☠ Guppy ටික මැරෙනවා (( Help Me )) ☠

waruna87

Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    Kema ithuru wenna danna epa merenna kittu ewun dekka gaman wena tankiyakata hari bucket ekakata hari danna nethnam anik ewunta lede bowenna puluwan wathura clean karala ledawechcha malu tika wenkara thiyanna ethakota hari yai
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Ai me hama ekama oxygen denna kiyanne.
    Gappintanm oxygen supply one na kiyana oya kiyana tharam.
    Cement tank ekaknam aye hodata sudda karala malu danna.tank eken wen karala wena eha meha pena plastic ekakata hari dala thiyanna unwa.
    Malu kama wenas karanna,
    Leda hadunu un innawanm patas gala wen karanna.ledak nothibunath oya satthu marunahama un kunu wena nisa malunta upset yanawa.marunata passeth a wathurema unwa thiyanna epa.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    oya liden nathuwa wen ekakin wtura dala balanna.hariyai samahara vita.ph awulak atte.puluwannam oxgen denna.malu godaaak nam oxgen denna wenawa
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ටැංකියේ වතුර පල් වෙලාද ?
    ටැංකියට සබන් වැටිලද ?
    වතුර කිවුල්ද ?
    ටැංකිය තියෙන්නේ අව්ව වැටෙන තැනකද ?
    වතුර ගොඩාක් සීතලද ?
    සිමෙන්ති ටැංකියක්ද ?

    පිළියම්
    මුලින්ම ටැංකිය අස්කරපන්. සබන් අහළකින්වත් තියන්න එපා. ටැංකියේ බිත්ති පිරිසිඳු වතුරෙන් රෙදි කෑල්ලකින් අතුල්ලා හෝදපන්.
    කිවුල් නැති වතුර ටැංකියට දාපන්.
    ටැංකිය අව්වේ තියන්න එපා.
    ටැංකිය අස් කරලා ඉවර වුණහම ලුණු පොඩ්ඩක් දාපන්(ඉතාම සුලු ප්‍රමාණයක්)
    මාළු ගස් දාපන් ටැංකියට(මාලුගස් හෝදලා දාපන්)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    වීදුරු ටැංකිය අලුත් එකක්ද?
    එහෙම නං වතුර ඔක්කොම අයින් කරල ලුනු වතුරෙං දෙතුන් පාරක් හොඳට හෝදන්න,
    ටැංකියේ වතුර ගැලුම් 5ට ලුනු මේස හැන්ද ගානේ දාන්න,... (අයඩින් නැති ලුනු)
    ගප්පි හරියනකල් අනිත් මාලු අයින් කරන්න,..
     

    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    අනිවා අර මැක්කෝ ඇති මැරිච්ච එකෙක් අරන් බලපන් මගේ මාලු සෙට් එකකටම කෙලියා බන් ඕකුන්..වස පැකට් එකක් තියනවා ෆාමසියේ ගෙනත් දාපන් ටක් ගාලා:frown:
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් මාලු විකුණන තැන්වල තියෙනව බෙහෙත් වර්ගයක් ... බයිරහා එකෙන් හදන එකක් ඒත ඒකෙන් මාලුන්ගෙ පුස්- බැක්ටීරියා ආසාධන වලින් ගොඩයන්න පුලුවන්...උඔ කොහෙද ??

    වේයන්ගොඩ ස්ටේෂන් එක ලඟ මාලු කඩේනම් බඩු තියෙනව..

    අදාල අනුපාතයට දැම්මම වතුර යන්තම් කොලපාටට හැරෙනව
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ටෙට්‍රාසයික්ලින් කරලක් වතුරට දාපන් බලන්න...... මාළුන්ගේ තුවාල වලට තමා දාන්නේ..... උඹේ ටැංකියක්ද.....?? ඒක අළුත් එකක් එහෙම නෙවේ නේද....?? පල් කරලා නේද ඈත්තේ....??
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ටෙට්‍රාසයික්ලින් කරලක් වතුරට දාපන් බලන්න...... මාළුන්ගේ තුවාල වලට තමා දාන්නේ..... උඹේ ටැංකියක්ද.....?? ඒක අළුත් එකක් එහෙම නෙවේ නේද....?? පල් කරලා නේද ඈත්තේ....??

    Tetracycline (ආදේශක doxycycline )යෙදිය හැක්කේ රෝගය නිසිලෙස හදුනාගත්තොත් පමණි - ටෙට්‍රසය්ක්ලින් යෙදීමේදී වාතනය කිරීම අත්‍යවශ්‍ය වන අතර ටැංකියේ උඩ ඉතුරුවෙන පෙණ ඉවත්කළ යුතුය

    ලේ වල ආසාදන - වරල් වල ලේ නහර පෙනීම

    කට අසල පුළුන් වැනි වර්ධනයක් තිබීම

    වරල් කුණුවීම - ඉරි ගැලවී යාම

    හුස්මගැනීමේ අපහසුතා - කරමල රතුවී ඉදිමීම

    රතු ලප (කුඩා තුවාල වැනි ) සම මත ඇතිවීම

    නිවසට නව මාළු රැගෙන ආ පසු අනුගමනය කල යුතු පළමු පියවර

    1) මාළුන් දැමීමට අමතර ටැකියක් අවශ්‍ය වේ. මේ සදහා සිමෙන්ති ටැංකියක් ඉතා යෝග්‍ය වන අතර ජලයේ පෘෂ්ට වර්ගඵලය වැඩි නම් වාතනය අවශ්‍ය නොවේ.

    2) ජලය ලීටර 40 - 50ක් අතර

    3) ගල් වැලි ෆිල්ටර් කිසි දෙයක් නැති ප්ලේන් මතුපිටක් තිබෙනා ටැංකියක් විය යුතුය. ටැංකියේ සිටිය යුත්තේ මසුන් සහ ජලය පමණි.

    4) ටැංකියේ පතුලේ සිට මාළුවාගේ උස මෙන් දෙගුණයක් පමණ ජලය පිරවීම ඉතාමත් සෑහේ

    5) ටැංකියට පුරවන ජලයෙන් 60% ක් පමණ ක්ලෝරීන් අයින් කරන ලද අලුත් ජලය සහ 40%ක් පරණ කොළ පැහැති ජලය එක්කල යුතුය (පල් නොවූ).

    5) ඇන්ටි කොලොරින් කැට මේසහැඳි 3ක් පමණ

    6) ලුණු මේස හැඳි 3 ක් පමණ

    7) මාළුන් රැගෙන ආ ජලය කිසි විටෙක ටැංකියට එක් නොකළ යුතුය.


    ප්‍රථම පියවරේදී යොදන බෙහෙත් වර්ග -

    Cephalexin 500mg ටැබ්ලට් 2 (500mg *2 = 1000mg) ක් පමණි (ජලය ලීටර 40 ත් 50ත් අතර) - ජර්ම් පොසිටිව් සහ ජර්ම් නෙගටිව් බැක්ටීරියා ඉවත්කිරීමට යොදාගනියි, කරමල ආශ්‍රිත රෝග ඉවත්කිරීමට සහ පොදු බැක්ටීරියා ලෙඩ වර්ග, චර්ම රෝග බොහොමයක් මුල් අවධියේම ඉවත් කරගත හැක.

    * මෙම බෙහෙත පළමු වර එක් කිරීමේදී එම ජලය දින 2ක් ද.. දෙවනුව එක් කිරීමේදී ජලය දින 2ක් ද පවත්වාගෙන යා යුතුය.

    * ටැංකියට මුළු දවසෙම 50%ක් පමණ ප්‍රමාණයකට හිරු එලිය ලැබිය යුතු අතර ටැංකියේ ඇති ජලය රත් නොවිය යුතුය. (මේ සඳහා පිටින් තෙත ගෝනි වැනි දේ යොදාගත හැක)

    * දිගු පෘෂ්ට වර්ගපලයක් ඇත්නම් ඔක්සිජන් සැපයීම අවශ්‍ය නැත.

    * දින 5කට වඩා මෙම මෙම බෙහෙත් මිශ්‍රණය සහිත ජලයේ මසුන් නොතැබිය යුතුය.

    * පසුදින මසුන් එකෙකු හෝ කිහිප දෙනෙකු මියගොස් ඇත්නම් අනිවාර්යෙන් විශේෂ ප්‍රතිකාර වලට යොමුවිය යුතුය. ඒ ගැන ඉදිරියට

    * බෙහෙත් දීමෙන් පසුව අවම තරමින් පැය දෙකකට සැරයක් වත් නිරීක්ෂණ අවශ්‍ය වේ.


    මෙම ප්‍රතිකර්මය අතරතුරද මසුන් මියයයි නම්

    පළමු දින -

    1) එයාර් ස්ටෝන් මගින් හොදින් වාතනය කල 60ලීටර ටැංකියකට ලෙඩ මත්සයින් දමා Erythromycin 500mg x2 = 1000MG දැමිය යුතුය.

    2) Methylene blue මේස හැඳි 3ක් ජලයට මිශ්‍ර කලයුතුය

    දෙවන දින -

    1) එයාර් ස්ටෝන් මගින් හොදින් වාතනය කල 60ලීටර ටැංකියකට ලෙඩ මත්සයින් දමා Erythromycin 500mg දැමිය යුතුය.

    2) Methylene blue මේස හැඳි 1ක් ජලයට මිශ්‍ර කලයුතුය

    තෙවන දින

    1) එයාර් ස්ටෝන් මගින් හොදින් වාතනය කල 60ලීටර ටැංකියකට ලෙඩ මත්සයින් දමා Erythromycin 250 mg දැමිය යුතුය. මින්පසු සාමාන්‍ය ටැංකියකට මාරු කල හැක.


    බෙහෙත් දීමෙන් පසු -

    පසු දින සාමාන්‍ය මත්ස්‍ය ආහාර දිය හැක. දිනකට දෙවරක් පමණක් සෑහේ උදේ කාලයේ සහ දවල් කාලයේ පමණක්. රාත්‍රී කාලයේ ආහාර දිය යුතු නැත. විදුලි පහන් දැල්වීමද අනවශ්‍යයි.
     
    • Like
    Reactions: SLCRI

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් Guppy එකා දෙන්නා මැරෙනවා.වතුර වල නම් අවුලක් නෑ.ලිං වතුර දැම්මෙ.මම යලුවෙකුගෙන් අරන් ආපු Guppy ටික එක එකා මැරුනා.ඊට පස්සෙ ටික දවසක්, කඩෙන් ගෙනාපු Guppy ටිකත් හිටියා.දැන් උන් ටිකත් එකා දෙන්නා මැරෙනවා.මුන්ට ලෙඩක් ද? .මොනවහරි බෙහෙතක් තියෙනවද?
    මැරෙන්න කලින්, උන් දවසක් විතර බඩ උඩට හරවගෙනත් පිනනවා.වතුර උඩට වෙලා අමාරුවෙන් හුස්ම ගන්නවා.


    හුගක් පිං...!!!

    හුගක් පිං...!!!

    දන්නෙ නැති අය BUMP කරල යන්න.

    :(:(:(:(:(

    බඩ උඩට හරවගෙන නම් වතුරෙ නයිට්‍රජන් වැඩි වෙලා. වතුර මාරු කරපන් ඉක්මනටම. අගුරු ටිකක් දාපන් වතුරට.. තව බලපන් පොඩි පොඩි සත්තු වතුරෙ ඉන්නවද කියල.. මොකුත් බෙහෙත් දාන්න යන්න එපා...
    දවස් දෙකක් විතර කැම දෙන්න එපා.
    Search "swim bladder disease".
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කලින් ගෙනාපු මාලුන්ගේ ලෙඩක් තියෙන්න ඇති ටැංකි හේදුවට ඒ විසබිඡ තියෙනවා එ ලෙ‍ඩේ අලුතෙන් ගෙනාපු එවුන්ටත් හැදෙන්න ඇති .ඔය වගේ ලෙඩ වලට කරල් ඡාතියක් තියෙනවා නේද ?මම හරියටම දන්නේ නෑ මාලු කඩයකින් අහලා බලන්න .නැත්තම් ඔයාලගේ පැත්තේ වතුර වල කේස් එකක් ඇති .