ඕකගෙ රෙදි ගැලවිලා කොයි කළේද හැබැයි ලජ්ජාවක් ඇති එකෙක් නම් නෙමෙයි.ඊයේ දැක්කනෙ එළියට ඇවිල්ලා දුන්න talk ටික
මොන විදියට ඔප්පු කලත් වැඩක් තියේද?. අඩුම තරමින් යූන්පියට චන්දෙ දීපු එකෙක්වත් පිළිගන්නවද මුන් මහ බැංකුව හොරාකාලා රටම හතරගාතේ දැම්ම කියල?

මොන විදියට ඔප්පු කලත් වැඩක් තියේද?. අඩුම තරමින් යූන්පියට චන්දෙ දීපු එකෙක්වත් පිළිගන්නවද මුන් මහ බැංකුව හොරාකාලා රටම හතරගාතේ දැම්ම කියල?


මම unp එකට චන්දෙ දුන්නේ.... එත් මම පිලිගන්නවා මු මහා බැංකුව හොරා කෑවා කියල...![]()
උබත් අයිති වෙන්නේ පාවෙන චන්ද ගොඩට. උන් හින්දා තමා රට ගොඩ ගියොත් ගොඩ යන්නේ. එහෙම නෑතුව පක්ශ හොරු සුද්ද කරන එවුන් හින්දා නෙමේ


වැරදි නම් මොකා උනත් කමක් නෑ දඩුවම් ලැබෙන්ඩ ඕනේ
නිකන් දෙකයි පනහේ දඩුවම් නෙමෙයි හැබැයි.
ඒත් ඉතින් මේක ලංකාව.
උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ"
උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දැක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව "මඩ ගැසීමක්" සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා (අගෝස්තු 02) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
"ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව" යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.
කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.
"එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
BBC SINHALA
Code:http://www.bbc.com/sinhala/sri-lanka-40808607?ocid=socialflow_facebook
ගොඩක් ඉන්නේ කැපුවත් කොළ කැපුවත් නිල් උන්....![]()

ඇරියත් කොළ කැපුවත් නිල්.මම unp එකට චන්දෙ දුන්නේ.... එත් මම පිලිගන්නවා මු මහා බැංකුව හොරා කෑවා කියල...![]()
ඒක මේ රටේ හෑටි බන්. කලින් ආණ්ඩුවේ එවුන් හොරා කෑවා කියල උන්ගේ සපෝටර්ලා පිලිගන්නේ නෑ. මුන් කෑවා කියල උන්ගේ සෙට් එක පිලිගන්නේ නෑ. ඒ වුනත් ලන්කාවේ පාවෙන චන්ද කියල කොටසක් තියෙනව. ඒවා මත තමා දිනන පිල තීරණය වෙන්නේ![]()