනියර් මෙම්බර්ලා මේවා බල බලා කටවහන් ඉන්නේ.ඒ ගැන කතා කරොත් උබල up වෙන එක විතරයි වෙන්නේ. එක නිසා.:yes:


මචන් මේක එලකිරිය .:cool: වෙන ෆෝරම් වගේ නෙවෙයි මෙතන ඉන්නේ යමක් කමක් දන්නා අය.:D උබල මෙතන ලොකුවටම
" මාසෙකට 50000 ක් හොයන්න, එන්න මෙතනින් රෙගිස්ටර් වෙන්න "
කියල රෙෆෙරල් ලින්ක් එකක් දැම්මට මචන්
උබලගේ සුදුලුනු මදි අපේ අයියලා තම්බන්න
:P.
උන් හැමපැත්තෙන්ම තැම්බිලා ඉන්නේ. :rofl: මන් කලින් කිව්වා වගේ මගේ තරහක් නැහැ උබල මෙතන referel දැම්මට.:sorry: එක දාන ක්‍රමයක් තියෙනවා මචන්. එලකිරිය 2.50 ට දාල ත්‍රෙඩ් දාලා රෙෆෙරෙල් ලින්ක් දාන්න එපා.:angry: කොහොමත් referral එකකින් register වුනත් නැතත් උබලා විකිනෙනවා referral bot එක හරහා.:yes: ඉතින් කොහොමත් referral වෙන එකේ අපේ ලංකාවේ කොල්ලෙක්ගේ referral එකකින් රෙග් වුනාට කිසිම අව්ලක් නැහැ.:rolleyes: මචන් ඔන්න ඔය ටික කියලා, මෙන්න මගේ referral එක මෙතනින් ගියාමත් reg වෙන්න පුළුවන් කියල කියලා දාපන්.එතකොට මචන් ඕන එකෙක්ට තේරෙනවා කතාව. උබලා මෙතන
"මගෙන් reg වුනොත් ඔයාලට අරක හම්බවෙනවා මේක හම්බවෙනවා "
කියල ප්‍රෝඩාව නම් දාන්න එපා හරිය. :angry: ප්‍රෝඩාවෙන් වංචාවෙන් හොයන දේවල් උබලට යාදෙන්නේ නැහැ මචන්.
:dull:


PTC කාරයෝ ඔක්කොම එකයි බන්.:eek: විස්වාසවන්ත සයිට් දෙක තුනක් ඇරුනම. දැන් කට්ටිය comments දායි මන් මේකෙන් මෙච්චර හෙව්වා මේක හොඳයි කියලා.:baffled: මාත් දන්නවා මාත් ඕවා ක්ලික් කරලා තියෙනවා. PTC කරලා සල්ලි හොයන්න පුළුවන්. ඇත්ත මන් පිලිගන්නවා. හොයන දේ සාදරනව හොයපන්. මන් සයිට් වල නම් කියන්නනේ නැහැ මේක ඇඩ් එකක්වෙන නිසා. එත් ඔයාල කියන ඒවගෙන් හොයන්න පුළුවන්. එකේ දෙකක් නැහැ.


ඔය ක්ලික් කරන. නොකරන අය මෙතනට ගිහින් චුට්ටක් බලන්න.
http://www.nextgenptc-demo.com/pages/adminlogin


මචන් ඔතනින් ලොග් වෙලා බලන්න. ඔය වැඩිපුරම ප්‍රසිද්ද PTC සයිට් වල ඇඩ්මින් පැත්ත . බලපංකො එතකොට තේරෙනවා මුන් කොච්චර ප්‍රෝඩාවක් ද කරන්නේ කියලා :oo: (බහුතරයක්. හොඳ දෙතුන් දෙනෙක් ඉන්නවා.), උදාහරණයක් විදියට ඔය ADDGrid කියන එක බලන්න. එතන දෙන්න පුළුවන් සීයට කීයක්ද දිනන්න ඕනි කියලා.:rolleyes: හැම වෙලාවේම උබලා ඉත්තෙක් මචන් ඇඩ්මින් තීරණය කරන්නේ හැමදේම.උන්ට වාසියක් නැත්නම් උන් ඕක කරන්නෙත් නැහැනේ.:P


දැන් කියල දෙන්නම් කොහොමද හොඳ PTC සයිට් එකක් හොයන්නේ කියලා. මුලින්ම reg වෙන්න අව්ලක් නැහැ. ගිය ගමන් Payment Proof බලන්න.
( එකත් දැන් මුන් හොර කරනවා.:angry:).ඊට පස්සේ එක ඇඩ් එකකට ගෙවන ගාන බලන්න. ලොකු ගානක් නම් සැක සහිතයි. දැන් යන්න upgrade account කියන තැනට ඔතන බලන්න
Payout total maximum (percentage)
ඔන්න ඔය හා සමාන තේරුමක් තියෙන feature එකක් තියෙනවා. එකේ සීයට ගානක් තිබුනොත් ඒ සයිට් එක ගැන හිතන්න වෙනවා තව පාරක්.:yes: මොකද මෙහෙම හිතන්න ඔයා ක්ලික් කරලා Payout කරන්න ගියාම invest එහෙම නැත්නම් Addfund කරන්න කියනවා.:dull: ඔය ටොපියක් පුතෝ අහු වෙන්න නම් එපා. අනිවා උගුලක් මෙහෙම හිතපන්



සුද්ද සිංහලෙන් කියනවා නම් මෙහෙම කතාවක් Payout කරන්න නම් අපි invest කරන්න කියනවනේ.:baffled: මන් 10 $ invest කරා කියමු. මට 12$ ගන්න පුළුවන්. paypal එකෙන් 1$ කපාගන්නවා. මට ඉතිරි 1$. 1$ ඇ#te කහන්නද බන්.:P:P ඉතින් මේ සයිට් එකෙන් ගානක් හොයන්න නම් ලොකු ගානක් invest කරන්න වෙනවා. :angry:
ලොකු invest එකක් = ලොකු අවදානමක්.

ඔන්න මන් 500 $ invest කරනවා. මන් 500$ invest කරාට පස්සේ ලොක්කා සල්ලි අරන් මාරු වුනොත් (site එක වැහුවොත්.). කව්ද බන් ඒ 500$ දෙන්නේ.:oo: කොහේ කියලා යන්නද.. සමහර විට ලොක්කා සයිට් එක ඇදන් යයි.:rolleyes: Bux කාරයෝ sure කරන්න බැහැ බන් අද කාලේ. මාසෙකට 100 $ වියදම් කරන්න පුළුවන් නම් අපිටත් buxhost සයිට් එකක් කරන්න පුළුවන්. ඉතින් 500 $ කියන්නේ උට ඉහටත් උඩින්. :eek:.:confused::confused:



මේ බලපල්ලා ගණන් හිලව්. :eek: නොර්මල් සයිට් එකක් කරන්නත් අවරුද්දකට 129$ යන්නේ. එච්චර ඕනිත් නැහැ පලවෙනි මාසෙට 35 $. උබලටත් අදම එකක් පටන් ගන්න පුළුවන්. :rofl::P
https://www.buxhost.com/ptc/purchase
එත් හොරයක් බොරුවක් කරන්න හිතනවා නම් කොල්ලෝ එහෙම හම්බ කරන ඒවා හරියන්නේ නැහැ. අහිංසකයෙක් ක්ලික් කරන දෙයින් හුරන් කන එක හරියන්නේ නැහැ.:yes::yes:



ත්‍රඩ් එක දිග වැඩි වුනා. තව කියන්න නම් දේවල් තියෙනවා. මේක දිග වැඩි වුනා. ඇති එහෙනම්. BUMP එකක් දාගෙන පල නිකන්ම යන්නේ නැතුව.:angry: අකුරු 4ක් ගහලා පොඩි උදව්වක් දෙන්න අනික් අය අතරටත් මේ පණිවිඩේ ගෙනියන්න. එකෙක් හරි ඔය ප්‍රෝඩාකාරයෝන්ගෙන් ගැලවුන නම් මට ඒ ඇති.
අව්ලක් තියෙනවා නම් අහපල්ලා. උබලගේ අදහස් කියපන් මේ ගැන.:yes: චෝදනා වුනත් කමක් නැහැ. බැන්නත් කමක් නැහැ. මන් යථාර්තය පෙන්නුම් කරේ. පිලි ගන්න නොගන්න එක ඔයාලගේ වැඩක්. දැන දැන වලේ වැටෙන එකත් ඔයාලටම බාරයි.:rolleyes::yes:

බුදුසරණයි ! අපි ගියා.

-- ලියා අත්සන් කරේ Enter The Dragon
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් මේක එලකිරිය . වෙන ෆෝරම් වගේ නෙවෙයි මෙතන ඉන්නේ යමක් කමක් දන්නා අය. උබල මෙතන ලොකුවටම
    " මාසෙකට 50000 ක් හොයන්න, එන්න මෙතනින් රෙගිස්ටර් වෙන්න "
    කියල රෙෆෙරල් ලින්ක් එකක් දැම්මට මචන්
    උබලගේ සුදුලුනු මදි අපේ අයියලා තම්බන්න

    :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මචන් මමත් Ebay Selling,YT Adsense,Graphic කරනවා.

    ඒවගේම Ptcircle එකත් කරනවා.ඒකෙනම් මට වැරැද්දක් පේන්නෙ නෑ.තාම හොදට සල්ලි ගෙවනවා.නවත්තයිද දන්නෙ නෑ.ඒත් ගෙවන කාලෙකට සල්ලි ටිකක් හොයාගත්තම හරිනෙ.ඔයාලා දකින්න ඇතිනෙ ගොඩක් අය දින 15න් 15 ට 50$ ගානෙ පේ අවුට් කරන්වා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කියන දේවල් ගැන මම අදෝ සංසාරයක් නොදනිමි..........
    නොදන්නා දේවල් ගැන ටෝක් දී පශ්චාත් භාගය රමණය පිණිස දෙනවාට වඩා එයට ලෑල්ලක් තබා ගසා ගැනීම බුද්ධි ගෝචර වන බැවින්, අදාල පුද්ගලයන් ගේ දැකීම පිනිස බම්ප් යයි මෙහි කියවෙන පෝස්ටු එකකින් සද්කාර්යය සදහා සම්මාදම් වෙමි........
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    පට්ටයි මචන්....අත්දැකීමෙන් කියන්නේ...සහතික ඇත්ත බන්.... එල කොල්ලෝ දැනුවත් කරාට... :yes::yes:

    දැන් රිදිච්ච උන් , තොප්පිය උන්ගේ නම් දාගත්ත උන් බුරුතු පිටින් එයි payment proof එහෙමත් කිහිල්ලෙ ගහගෙන.... :P:P:P:P

    කවුරු කොහොම මොනා කිව්වත් ඇත්ත කතන්දරේ මේක තමයි..... :yes::yes::yes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    godakma inne patta horu thamai scam kiyala hithunot metanin chek karaganna scam da kiyala.
    http://www.scamdetector.info/ptc-scam-list-p.html


    aluth sites nam scamda kiyala ikmanatama hoyanna amarui. payments dena hoda sites thiyena bawath amathaka karanna epa. thawa ekak yam site ekak gana referral link ekak danawanam thamanta a site eken labuna payment proof ekakuth ekka danna. ethakota awlak wena ekak na :yes: