දිගටම කරගෙන යමු ....
අපි ඉතින් ඕවයේ ගියාට වැඩි විස්තරයක් දන්නේ නැහැ ... දැන්නම් ඉතින් යන්නත් බයයි.. මගේ ජීවිතේ සැහැල්ලුවෙන්ම ගත කරන කාලය තමයි ගුවන් ගමන. take off කාරයින් පස්සේ යේ land කරනකම් මට ජීවිතේ තියෙන්නේ වර්තමානය විතරයි. හරිම සැහැල්ලුයි.. කිසිම වගකීමක් නැහැ කියන හැගීමක් දැනෙන්නේ..
මම අහල තියනව මොකක් හරි කාර්මික දෝෂයක් දැනෙනවානම් පයිලට් ඉස්සෙල්ලම කරන්නේ පුළුවන් තරම් උසකින් යානය පියාසර කරවන්න උත්සහ කරන එකයි කියල. එහෙම කරනවට වඩා ආරක්‍ෂිත නැද්ද පුළුවන් තරම් මුහුද ආසන්නයෙන් පියාසර කරානම්.. එතකොට එන්ජිම් නවතිනවානම් මුහුදට ලෑන්ඩ් කරලා මිනිස් ජීවිත ටික බේරගන්න පුල්ලුවන් නේද.. පුළුවන් තරම් උඩින් පියාසර කරලා එන්ජිම නැවතිලා පහලට වැටීමේදී කෙලින්ම මුහුද පතුලට යනවට වඩා ආරක්‍ෂිත නැද්ද දෝෂ සහිත ගුවන් යානයක් පහලින් පියාසර කිරීම.
නොදන්නා නිසයි අහන්නේ මේ තියරි එක ඒ විදිහට හදල තියෙන්නේ ඇයි කියල පැහැදිලි කරනවද කව්රුහරි දන්නා කෙනෙක්.