තිසර පෙරේරා සමුගැනීමේ සූදානමක්?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියවුවෙන් දස්කම් පාන ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රීඩා ක්ෂේත්රය කෙරෙහි කලකිරී විශ්‍රාම ගැනීමට සූදානම් වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් බීබීසී සංදේශයට වාර්තාවේ.
විශ්‍රාම ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටිමින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබෙන නමුත්, ක්‍රීඩා බලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් වාර්තාවේ.
ක්‍රීඩාවෙන් සමුගැනීමේ සූදානම පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් යයි ක්‍රිකට් බලධාරීන් ඔහුට දැනුම් දී ඇති බව විශ්වාස කෙරේ.
ඒ පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා සඳහන් කළේ එවැනි උත්සාහයක් පිළිබඳව තමන්ට තවමත් වාර්තා වී නොමැති බවයි.
ඒ පිළිබඳව කිසිවක් නොදන්නා නමුත්, කිසියම් කලකිරීමක් හේතුවෙන් තිසර පෙරේරා විශ්‍රාම ගැනීමට සැරසෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සූදානම් බවයි, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සංදේශයට කියා සිටියේ.
ක්‍රීඩා ක්ෂේත්රය පිළිබඳව කලකිරීමෙන් මීට වසර කිහිපයකට ඉහතදීද ඔහු විදේශගතවීමට සූදානම් වූ බවට වාර්තා පළ විය.

ඉන්දියාවට කෑම තමා