⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කුසල්ගේ සිද්ධිය පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් ඊයේ (01) ක‍්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී කළ විමසුමකදී ඇමතිවරයා පවසා සිටියේ කුසල් පෙරේරා සහ ඊට ආදාළ නිලධාරීන් කැඳවා සාකච්ඡා කළ බවත් තමන් කිසිසේත්ම තහනම් උත්තේජකයක් නොගත්තේ යයි කුසල් පෙරේරා දැඩි ස්ථාවරයක සිටින බවත්ය.

”කුසල් වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා..මට විශ්වාසයක් තියෙනවා කුසල් තහනම් උත්තේජක පාව්චිචි කරන කෙනෙක් නෙවෙයි කියලා”

ඔහු කියනවා මම ගත්තේ නෑ. මට සමාව ඕනේ නෑ කියලා. මේක බොහෝම කණගාටුදායක තත්ත්වයක්. ඔහු බේරා ගැනීමට මම උපරිම උත්සහයෙන් කටයුතු කරනවා” යයි කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ පැවති පුවත් පත් සාකච්ඡාවකදී පැවසීය.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් මුදලට තරග පාවාදීම යන සිද්ධිය පිළිබඳව කළ විමසුමකදී ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙසේ පැවසීය.

”රංගනට සහ කුසල්ට මුදලට තරග පාවාදීමට පුද්ගලයන් දෙන්නෙක් යෝජනා කර තිබුණා. මේ සම්බන්ධයේ පරීක්‍ෂණ කරන ලෙස මම මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නා”

”ඉන් එක්ක පුද්ගලයෙක් ‘නෙට් බෝල’ (ජාතික කණ්ඩායමේ පිතිකරුවන්ට පුහුණු දැළ තුළදී පන්දු යවන කී‍්‍රඩකයෙක්) කෙනෙක්. ඒ අනුව මේ යෝජනාව කරලා තිබුණේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ ඉන්න කෙනෙක්මයි. තරග පාවාදීමේ ක‍්‍රියාවලියට කණ්ඩායමේ ඇතුළත අය සම්බන්ධකම් ඇති බවට සාක්‍ෂි ගොඩක් තියෙනවා” යයිද කී‍්‍රඩා ඇමතිවරයා පැවසීය.

”මේ සඳහා අදාළ පන්දු යවන්නාට අමතරව තවත් පුද්ගලයකු හදුනාගෙන තිබෙනවා. මේක මහා භායානක තත්ත්වයක්. ‘නෙට් බෝල’ කියන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ යුතුයි” යයිද පැවසූ කී‍්‍රඩා ඇමතිවරයා...

”මේ අය හාල්මැස්සෝ, මේ පුද්ගලයන් වටේ ජාවාරම්කාරයෝ ඉන්න පුළුවන්. රංගන සහ කුසල් මේ පිළිබඳව සාක්‍ෂි දීලා තියෙනවා. මේ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා” යයිද වැඩිදුරටත් පැවසීය.

”මේවට සම්බන්ධ තවත් පුද්ගලයින් කණ්ඩායම ඇතුළේත් සිටිය හැකියි. ඒ සඳහා තොරතුරු දෙන්න පුළුවන්නම් මම සතුටු වෙනවා” යැයිද ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සේවය කරන්නේ යැයි කියන නම ගිය පුහුණුකරුවකු සහ පුහුණු දැළ තුළ පන්දු යැවීම සඳහා යොදාගන්නා කී‍්‍රඩකයා අතර සමීප සම්බන්ධතාවක් පවතින බවටද කරුණු හෙළිවී ඇතැයි වාර්තා වේ. මෙම පන්දු යවන්නා ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට යොමු කර ඇත්තේ ද මෙම පුහුණුකරු බවද පැවසේ.

මෙම පුහුණුකරු මීට පෙරද කාන්තාවන් සම්බන්ධ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් අවධානයට ලක්වූ අයෙකි. අදාළ පන්දු යවන්නා විසින් ඔට්ටුකරුවන්ගේ අදහස් අනුව කී‍්‍රඩා කරන්නයි කුසල්ට සහ රංගනට යෝජනා කර ඇති බවද දැනගන්නට තිබේ.

ගාල්ල ටෙස්ට් තරගය අතරතුරදී කුසල්ට පිතිකරුවකු ලෙස අසාර්ථක වීමට රුපියල් මිලියන 10 (රුපියල් කෝටියක්) මුදලක් ලබාදීමටද මෙම පන්දු යවන්නා යෝජනා කර ඇති බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධානතම ක‍්‍රීඩකයකුගේ සමීපතයකු යැයි කියන අකුරු දෙකේ අන්වර්ථ නාමයකින් හදුන්වන පුද්ගලයකුද ඔට්ටුකරුවන්ගේ නියෝජිතයකු ලෙස කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් වාර්තා වේ.
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    kusal paw yako :sorry::sorry: kohoma hari karala wc eka gassamu horawa eliyata gemu :oo:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    1674_1132943053397629_5639436462307783261_n.jpg