◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky


    ඉස්සර මම බලන කාලේ බැටිස්ටායි බුකර් ටීයි හැමදාම ඇරගන්නවා...:rolleyes:
    රැන්ඩියි සීනායිත්,අන්ඩර්ටේකරුයි කාලියි ඇරගන්නවා..:yes:
    ආයේ අන්ඩර්ටේකරුයි අර කලු මහත චබියායි(නම මතක නෑ:oo:)ත් හැමදාම වලි..:yes:
    ආ ඇයි රේයි ඇන්ඩියයිත් හෙනම මල...:rofl:
    උබ බැලුවෙත් මේ කාලෙමද?:rolleyes:
    ow ban patta e dawas wala
    edday karaya marenawane ekath baluwa

    man anthimata baluwe wreslmenia XX da koheda :baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපි එනකොට කස්ටිය නැ :(
    මන් දවසම එනව අනික් උන් නැහැ :oo:
    :dull::dull::dull::frown: ලොක්කා කවුද ඩො ලොක්කා
    මම දැම්ම විතරයි නුල :baffled: එහෙනම් දාමු අලුත් එකක් ලගධි :love:
    ත්‍රෙඩ් එක දාමුද? ස්ලොව් තමයි මචන් :dull:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සුභ උදෑසනක් වේවා මාගෙ මිතුරු මිතුරියන් සියලු දෙනාට .....!:love::love::love:
     

    tzs8hu0.png

    :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙන්න ගෙම්බෙකුයි කුමාරියෙකුයි ගැන කතාවක්
    අර ඔයගොල්ලො පොඩිකාලේ ඉදන් දන්න සිංහල හඬකවලා රූපවාහිනියේ එහෙමගිය කතාවනම් නෙමේ හැබැයි...එකම සමානකම ගෙම්බෙකුයි කුමාරියෙකුයි ගැන ලියවෙච්ච එක විතරයි...

    ඔන්න එහෙනම් පටන්ගත්තා ඈ....කතාව ටිකක් දිගයිද මන්දා කියලම බලමු..

    ගෙම්බා

    ඔන්න ඉතින් එකමත් එකකාලෙක ගෙම්බෙක් හිටියා ගමක....ගමක් කිව්වට ගමක්ම නෙමේ...ගෙම්බො ඉන්නෙ ගම්වල යෑ උන් ඉන්නෙ වෙල් වල..සමහර වෙලාවට වත්තේ හරි ගේ ඇතුලේ හරිත් ඉන්න පුලුවන්...මේක හිටියේ වෙලක් ළග කියමුකෝ..ගෙඹි වාසභූමි ගැන නොදන්න මගුල් කියන්න යන්නෙ නැතුව....

    මේකා මහ එපාකරපු උද්දච්ච ගෙම්බෙක්...මූ හිතාගෙන හිටියේ මූ තමයි නියම ගෙම්බා කියලා...නියම උනත් ඌ ගෙම්බනේ, ආයේ නියමයි කියලා ගෙම්බා අලියෙක් වෙනවයැ....ඒ අතින් බලනකොට නම් මේකා මහ ගොන් ගෙම්බෙක්...ඌට ඕනෙ වුණා කුමාරයෙක් වෙන්න....අහල පහල හිටපු ගෙම්බියන්ව මූ සතපහකට ගණන් ගත්තේ නෑ කුලප්පුව ඉහටත් උඩින් තිබුනට....කාමය වගේද ප්‍රේමය කියලා හිතං හිටියේ...ගෙම්බොන්ට මොන ප්‍රේමද ඕයි කියලා අනික් ගෙම්බොයි අදුරන අලියි කොටියි කිව්වට මූ ඇහුවේ නෑ, දන්නේ නෑනේ ඒකෙන් මේකෙන් අන්තිමට කාමෙටත් තට්ටුවෙන එකයි වෙන්නේ කියලා....

    ආ අමතක වුණා මූ ගෙම්බා වුණාට අලින්ට කොටින්ට අල්ලලා අලිකොටි දෙතුන් දෙනෙකුත් දන්නවා..ඒ හයිකාරකමත් මුගේ හිතේ තිබුණා, උන් මූව අධෝවාතෙකට ගණන්ගත්තෙ නැතිවුණාට..අනිත් ගෙම්බො ඔය සීන් එක දන්නේ නෑයි කියලා මූ හිතාගෙන හිටියේ..මූ පොර ටෝක් දෙද්දි අනිත් උන් පස්ස බිමට තද කරගෙන හිටියේ හිනායන සද්දේ පිටවෙන එක වළක්වන්න කියන එක මූට තේරුණේ නෑ...

    ඔන්න ඔයවගේ ගොන් පාටුයි උද්ධච්ච කමුයි ඇරෙන්න මේකාගේ වෙන තිබිච්ච දෙයක් නෑ...


    කුමාරි

    කුමාරි කිව්වට මෙයා කතාවල එන රාජකුමාරියෙක්වත් සිටුකුමාරියෙක්වත් නෙමෙයි..ඉපදිච්ච වෙලාවේ ගණ පිහිටුවලා දාන්න සෙට්වෙච්ච නම තමයි කුමාරි...ඒක හින්දා දැම්මා ඇරෙන්න එතන වෙන ලොකු කතන්දර මොකුත් නෑ...

    හැබැයි කුමාරි දක්ෂයා..ලිස්සන ගහේ නැග්ගත් කොඩිය ගන්න එක ෂුවර්..ඕනේ අටමගලක් ගොඩදාන්න ඕනේ නම් ගොඩදානවම තමයි..ආයේ ඒකේ සැකයක් නෑ...

    කොහොමන් කොහොමෙන් හරි කුමාරි දක්ෂකමෙන්ම ඔරිජිනල් කුමාරියෙක් ගානට ආවා..හැබැයි කට්ට කාගෙන ආපු හින්දා...ළාමක ටින් ටින් ගතිය නම් ගෑවිලාවත් තිබුනේ නෑ....

    ආඩම්බරකමකුත් පණ්ඩිතකමකුත් එක්ක ගිය හීන් ලස්සනකුත් කුමාරිට තිබ්බා..ඇට්ටරකමකුත් තිබ්බද මංදා...

    අපිත් කවදාවත් මගේ අම්මේ...ගෑණු ළමයෙකුට වැරැද්දක් එහෙම කියනවා කියලායෑ...හොද කියලා සෙට් වෙච්ච එකක්වත් නැතිවුණාට..

    ගෙම්බයි කුමාරියි

    ගෙම්බා පොඩිකාලේ බලලා තිබ්බා කුමාරියෙක් දීපු හාදුවකින් පස්සේ ගෙම්බෙක් කුමාරයෙක් වෙච්ච කතාව....මේකාත් හෙනගැට්ටක් තිබිච්ච එකානේ..මූටත් ඕනේ වුණේ කුමාරයෙක් වෙන්න මහප්‍රාණ වැඩ කරන්න..ගෙම්බො වැඩියෙන් පිම්බුවාම පිපිරෙන කතන්දර මූ දැනන් හිටියේ නෑ..

    ගෙම්බා හෙන ට්‍රයි එක උම්මා එකක් ගන්න කුමාරියෙක්ගෙන්..මූ මෝඩයානේ මුගේ හිතේ කුමාරියෙක් ඇවිල්ලා ඉම්බොත් මූ නිකං අම්මට සිරි වෙන ගින්දර වගේ කුමාරයෙක් වෙයි කියලා...

    තව එකක් ට්‍රයි කිව්වට එහෙමමත් නෑ...කියන්න අමතක වුණා..මූට කුමාරියෝ ඕනේවුණාට හොයන්නත් කම්මැලියි.. මුගේ හිතේ මූ පාරට බැස්සහම කුමාරියො තොල් උල් කරන් එයි කියලා මූට උම්මා දෙන්න..ගොන් ගෙම්බා

    හරි කොහොමෙන් කොහොමෙන් හරි ගෙම්බා දැක්කා අපේ කුමාරිව...දෙන්නං ජම්ඹු කියලා දැම්මා පොඩි ටෝක් එකක් කුමාරිත් මොකෝ අතින් පයින් යනවයි කියලයෑ, කතා කලා.. හැබැයි ගෙම්බා හැරෙන්නේ කෙහෙල් පැලේට කියලා කුමාරිට තේරුනේ නෑ වෙන්නනම් අමාරුයි... එත් ඉතින් අනිත් පැත්තෙන් බැලුවොත් මොන කුමාරිද හිතන්නේ ගෙම්බො එයි කියලා උම්මා ඉල්ලගෙන...හරිනම් කුමාරයො එපැයි එන්න....

    ඔන්න දැන් ගෙම්බා බැස්සා වැඩේට..දැන් මේකා මැරෙන්න හදනවා උම්මා ඉල්ලලා..හැම වෙලාවෙම කියන්නේ "මම දැන් මෙහෙම ගෙම්බෙක් වගේ හිටියට ඔයාගේ උම්මා එකෙන් පස්සේ සිරා කුමාරයෙක් වෙනවා ආයේ එකේ දෙකක් නෑ , ඔයා බලන්නකෝ එතකොට කොහොමද කියලා"

    කුමාරි බලනවා යකෝ මේ මොන ගිනිවිජ්ජුම්බරයක්ද මට පාත්වුණේ...මේ ගෙම්බා හිතාගෙන ඉන්න දේවල් ...තවත් එකක් උම්මා එකක් දුන්නහම ගෙම්බො කුමාරයෝ වෙන්නේ අහවල් දෙයක් හින්දද...අනික දැනටත් දේශීය විදේශීය ඔරිජිනල් කුමාරයො තුන්හතර දෙනෙක් මට වහවැටිලා ඉදිද්දි මේකාට උම්මා දෙන්නමයි වැඩේ....හරි කුමාරයෙක් වෙනවම කියමුකෝ.. වැඩක් නෑනේ දැනටමත් ඕනේතරම් කුමාරයො ඉන්නේ තෝරගන්න...

    අනික මමත් කොණ්ඩේ සුදු වෙච්ච දත් හැලිච්ච මෙලෝ රහක් නැති අතේ සතේ නැති ලොන්ත බිබික්කං කුමාරියෙක් නං ඔන්නඔහෙ කමකුත් නෑ..ගෙම්බට උම්මා එකක් දීලා බලන්න තිබ්බා..බැරි වෙලාවත් කරුමෙකට හරි වැඩේ කැරකුනොත් එහෙම...මෙතන එහෙම ඇඹරෙන්න ඕනේ කමකුත් නෑනේ...

    කුමාරි බැලුවා එනපොට හොද නෑ...කතාකලා ගෙම්බට, කිව්වා මෙහෙම, වැදගත් විදිහට "අනේ නිකන් වැඩක් බලාගන පලයන් ගෙම්බො යන්න...උඹ කුමාරයෙක් උනත් එකයි නැතත් එකයි මට...ඔහේ කම්මැලි කමට කියව කියවා ඉන්නනම් උඹේ අවුලක් නෑ..ඒත් උම්මා දෙන්න මම උඹට ?..හහ්"


    ගෙම්බට දැන් මාර අවුල්..ඌ හිතුවේ කුමාරි පැනපු ගමන් උම්මා එක දෙයි..ඌ කුමාරයෙක් වෙයි..දෙන්නා මාලිගා හදයි..අස්ස කරත්ත ගනියි..ඕන් ඔය වගේ බහුබූතනේ..ඌට නිකං හෙණ ගැහැව්වා වගේ... මැරෙන්නයෑ....

    කුමාරි ගියා යන්න...කුමාරියෝ වෙල්ගාව ගෙම්බො අස්සේ ටැග් ගැහෙන්නෙ අහවල් දේකටයැ...එයා යන්න ගියා එයාගේ ගමන....

    ගෙම්බාට වුණේ තක්බීර් වෙලා කරගන්න දෙයක් නැතුව ගිය එක...ඒ දවස් වල අහල පහල ඇහැදාගෙන හිටපු ගෙම්බියොන්ට පැටවු හිටන් ලැබිලා...ඔන්න ඔහේ එහෙම ගෙම්බියෙක් වත් හිටියා නම් ඉවරයි කියලා ඌටත් හිතෙන්න ගත්තා මගේ හිතේ...

    මේක ඒත් හැදෙන එකෙක් නෙමේ...මූට ලැජ්ජා නෑ..තාම කුමාරියොමයි හොයන්නේ...

    ගෙම්බොන්ට මොන කුමාරියොද ගෙම්බියො නැතුව..කුමාරියොන්ට මොකටද ගෙම්බො කුමාරයො නැතුව....
     
    Status
    Not open for further replies.