කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොලට පාට එන්න
වීසි කලෙමි හදේ තිබුනු
ආදරයයි කරුණාවයි
කාටවත් නොදී
විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හන්දා
කුරුළු ගීත මට ඇහුනා
ගහේ කොලේ මල් පිපුනා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුනා
Last edited: