⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Sri Lanka (probable): 1 Kusal Perera (wk), 2 Tillakaratne Dilshan, 3 Kithuruwan Vithanage, 4 Dinesh Chandimal , 5 Angelo Mathews, 6 Chamara Kapugedara, 7 Milinda Siriwardana, 8 Jeffrey Vandersay, 9, Binura Fernando, 10 Lasith Malinga (capt.), 11 Dushmantha Chameera
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කපුගෙදර ball කරන්න වත් පුරුදු වෙලාද.??:dull: :dull:

    නෑ මයේ හිතේ
    පළවෙනි බෝලෙන් අවුට් උනොත් ආයිත් ඌව දකින්න වෙන්නේ බෝලයක් අල්ලනකොට
    :baffled::baffled::baffled:
    මම නම් කියන්නේ චන්දිමාල්, තිරිමාන්නලත් බෝල දාගන්න පුරුදු වුණානම් හරි
    හදිස්සියකටවත් වැඩක් ගන්න පුලුවන්නේ
    :dull::dull::dull:
    අද නම් අපි පුලුවන් තරම් බැට්ස්මන්ලා ගස්සන්න ඕන
    අපේ මොන බෝලර්ස් ආවත් අරුන් නෙලනවා දුන් විසිවෙන්න

    :sorry::sorry::sorry:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කපුගෙදර ball කරන්න වත් පුරුදු වෙලාද.??:dull: :dull:

    112120582-sri-lankan-cricketer-chamara-kapugedara-gettyimages.jpg
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    "මම දැක්වූ දස්කම්වලට වඩා අසාර්ථක වූ පාකිස්තානු සංචාරය පිළිබ`දව ජනතාව කථා කළා"

    පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පුහුණු සැසියට සහභාගි වූ ශී‍්‍ර ලංකා විස්සයි:20 පිලේ නායක ලසිත් මාලිංග පැවසුවේ කොදෙව් පිලේ ලෝක පූජිත විස්සයි:20 ක‍්‍රීඩකයන් සිටිය ද තමන් ඒ පිළිබ`දව එතරම් තැකීමක් නොකරන බවයි.

    ”බ‍්‍රාවෝ, පොලාඞ් සහ සැමී ලෝකයේ විස්සයි:20 ක‍්‍රීඩකයො පහක් ගත්තොත් එයට ඇතුළත්වන ක‍්‍රීඩකයො. ඒ අය ලෝකයේ සෑම විස්සයි:20 තරගාවලියකටම සහභාගි වෙනවා. අපි ඒ ක‍්‍රීඩකයන්ගෙන් විය හැකි හානිය ගැන හිතන්නේ නැතුව මා ඇතු`ඵ මගේ කණ්ඩායම, එසේ නැත්නම් පන්දු යවන්නන් අවස්ථාව අනුව ක‍්‍රීඩා කරන්නේ කෙහොමද කියන එක ගැන වැඩි සැළකිල්ලක් දක්වනවා” යයිද මාලිංග පැවසීය.

    ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (09) පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය රාත‍්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.

    ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 126 ක් ලබා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වන අතර බටහිර ඉන්දීය කොදෙව් පිල ප‍්‍රසාද ලකුණු 117 ක් ලබා සිවුවැනි ස්ථානයේ පසු වෙයි.

    ශ‍්‍රී ලංකාව මෙම වසර තුළදී විස්සයි:20 තරග දෙකකට පමණක් සහභාගි වී තිබේ. පාකිස්තානයට එරෙහිව සහභාගි වූ එම තරග දෙකම පරාජයට පත්විය.

    ”ප‍්‍රතිවාදීන් ගැන අවධානය යොමු කරනවාට වඩා මගේ කණ්ඩායම ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න හැකියාව ඇති කණ්ඩායමක්”

    ”අපේ කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩකයන් ඉන්නවා. මම මේ තරගාවලිය අභියෝගයකට වඩා මම ඇතු`ඵ සියලූම ක‍්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමේ රැුදී සිටීමට දස්කම් පෙන්වීමට ලැබුණු අවස්ථාවක් හැටියට කළකන්නේ”

    පසුගිය අගෝස්තු මස පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි20 තරග පරාජයෙන් පසුව මාලිංග දැඩි විවේචනයන්ට ලක්වීම පිළිබ`දව කළ විමසුමේදී මාලිංග මෙසේ පැවසීය.

    ”මම ආබාධයන්ට ලක්ව සිටීම ගැන කවුරුත් කථා කළේ නෑ. මගේ පාදයේ අබාධයේ ශල්‍යකර්මයෙන් සති දෙකකට පසුව එන්නත් ලබාගෙන මම ලෝක කුසලාන තරගාවලියට ක‍්‍රීඩා කළා. පාකිස්තානු තරගාවලියේ පසු බෑමෙන් පසුව මට යථාතත්ත්වයට පත්වෙන්න මාස දෙකක පමණ කාලයක් ලැබුණා”

    ”මම දැන් වසර 12 ක් පමණ ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩා කර තිබෙනවා. මම එම කාලය තුළ දැක්වූ දස්කම්වලට වඩා අසාර්ථක වූ පාකිස්තානු සංචාරය පිළිබ`දව ජනතාව කථා කළා. මම හිතන්නේ ඒ මම පසුගිය තරගාවලිවලදී හො`දට ක‍්‍රීඩා කර තිබුණු නිසා වෙන්න ඇති”

    කොදෙව් විස්සයි20 පිලේ නායක ඩැරන් සැමී, පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ ඊයේ පෙරවරුවේ පැවැති පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ ශ‍්‍රී ලංකා පිල විස්සයි:20 තරගාවලියේදී ද හො`ද අභියෝගයක් යොමු කරනු ඇති බවත් තම කණ්ඩායම එයට සූදානමින් සිටින බවත්ය.

    ”අපි ඕනෑම ප‍්‍රතිවාදී කණ්ඩායමකට උපරිම ගෞරවය දක්වනවා. විශේෂයෙන්ම විස්සයි20 තරගවලදී පළමු හෝ දෙවැනි කොටසේ වෙන්න පු`ඵවන්. ඒත් අපි මට්ටම ගැන හිතන්නේ නෑ. ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දක්‍ෂ කණ්ඩායමක් ඔවුන් ප‍්‍රබල අභියෝගයක් යොමු කරයි”

    ”අපේ කණ්ඩායමත් ඉතාමත් හො`ද කණ්ඩායමක්, විස්සයි20 තරගවලදී අපි වඩාත් හො`දට ක‍්‍රීඩා කර තිබෙනවා. විස්සයි20 තරගවල අපේ අත්දැකීම් යොදා ගනිමින් ප‍්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් යොමු කරන්න සූදානමින් ඉන්නවා”

    ”ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක‍්‍රීඩක ඇන්ද්‍රි රසල් පුහුණුවීම්වලට සහභාගි වුණා. අවසන් 11 දෙනා තෝරා ගැනීමේදී ඔහු පිළිබ`දවත් අවධානය යොමු කරනවා” යැයි ඩැරන් සැමී වැඩි දුරටත් පැවසීය.

    ශ‍්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් විස්සයි20 තරගාවලියේදී සංචිතයේ එළියෙන් තැබූ පිතිකරු දිනේෂ් චන්දිමාල් මෙම තරගයට ක‍්‍රීඩා කිරීමට සියලූ අවශ්‍යතා සම්පූර්ණ කර අවසන්ය.

    ද`ග පන්දු යවන්නන් වන සචිත‍්‍ර සේනානායක සහ ජෙෆ්රි වැන්ඩසේ විශේෂ පන්දු යැවීමේ සැසියකට සහභාගි වූ ආකාරය දැකගත හැකි වූ අතර අද තරගයට එම ක‍්‍රීඩකයන් දෙදෙනාම ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.