⚛ ඉස්මාර්ට් බඩු ⚛

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ⚛ ඉස්මාර්ට් බඩු ⚛

    ඉස්මාර්ට් බඩු
    -----------------

    මැයි පලවෙනිදායින් පස්සෙ ගෙදර ට වෙලා නිදහස් සුව විදින්න හිතාන වැඩි සීනී ප්ලේන්ටියකුත් හදාන සාලේ තියන හාන්සි පුටුවේ හොදට කකුල් දෙකත් දිගෑරන් පතබෑ උනෙමි...
    බත් ඔතන්න ඕනේ හින්දාම පිටු වැඩියෙන් තියන ඉංගිරීසී පත්තරක් නම් සති අන්තයට වරදින්නේම නැතිය..
    මෙලෝ හසරක් තේරෙන්නේ නැති උනට් නිවාඩු පාඩු ලැබෙන හැටියට අපේ ගෙදර උන් හැම එකාම වගේ ඔය පත්තරේ අග මුල පෙරල පෙරල රූප බලනවාය...
    මමත් ඉතින් එලකිරි කොල්ලෙක් වගේ ප්ලේන්ටිය ගහන ගමන් පත්තරේ රූප බල බල ඉන්නවාය...
    පැයක් හමාරක් යනකොට ඉංගිරීසි පත්තරෙත් එක්කම පුල් මාවලස් නින්දක් නම් දාන්න පුලුවන් ය....
    ඒ හන්දා මම ඉංගිරීසී පත්තර බලන්න හෙනම ආසය...
    පුල් සෙන්ටි මෙන්ටල් මූඩ් එකේ පත්තරේට අන්තර්ගත වෙලා මෙව්වා වෙලා ඉන්න අස්සේ කොහෙදො යන ඩිරෙක්ට මාර්කටින් පොල් කාවයියෙක් ගෙට රින්ගලාය...
    සෑර් ඉක කුසුමි...
    සෑර්...හෙලෝ....
    අම්මට හුඩු වෙන්න මේ යකා කඩ්ඩෙන් වනවා...
    මම සේප් එකේ පත්තරේ හතරට පහට නමලා පුටුවේ යටට එබුවෙමි...
    ගෙදර කවුරුත් නෑ...යන්න...
    මම පුරුදු ලයින් එකේම උත්තරයක් සෙන්ටි මෙන්ටල් කෙරුවෙමි...
    නෑ ඈ සෑර්...ඒකට කමක් නෑ...
    සෑර් බලන්න සෑර් අපි අද පොඩි හදුන්වා දීමක් කරනවා...
    මෙන්න මේ බ්‍රශ් එක...
    මේක සර්ට කියන්න...ඉස්මාර්ට් බ්‍රශ් එකක්...මෙන්න මෙහෙම මේකේ මේ බොත්තම එබුවම ඔටෝ දත් මැද්දෙනවා....ආයේ මේ බොත්තම එබුවම ඔටෝම වතුර පාරක් කටට එනව...සෑර්ට තියෙන්නෙ කෙල ගහන්න ඉතරයි...
    මූ කියෝගෙන යනවාය...
    මේ ඔටෝම කෙල ගහන්න එහෙම ඕකේ බොත්තමක් එහෙම නැද්ද...
    මම සේප් එකේ ඇහුවෙමි..
    මේකේ නෑ සෑර්...ඉස්සරහට එනව කියලා තියනවා...ඔව්...අම්මපා....
    එහේමද...
    එහෙනම් මම ඒක ආවම එක පාරම ගන්නම්.මම හෙමින් ඇග බේර ගත්තෙමි....
    හරි මේ මේක බලන්න සෑර්...මේක ඉස්මාර්ට් මන්නයක්...මෙන්න මේ බොත්තම එබුවම ඔටොම හොද පැහිච්ච පොල් ගෙඩියක් හොයන් ඇවිල්ලා බිදිනවා..හරි වටින උපකරනයක්...
    අම්මට හුඩු ඉස්මාර්ට් මන්නා පිහිත් තියනවද....
    එතකොට මේ අනිත් බොත්තම...
    අහ් මේ සර් කොම්බෝ මූඩ් එක...
    මේක එබුවට පස්සේ කොම්බෝ මූඩ් එකට වැටෙනවා...
    ඒ කිව්වේ...
    දැන් සර් නිකමට හිතන්න වැට මායිමකට වලියක් යනවා කියලා...බය වෙන්න දෙයක් නෑ මේ ඉස්මාර්ට් මන්නේ තියනකම්...
    මේන්න මේ බොත්තම ඔබපු ගමන් ලග ඉන්න එකාට මන්නෙන් ඔටෝම කොටාගෙන කොටාගෙන යනවා යෑමක් ආයේ කොහොමද යන්නවද වදාපූ දෙමාපියන්ටත් අදුර ගන්න බැරි වෙන්න අගලේ කොටු වලට බරු ගහලා නවතින්නේ....
    අම්මට හුඩු...
    මේ ඕයි අපේ පවුලම හිරේ යන කේස් එකක් ඕක්...මෙහෙ හැමදාම වැට මායිම් වලට වලි....
    හරි සර් මේක බලන්නකෝ...
    මේ තමයි අපි අලුතින්ම හදුන්වලා දෙන ඉස්මාර්ට් පෝන් එක...
    කැමරාව මෙගා පික්සල් එකසිය පනහයි...
    ඉස්පීකර් විසි නමයයි...
    ඒ ඇයි විසි නමයක්...??
    තිහක් ආවා එකක් පිච්චුනා සෑර්...එතකොට පුල් ටච් ඔව්....
    මේක කීයක් වෙනවද ටුවෙන්ටි පයි ටවුසන්ට් සෑර්...ඔව්....බෙස්ට් ඔෆර් එකක් යන්නේ....
    ඒකත් එහෙමද....
    මේකේ තියන හොදම ෆැසිලිටි එක ඇහුවා නම් සර් මේකෙන් තුන හතරක්ම ගන්නවා...
    ඈ ඒ මොකක්ද මෙකේ මොකක්ද සීන් එක...
    මෙහෙමයි සෑර්...
    මේකේ මේ බොත්තම එබුවම සර්ගේ නෝනා හරි ගෑනු ලමයා හරි කතා කරද්දි මේ ෆෝන් එක ඔටෝම කතා කරනවා...
    ආයේ සර්ට වදයක් නෑ ඒ කියන ගොන් කතා අහන් ඉන්න....
    ෆෝන් එකෙන් ඔටෝම ඒවා අහන් ඉන්නවා...
    නිදි මරන් මල් කඩන්න ඕනේ නෑ...
    ෆෝන් එකෙන් ඔටෝම මල් කඩනවා....
    ආයේ කිසි වදයක් නෑ සර්ට
    යකෝ...
    මේවනේ යකෝ ඉස්මාර්ට් බඩු....
    මේක කොහෙද ඕයි මෙච්චර වෙලා තියන් හිටියේ
    මේ අයියේ මට ඔයින් දෙකක් දෙනවා...
    මට එකයි...
    අයියට එකයි......

    :rofl::rofl::lol::lol:

    ඉස්සුවෙ මෙතනින්
    https://www.facebook.com/1480819362219481/photos/a.1480826568885427.1073741828.1480819362219481/1545858869048863/?type=3

    හිස් අතින් යන උන්ට මාසයක් බඩ පලයන් ටොයිලට් එකක් නැති තැනකම :angry:

     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හිස් අතින් යන උන්ට මාසයක් බඩ පලයන් ටොයිලට් එකක් නැති තැනකම :lol:

    mehema kiyadhdai baya nowi kohomada
    esema wewa