අද මගේ ක්ලයන්ට් කෙනෙක් පරදින්නම ගිය නඩුවක් දිනුවා! මටත් පට්ට සන්තෝෂයි 
සිද්ධිය කියන්නම්.
දැනට අවුරුද්දකට විතර කළින් කොළඹ පැත්තේ කෝටිපති නෝනා කෙනෙක් ආවා මාව හම්බවෙන්න. එයා ලංකාවේ තියෙන පරණම ප්රසිද්ධ construction company එකක වර්තමාන අයිතිකාරි. company එකෙන් වෙච්චි අසාධාරණයක් හේතුවෙන් customer කෙනෙක් එයාලගෙන් වන්දි ඉල්ලලා නඩුවක් දාලා. සාධාරණයක් කරන්නම් නඩුව අයින් කරගන්න කියලා කිවුවත් මිනිහා ඒකට කැමතිවෙලා නෑ. ඉදිරිපත් වෙලා තිබ්බ සාක්ෂි එනම් මනං එක්ක බැලුවාම මිනිහා නඩුව දිනන ගානට තිබිලා තියෙන්නේ. ඉතින් ඒ නෝනා මට කිවුවා
"අනේ මිස්ටර් කොහොම හරි මේ නඩුව දිනන්න වැඩක් කරලා දෙන්න. වන්දි ගෙවන එක අපිට ප්රශ්නයක් නෑ. ඒත් නඩුව පැරදුණොත් company එකේ කීර්ති නාමයට ලොකු කැළලක් වෙනවා. business වැටෙන්න ත් ඉඩ තියෙනවා. එහෙම වුණොත් සේවකයෝ සිය ගාණකට jobs නැතිවෙනවා"
ඉතින් මම ඇහුවා
"ඔයාලා ඇත්තටම ඔය කියන කෙනාට වරදක් කරලා තියෙනවද?" කියල.
"company එක පැත්තෙන් අඩුපාඩුවක් වෙලා තියෙන බව මම පිළිගන්නවා. ඒක පුද්ගලික හේතුවක් නිසා හිතා මතා කරපු දෙයක් නෙමෙයි. සේවකයෝ සිය ගානක් වැඩකරන තැනක කෙනෙකුගෙන් දෙන්නේකුගෙන් ඔය වගේ සුළු අතපසු වීම් වෙන්න පුළුවන්. ඒකෙන් customer ට ලොකු බලපෑමක් වෙන්න පුළුවන් බවත් මම දන්නවා. ඒත් මේවා කතාකරලා විසඳගන්න බැරි දේවල් නෙමෙයිනේ"
කරපු කතාබහෙන් මෙයා කියන දේ යම් සාධාරණ බවක් තියෙන බව තේරුම් ගත්ත නිසා මම වැඩේ බාර අරගෙන කරලා දුන්නා. ඔන්න අන්තිමේ පරදින්න තිබ්බ නඩුව දිනුම්. නෝනට මාරම සතුටුයි