✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ජර්මනියේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානය පැය 15ක් ප්‍රමාද වීම හේතුවෙන් ජර්මනියේ ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපළට සහ අදාළ යානයේ සිටි මගීන්ට වන්දි ගෙවීමට ශ්‍රී ලංකන් සමාගමට සිදු වී තිබෙනවා.
    යුරෝපා කොමිසමේ නීති අනුව පැය 3 කට වඩා ප‍්‍රමාදවන ගුවන් යානාවල මගීන්ට අදාළ සමාගමෙන් වන්දි ගෙවීය යුතුයි.ඒ අනුව ගුවන් මගියකුට යුරෝ 600ක් එනම් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 96,960ක් වන්දි ලබා ගෙවන්නට සිදුව ඇත. මගීන් 259 ට එම මුදල රුපියල් කෝටි 2 කටත් වඩා වැඩිවනවා.මෙම සිද්ධිය යුරෝපය පුරා පුවත්පත්වලද දැන් වාර්තා කර තිබෙන අතර මෙමගින් ලංකාවේ ගුවන් සේවාවන් ගැන වැරදි තත්ත්වයක් ප‍්‍රචාරයවීමෙන් සංචාරක කර්මාන්තයටද හානියක් සිදුවවන බව ඒවායේ දක්වා තිබෙනවා.

    ජර්මනියේ ෆ‍්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපළින් පසුගිය සිකුරාදා (19) පස්වරු 3.20ට ශ‍්‍රී ලංකාව බලා පියාසර කිරීමට තිබූ මගීන් 259 ක් රැගත් ගුවන් යානය පැය 15 ක් ප‍්‍රමාද වුනේ එම යානය කොළඹ බලා පදවාගෙන ඒමට නියමිතව සිටි නියමුවා නියමිත වේලාවට ගුවන් තොටුපළට නොපැමිණීමයි.ඊට හේතුවූයේ අදාළ යානය කොළඹ දක්වා රැගෙන ඒමට නියමිතව සිටි කපිතාන් උපේන්ද්‍ර රණවීර බීමත්ව සිට නියමිත වේලාවට ගුවන් තොටුපළට නොපැමිණීමයි. ගුවන් නියමු ප‍්‍රධානී කපිතාන් උපේන්ද්‍ර රණවීර ඉන්පසුව සිදු කළ මත්පැන් පරීක්ෂණයෙන්ද අසමත්වූ අතර මේ වනවිට ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා.

    යූ.එල්. 554 දරන ඒ 330 වර්ගයේ මෙම ශ‍්‍රී ලන්කන් ගුවන් යානය ඉන් පසුව පදවා ගෙන පැමිණ ඇත්තේ ජර්මනිය වෙත ලංකාවෙන් ගිය වෙනත් යානයක නියමුවෙකි. ජාත්‍යන්තර නීතිය අනුව එම නියමුවාට පැය 10 ක විවේක ගැන්වීමකින් පසු දෙවැනි යානයක් පැදවීමේ අවසරය ලබාදීය හැකි නිසා යානය ඔහුට භාර දෙන්නට හැකිවූයේ පැය 15 ක ප‍්‍රමාදයකිනි. ශ්‍රී ලංකන් ගුවන් සේවය සිද්ධිය සැල වූ වහාම අදාළ නියමුවා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගනු ලැබුවා.මේ වන විට ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගුවන් නියමු පරීක්ෂණයක් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනම පරීක්ෂණයක් පවත්වනවා.

    මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සේවය කළ ශ්‍රී ලාංකික සහාය නියමුවෙකු ලන්ඩන් හී හීත්‍රෝ ගුවන් තොටුපළේදී මේ ආකාරයේම සිදුවීමකට මුහුණ දුන්නා. අදාළ සහාය නියමුවා බීමතින් සිටින බවට ලැබුණු තොරතුරක් මත බ්‍රිතාන්‍ය ගුවන් තොටුපළ පොලීසිය පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයේ නියමු කුටිය තුළටම පැමිණ අදාළ සහාය නියමුවා අතුඅඩංගුවට ගනු ලැබුවා. එම සහාය නියමුවා නියමිත වේලාවට ගුවන් තොටුපළ වෙත පැමිණ ගුවන් ගමනට සූදානම් වූවත් නියමු කුටිය තුළදීම අත්අඩංගුවට පත්වන ඔහු ඉන් පසුව සිදු කළ මධ්‍යසාර පරීක්ෂණයෙන්ද වරදකරු බවට පත්වුණා. එම අවස්ථාවේදීද අදාල සහාය නියමුවාගේ සේවය අත්හිටුවීමට කටයුතු කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම , ජාතික ගුවන් සේවාවෙන් අදාළ නියමුවා නෙරපා හැරීමටද කටයුතු කළා. නමුත් මේ වන විට අදාළ සහාය නියමුවා ස්වකීය දේශපාලන බලපුළුවන් කාරකම් මත වෙනත් ගුවන් සේවාවක ප්‍රධාන කපිතාන්වරයෙකු ලෙස මෑතක සිට යළි කටයුතු කිරීම ආරම්භ කර සිටිනවා. දැනට ප්‍රධාන නියමුවෙකු ලෙස අදාළ ගුවන් සමාගමේ සේවය කරන මෙම පුද්ගලයාගේ බිරිඳ සහ ඇගේ පියාද දේශපාලනික පසුබිමක් ඇති දෙදෙනෙක් නිසා මේ ආකාරයෙන් ප්‍රධාන නියමුවෙකු ලෙස රැකියාව ලැබුණු බවයි වාර්තා වන්නේ.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් සිය කටුනායක බලා ධාවනය වූ ගුවන් යානයක් නියමිත වේලාවට වඩා පැය 15ක පමණ ප්‍රමාදයකින් ධාවනය කිරීම හේතුවෙන් එම ගුවන් යානයේ ගමන් ගත් මගීන් 259 දෙනෙකුට රුපියල් ලක්ෂ 260ට අධකි වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුවෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


    එම ගුවන් යානයේ ගුවන් නියමුවා බීමත්ව සිටීම හේතුවෙන් මෙසේ ගුවන් ගමන ප්‍රමාද වූ අතර ඒ අනුව වහාම ක්‍රියාමත්මක වන පරිදි ගුවන් නියමුවාගේ නියමු බලපත්‍රය අහෝසි කිරීමටත් ශ්‍රී ලංකන් සමාගම කටයුතු කළේය.


    කෙසේ වෙතත් යුරෝපා සංගමයේ රීති අනුව කිලෝමිටර් 3500ට වැඩි දුරකින් යුත් ගුවන් ගමනක් පැය හතකරක ප්‍රමාදයකින් යුතුව ධාවනය වන්නේ නම් එම ගුවන් යානයේ ගමන් ගන්නා එක් මගියෙකුට යුරෝ 600ක්, ආහාර, නවාතැන් පහසුකම් හා දුරකතන ඇමතුම් ලබාදීමට අදාළ ගුවන් සමාගමට සිදුවෙයි.


    යුරෝපා සංගමයේ රටකින් ගමන් ආරම්භ කිරීමත් ෆ්‍රැන්ක්ෆර්ට් සිට කොළඹට කිලෝමීටර් 8075ක් තිබීමත්, ගුවන් යානය පැය හතරකට වඩා (සත්‍ය ලෙස පැය 15ක්) ප්‍රමාද වීමත් හේතුවෙන් එක් මගියෙකුට යුරෝ 600ක් (රුපියල් 100,632) වන්දි වශයේ ගෙවිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුවෙයි.


    ඒ අනුව යානයේ මගීන් 259 ක් ගමන් කිරීමට නියමිතව තිබූ හෙයින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවීමට සිදුවෙන සමස්ත වන්දි මුදල රුපියල් 26,063,688 කි. (259x600x167.72= 26,063,688)



    :angry::angry::angry:
     
    ha ha guys i'm waiting to see this...TOM HANKS :love::love::love::love:



    :love::love::love::love:

    ආ මෙන්න උඹලට ඕක එන කල් බල බල ඉන්න තවත් පට්ට Aviation පින්තූරයක් ! :cool::cool:



    ඔය ෆිල්ම් එකේ තියෙන ප්ලේන් එකම තමා පහලින් cargo wheeling වෙට්ටුව දාන්නෙත්. :cool::cool:

     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් සිය කටුනායක බලා ධාවනය වූ ගුවන් යානයක් නියමිත වේලාවට වඩා පැය 15ක පමණ ප්‍රමාදයකින් ධාවනය කිරීම හේතුවෙන් එම ගුවන් යානයේ ගමන් ගත් මගීන් 259 දෙනෙකුට ....

    මෙහෙම මේ ඔෆ් සීසනුත් සෙනග තියාගෙනනෙ මුන් මෙ රූට් එක පාඩුයි කියලා වහන්න යන්නෙ???:rolleyes::rolleyes::eek::eek:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    මෙහෙම මේ ඔෆ් සීසනුත් සෙනග තියාගෙනනෙ මුන් මෙ රූට් එක පාඩුයි කියලා වහන්න යන්නෙ???:rolleyes::rolleyes::eek::eek:

    Even on off season UL has PAX and cargo. All the routes are profitable and for some reason ( brown paper bags ) they want to give up the rights.
     
    මේක ඇත්තද බං ?

    කටුනායක ගුවන් තොටේ වැසිකිලි ගොස් ** සේදීම තහනම් කෙරේ.. කඩදාසි භාවිතය පමණයි..

    August 26, 2016 at 10:40 am | lanka C news




    කටුනායක ගුවන් තොටුපලේ ඇති මගී වැසිකිලිවලට ජලය සැපයීම නවතා දමා ඒ වෙනුවට (වැසිකිලි කඩදාසි) ටොයිලට් පේපර් පමණක් තබා තිබේ.
    පාලනාධිකාරිය පවසන්නේ ජලය භාවිතයෙන් නිතර වැසිකිලිය තෙත් වීමට විසඳුමක් ලෙස මෙම පියවර ගත් බවයි.
    වැසිකිලිවල ජලය නැති බව සියළු වැසිකිලිවල සංඥාවන් අලවා ඇත.
    මේ හේතුවෙන් ගුවන් තොට භාවිතයට ගන්නා දෙස් විදෙස් මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

    වතුර බාල්දියකුත් අරං යමු එහෙනම් මීට පස්සෙ Airport.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නොපෙනෙන ගුවන් මාර්ගයේ අහස් යානා පදවන්නේ මෙහෙමයි

    27-Page-3-Rasa-3.jpg



    උඩු ගුවනේ ගමන් කරන්නේ ගුවන් යානා බව අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් මිහිමත ඇති මාර්ගවල මෙන්, උඩු ගුවනේ ගුවන් යානාවක් ගමන් කරන ආකාරය පිළිබඳ බොහෝ දෙනෙකු දන්නේ නැත. මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන ගුවන් මාර්ග පද්ධතිය භාවිත කරමින් ගුවන් නියමුවන් විසින් ඉටු කරනු ලබන්නේ විස්මිත ක්‍රියාවලියකි. එම විස්මිත ක්‍රියාවලියේ නොපෙනෙන කාර්ය භාරයක් ඉටු කරන තවත් පිරිසක් ද සිටිති. ඔවුහු කවුරුන්ද ? ඒ ගුවන් ගමන් පාලකයෝය.



    පියවි ඇසට නොපෙනෙන ගුවන් මාර්ග පද්ධතියක් සකස්කර තිබෙන්නේ ගුවන් යානාවලට පහසුවෙන් සහ නිරුපද්‍රිතව ගමන් කිරීම සඳහාය. අහසේ පියාසර කරන විවිධ වර්ගයේ විවිධ විශාලත්වයෙන් යුතු ගුවන් යානා සාපේක්ෂව ඉතා වේගයෙන් ගමන් කරන නිසා මහ පොළොවෙහි ගමන් කරන වාහන මෙන් නොව ගුවන් යානා කිසියම් පාලනයකට බඳුන් විය යුතු වේ. එම ගුවන් යානා පාලනය කරනු ලබන්නේ ලෝකය පුරා ස්ථාපනය කර ඇති ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන මගිනි.

    ගුවන් ගමන් කලාප




    ලෝකය ගුවන් ගමන් කලාපවලට බෙදා, එම කලාපවල පියාසර කරන ගුවන් යානාවල පාලනයේ වගකීම ඒ ඒ රටවල්වලට පවරා තිබෙන්නේ ගුවන් ගමන් පහසුව සඳහාය. අප රටට ද එවැනි විශාල ගුවන් ගමන් කලාපයක් හිමිව පවතී. එම කලාපය තුළින් පියාසර කරන ගුවන් යානා පාලනය කිරීම සඳහා ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන පිහිටා තිබේ. මෙරට එවන් ආකාරයේ මධ්‍යස්ථාන පිහිටා තිබෙන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, රත්මලාන ගුවන් තොටුපළ සහ මැතක ඉදි කරන ලද මත්තල ගුවන් තොටුපළ තුළය. ශ්‍රී ලංකාවට පැමිණෙන, පිටත්ව යන සහ මෙරට ගුවන් කලාපය තුළ පියාසර කරන ගුවන් යානා සියල්ල එමඟින් පාලනය කෙරේ. මෙයින් අදහස් කරන්නේ ගුවන් නියමුවකුට තම සිතැඟි පරිදි තම ගුවන් යානා පියාසර කිරීමට අවසර නොමැති බවය. සාමාන්‍යයෙන් ගුවන් යානයක් පණ ගැන්වීමේ සිට නැවත ගුවන් තොටුපළකට ගොඩ බැස ගුවන් යානය ගාල්කරන තෙක් ගුවන් පාලන මධ්‍යස්ථානයක ගුවන් ගමන් පාලකයකුගේ පාලනයට යටත් වේ.


    එපමණක් ද නොවේ ගුවන හෙවත් අහස හිස් ආකාරයෙන් පෙනුණද, ගුවන් යානයකට නිදහසේ තමන් කැමති මාර්ගයක, කැමති වේගයකින්ද ගමන් කළ නොහැකිය. තවද අහසේදී ගුවන් යානා පාලනය නොකළහොත් ගුවන් යානා එකිනෙක ගැටී ගුවන් යානා මගීන්ද සමග විනාශ විය හැකිය. එසේ වන්නේ කෙසේද යන්න ඔබට ප්‍රශ්නයක් විය හැකිය. එවන් අවස්ථාවලදී කුමක් සිදුවේ යැයි කියා නම් ඔබට අනුමාන කළ නොහැක. ඒ වගේම අහසේ තිබෙන සමහර වලාකුළුද ගුවන් ගමන්වලට බාධා පමුණුවන බව ඔබ දන්නවාද? සෑම වලාකුළක් මැදින්ම ගුවන් යානයකට ගමන් කිරීමට නොහැකිය. එසේ නම් ගමන් කළ හැකි සහ නොහැකි වලාකුළු තියෙනවාද? ඒ මොනවාද? ගමන් කළ නොහැකි වලාකුළක් මැදින් ගියහොත් වන හානිය කුමක්ද? මේ ආදී ප්‍රශ්න රැසකි.
    එම නිසා මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අදහසින් කටුනායක, රත්මලාන සහ මත්තල ගුවන් තොටුපළවල්වල ගුවන් සන්තරණ සේවා සපයන්නා වශයෙන් කටයතු කරන ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ ගුවන් ගමන් පාලන දෙපාර්තමේන්තුව භාරව කටයුතු කරන ගුවන් සන්තරණ සේවා ප්‍රධානී ක්‍රිෂාන්ති තිසේරා මෙනෙවිය හමු වුණෙමු. ඇය නියෝජ්‍ය ප්‍රධානී මහින්ද මහමිතව මහතා වෙත අප යොමු කළාය.


    28_RASA_P_3.jpg


    ගුවන් පාලනයේ පියා ආර්.සී. ලීග්



    ගුවන් යානා නිපදවීමෙන් අවුරුදු ගණනාවකට පසු ගුවන් යානා මෙහෙයුම් වැඩිවීමෙන් ඒවා පාලනය කිරීමේ අවශ්‍යතාව මතුවිය. ඒ පළමුවන ලෝක සංග්‍රාමයෙන් ටික කලකට පසුව ය. මහින්ද මහමිතව මහතා ගුවන් ගමන් පාලනය ගැන පැහැදිලි කිරීම ආරම්භ කළේ එලෙසිනි. එය තවදුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසේ කියා සිටියේ ය. පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසු මගීන්, බඩු බාහිරාදිය සහ ගුවන් ලිපි කඩිනමින් රටින් රටට ගෙන යාමට ගුවන් යානා භාවිතයට පෙලඹුණා. ඒ නිසා නිතර නිතර අහසේ ගුවන් යානා මෙහෙයුම් කිරීම ඇරඹුණා. ගුවන් යානාවල මෙහෙයුම් වැඩිවීම නිසා ඒවායේ සුරක්ෂිතභාවයට තර්ජනයක් වීමට එතරම් කාලයක් ගෙවී ගියේ නැත. ඒවා කවුරුන් හෝ පාලනය කළ යුතු බව ගුවන් යානා මෙහෙයවන්නන් සහ ඒ ඒ රටවල ඒ පිළිබඳ වගකිවයුත්තන්ට පෙනී ගියා. මෙකී කාරණා සැලකිල්ලට ගෙන 1920 කාල වකවානුවේදී යම් ක්‍රම වේදයකට ගුවන් ගමන් පාලනය කිරීම ඇරඹුණා. පළමුවෙන්ම එම කාර්යය සිදුකළේ ගුවන් පථයට යාබදව සිටිමින් කොළපාට සහ රතුපාට කොඩි වනමින් ගුවන් යානයට සංඥා ලබාදීමෙන් සහ සුළඟ හමන දිශාව පෙන්වමින් ගුවන් නියමුවන්ට උපදෙස් දෙමිනි. ටික කලකට පසු පාට කොඩි වෙනුවට පාට පාට විදුලි ලාම්පු ආධාරයෙන් සංඥා ලබා දුන්නා.

    තවද මෙම කාර්යය කරන පුද්ගලයන් “ගුවන් ගමන් පාලක”(Air Traffic Controller) යන තනතුරෙන් හඳුන්වනු ලබයි. පසුකාලීනව මෙම ක්‍රියාවලිය සිදුකළේ ගුවන් පථයට යාබදව සිට නොව පාලන මධ්‍යස්ථානයක් ඇතුළත සිටයි. ගුවන් ගමන් පාලනයේ පියා ලෙස සලකන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙන්ට් ලුයිස් ගුවන් තොටුපළේ සේවය කළ ඇමෙරිකන් ජාතික ආර්චී ලීග් මහතායි. ගුවන් ගමන් පාලකයන්ගේ වගකීම වන්නේ තම ගුවන් තොටුපළට පැමිණෙන සහ එයින් පිටතට පියාසර කරන ගුවන් යානා ආපදාවකින් තොරව ගමන් කරවීමට උපදෙස් ලබාදීම ය. ඒ සඳහා ඔවුන් රැඳී සිටින ස්ථානය “ගුවන් ගමන් පාලන කුලුන” වශයෙන් හඳුන්වන්නට යෙදුණා. 1930 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්ලෙව්ලන්ඞ් ගුවන් තොටුපළේ පළමුවන ගුවන් ගමන් පාලන කුලුන ඉදිකළ බව ගුවන් ගමන් පාලන ඉතිහාසයේ සඳහන් වේ.


    ලංකාවේ පළමුවන ගුවන් ගමන් පාලන කුලුන පිහිටා තිබෙන්නේ රත්මලාන ගුවන් තොටුපලේය. පසුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිහිටුවන ලදී. ඒ ආකාරයෙන් උස කුලුනක් මෙන් අහස සිපගෙන තිබෙන්නේ අපගේ ගුවන් ගමන් පාලන කුලුනුයි. රටවල් අතර ගුවන්යානා මෙහෙයුම් වැඩිවීමත් සමඟම, වර්ෂ 1935 දී ගුවන් ගමන් පාලනය තවදුරටත් ව්‍යාප්ත වෙමින් රටවල් අතර ගුවන් මාර්ගවල ගමන් ගන්නා ගුවන් යානා පාලනය කිරීම සඳහා ගුවන් ගමන් මාර්ග පාලන මධ්‍යස්ථාන හඳුන්වා දුන්නා. ලෝකය පුරා පිහිටි මෙම මධ්‍යස්ථාන නූතනයේ හඳුන්වනු ලබන්නේ ක්‍ෂේත්‍ර පාලන මධ්‍යස්ථාන නමිනි.

    වර්තමානයේ ගුවන් යානා සහ ගුවන් ගමන් පාලනය ශීඝ්‍ර දියුණුවකට පත්වෙමින් චන්ද්‍රිකා තාක්ෂණයද යොදා ගනිමින් ගුවන් යානාවල සුරක්ෂිතභාවය වඩාත් තහවුරු කර ඇත. උසස් තාක්ෂණයෙන් යුත් නවීන උපකරණ ගුවන් යානාවල සහ ගුවන් පාලන මධ්‍යස්ථානවල ස්ථාපනය කිරීමෙන් ගුවන් යානා වඩාත් නිවැරදී ලෙස මෙහෙයවීමට හැකියාව ලැබී තිබේ. එපමණක් ද නොව ගුවන් ගමන් අනතුරු වැළැක්වීම සඳහා ගුවන් නියමුවන්ට සහ ගුවන් ගමන් පාලකයන්ට මහත් රුකුලක් වී ඇත.



    27-Page-3-Rasa-4.jpg


    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් පාලන කුලුනේ සිට ගුවන් යානා මෙහෙයවන ගුවන් පාලකයෝ



    ගුවන් තොටුපළකින් ගුවන් යානයක් ගුවන් ගත වීමට පෙර


    සාමාන්‍යයෙන් ගුවන් යානයක් පිටත්ව යන්නේ ගුවන් තොටුපළකින් බව අප දන්නා කරුණකි. එහෙත් ගුවන් යානයක් පිටත්වීමට පෙර සිදුවන ක්‍රියාවලිය ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැත.

    අපි පළමුව ඒ ගැන විමසා බලමු. ගුවන් යානයක් පිටත් වීමට පෙර එම ගුවන් යානයට ඉන්ධන පිරවීම, භාණ්ඩ පැටවීම, මඟීන්ට අවශ්‍ය ආහාර, ගුවන් ගමන සඳහා අවශ්‍ය ලියකියවිලි, ගමන් කරන කලාපයට, ගුවන් තොටුපළට යාම සඳහා අදාළ සිතියම් හා කාලගුණ තොරතුරු ලබාදීම ආදි සියලු දෑ සිදු වේ. මෙම ක්‍රියාවලිය සිදු වනුයේ ගුවන් යානයේ එන්ජින් පණ ගැන්වීමට පෙරය. ඒ සඳහා ගුවන් යානය ඇතුළත තිබෙන විදුලි යන්ත්‍රවල බලය භාවිත නොකර බාහිර විදුලි ජනකයක් සම්බන්ධකර ගුවන් යානය පිටත් වීමට පෙර සිදු කළ යුතු කාර්යන් සඳහා අවශ්‍ය විදුලි බලය ලබා ගනී. එම ක්‍රියාවලින් සිදුවන අතරතුර බඩු බාහිරාදිය සහ මඟීින් ද ගුවන් යානයට ඇතුළු කර ගනියි. ගුවන් තොටුපළ ඇතුළත සිටින මගියෙකු මේ සිදුවන ක්‍රියාවලිය නොදන්නවා විය හැකිය.

    සාමාන්‍යයෙන් ගුවන් ගමනක යෙදෙන මඟියෙකු තමා ගමන් කිරීමට නියමිත ගුවන් යානය පිටත් වීමට පැය තුනකට ප්‍රථමව ගුවන් තොටුපළට පැමිණිය යුතුව තිබේ. එය මගියාගේ ගුවන් ගමන පිළිබඳ කටයුතු පහසු කිරීම සඳහා ය. ඉන්පසු ගමන් මලු රැගෙන ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළු වී ගුවන් තොටුපළ ආරක්ෂක අංශ මගින් තමා සහ තමන්ගේ ගමන් මලු පරික්ෂාවට භාජනය කරවා ගුවන් ගමන් කවුළුව වෙත ගොස් ගුවන් ප්‍රවේශපත්‍ර ඉදිරිපත් කර ගුවන් යානයට නැඟීම සඳහා අවසර පත්‍රය ලබා ගැනීමත් සිදු කළ යුතු වේ. ඒ අවස්ථාවේම තම අතෙහි රැගෙන යන ගමන් මල්ලට අමතරව අනෙක් සියලු ගමන් මලු ගුවන් යානයට පැටවීම සඳහා අදාළ අයට භාර දෙයි.




    ඊළඟ පියවර වන්නේ ආගමන හා විගමන කවුළුවෙන් නිසි අවසරය ලබා ගත් පසු මගියාට ගුවන් යානයට ඇතුළත්වීම සඳහා අවසර ලැබීමයි. කටුනායක ගුවන් තොටුපළේ ගුවන් යානයකට ඇතුළුවීම සඳහා ප්‍රධාන දොරටු දාහතරක් පිහිටුවා ඇත. අවසර පතෙහි තමන් ඇතුළු විය යුතු දොරටුව සඳහන් කර තිබේ. එහිදී ද මගීන් සහ ගමන් මලු පරික්ෂා කෙරේ. එහිදී ගොඩවීමේ අවසර පතෙහි කොටස් දෙකෙන් එක් කොටසක් මගියාට ලබා දෙන අතර ඉතිරි කොටස ගුවන් යානා සමාගම තබා ගනී. එමගින් මගීන් කොපමණ සංඛ්‍යාවක් ගුවන් යානයට ගොඩ වුණා ද සහ කොපමණ සංඛ්‍යාවක් ගොඩවීමට සිටී ද යන්න දැන ගත හැකිය. කෙසේ හෝ ගුවන් යානය පිටත්වීමට පැය භාගයකට පෙර ගුවන් යානයට මගීන් ඇතුළුවී සිටිය යුතු වේ.

    ගුවන් යානය පිටත්වීමට පැයකට පමණ පෙර ගුවන් නියමුවෝ ද යානයේ අසුන් ගනිති. ඊට පෙර අනෙකුත් කාර්ය මණ්ඩලය පැමිණිය යුතුය. ගුවන් යානය පිටත්ව යාමට පෙර ගුවන් යානය පරික්ෂා කර කිසිදු දෝෂයක් නොමැති බව එම ගුවන්යානය භාර ඉංජිනේරුවා විසින් සහතික කරනු ලැබීමෙන් පසු පිටත්ව යාමට අවසර ලැබේ. කිසියම් දෝෂයක් තිබේ නම් මගීන් සිටියදීම එම දෝෂය නිවැරදි කිරීමට උත්සාහ කෙරේ. එහෙත් එම දෝෂය නිවැරදි කිරීම ප්‍රමාද වන්නේ නම් එම මගීන් ගුවන් යානයෙන් බස්සවා ප්‍රමාද වී හෝ වෙනත් ගුවන් යානයකින් ගමනාන්තය දක්වා යැවීමට කටයුතු සැලසීම අදාළ ගුවන් සමාගමේ වගකීමකී.

    සියල්ල සුදානම් වූ පසු ගුවන් නියමුවා විනාඩි පහකින් අප පිටත්ව යාමට සූදානම් බවත්, එන්ජීම පණ ගැන්වීම හෝ ගුවන් යානය පසුපසට තල්ලු කිරීමට හෝ අවසර ලබා දෙන මෙන් ගුවන් ගමන් පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ කාර්යන් දෙකම එකවර සිදුකිරීමට ඉල්ලා සිටින අවස්ථා ද තිබේ. අවසානයේ යානාවේ දොර වසා දැමීමෙන් පසු ගුවන් පාලමක් සම්බන්ධ කර තිබේ නම් එය ඉවත් කරනවා. ගුවන් යානය පසුපසට තල්ලු කිරීම සඳහා සම්බන්ධ කර ඇති උපකරණය මගින් තල්ලු කිරීමෙන් පසු එම උපකරණය ගුවන් යානයෙන් ඉවත්කර ගන්නවා. ඉන්පසු ගුවන් යානය ගුවන් පථය දක්වා ගමන් කිරීම සඳහා අවසර ඉල්ලනවා. ඊට පසු ගුවන් යානය ගුවන් පථයට ඇතුළුවීමට පෙර සූදානම්වන නැවතුම් ස්ථානය දක්වා ගමන් කරනවා. ගුවන් පථයට ඇතුළත් වීමට පෙරද අවසර ලබාගත යුතු අතර ඇතුළු වූ පසු පිටත්වීම සඳහා අවසරය ලබා දෙනවා.

    සමහර සැහැල්ලු ගුවන් යානා තම ගුවන් යානයේ ඇති විදුලි බලයෙන් එන්ජිම පණ ගන්වාගෙන ගමන් කරයි. එසේම එක ගුවන් පථයක් පමණක් තිබේ නම් ගුවන් යානා ගුවන්ගත කිරීම හෝ ගොඩ බැස්ස වීම හෝ වරකට එක ගුවන් යානය බැගින් කෙරෙන අතර ගුවන් පථ දෙකක් හෝ කිහිපයක් තිබේ නම් එකවර ගුවන් යානා දෙකක් ගොඩ බැස්ස වීමට හෝ ගුවන්ගත කිරීමට හැකියාවක් පවතී. දිනයක් අවසන්ව තවත් දිනයක් උදාවීමත් සමඟම එදිනට පිටත්ව යාමට සහ පැමිණීමට ඇති ගුවන් යානා සඳහා ගුවන් ගමන් පාලකයන් විසින් ගුවන් යානා ගාල්කරන සැලැස්මක් සාදාගනු ලබයි. වර්තමානයේ සාමාන්‍යයෙන් දිනකට ගුවන් ගමන් වාර 200ක පමණ සංඛ්‍යාවක් කටුනායක ගුවන් තොටුපළ තුළ මෙහෙයවනු ලබයි.





    27-Page-3-Rasa-6.jpg


    ශ්‍රී ලංකාවට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළට බස්සන විට කටාර් දේශයට අයත් ගුවන් යානයක් පිටත්ව යන අයුරු



    ගුවන් ගමන් පාලනය කිරීම ගුවන් ගමන් පාලක සතු වගකීමකි.


    ගුවන් යානයක් පාලනය කිරීම එක රටක සිට හෝ එක් අයෙකුට පමණක් සිදු කළ හැකි ක්‍රියාවක් නොවේ. ඒ සඳහා ලෝකය පුරාම ව්‍යාප්ත වූ සම්මත ක්‍රමවේදයක් තිබේ. ඒ අනුව ලෝකයේ රටවල් කලාපවලට බෙදනු ලැබූ අතර ශ්‍රී ලංකාවට ද එවැනි ගුවන් ගමන් කලාපයක් ලබා දී ඇත. ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද, අපට හිමිව පවතින ගුවන් කලාපය විශාලය. එම කලාපය හඳුන්වනු ලබන්නේ “කොළඹ ගුවන් ගමන් කලාපය” (Colombo Flight Information Region) යන නමිනි. එහි වපසරිය වර්ග සැතපුම් හය ලක්ෂයකට ආසන්නය. මෙම කලාපයේ පියාසර කරන සියලුම ගුවන් යානා පාලනය කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ ශ්‍රී ලංකාවටය.

    ලෝකයේ ඕනෑම රටකට අයිති ගුවන් කලාපය හරහා ගුවන් යානා ගමන් කරන විට එම කලාපය අයිති රටෙන් අවසර ලබා ගැනීම ජාත්‍යන්තර ගුවන් නීතියයි. ඒ සඳහා “පියසර සැලැස්මක්” කලින් ඉදිරිපත් කළ යුතු අතර අඩුම තරමින් පැයකටවත් පෙර ගුවන් ගමන් පාලන අංශයට ඉදිරිපත් කළ යුතුය. ඒ මන්ද එම ගුවන් ගමන ආරම්භ කිරීමට අඩුම වශයෙන් පැයකට ප්‍රථමවත් එම ගුවන් යානය ගමන් ගන්නා මාර්ගයේ සියලුම රටවල ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානවලට අනිවාර්යෙන්ම දැනුම් දිය යුතු වීමයි. මෙම පියාසර සැලැස්මේ ගුවන් ගමන් සංකේත අංකය, ගමන් කරන මාර්ගය ගුවන් ගමන ආරම්භ කිරීමට බලාපොරාත්තුවන වේලාව, ගුවන් යානයේ වර්ගය ආරක්ෂක උපකරණ සහ අනෙකුත් උපකරණ සහ කොපමණ උසකින් පියසර කරන්නට බලාපොරොත්තු වනවාද යන්න ආදී සියලු විස්තර එහි ඇතුළත්ව පැවතීම අනිවාර්ය වේ. මෙම සියලුම කාර්යන් සඳහා භාවිත කරන වේලාව වන්නේ ග්‍රිනිච් සම්මත වේලාවයි.

    ගුවන් යානයක් පිටත්වීමෙන් පසු පිටත්වූ වේලාව සඳහන් කරමින් ටෙලෙක්ස් වැනි විශේෂ සන්නිවේදන ක්‍රමයකින් ටෙක්ස් පණිවුඩයක් අදාළ රටවල්වලට යවනු ලබයි. එම පණිවුඩය හඳුන්වනු ලබන්නේ පිටත්වීමේ පණිවුඩය යන නමිනි. ඒ අනුව අදාළ රටවල් ඊට පෙර එවා ඇති පියසර සැළැස්මේ වේලාවන් සකස් කර ගනී. එපමණක් ද නොවේ එම ගුවන් යානය ගමන් කරනවිට කිසියම් රටක ගුවන් ගමන් කලාපයට ඇතුළු වීමට විනාඩි දහයකට පෙර කොපමණ උසකින් එම කලාපයට ඇතුල්වනවා ද යන්න ගුවන් ගමන් පාලකයා මෙන්ම ගුවන් නියමුවා විසින්ද අදාළ රටෙහි ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානයට දැනුම් දීම අනිවාර්ය වේ.


    27-Page-3-Rasa-5.jpg

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් කොටුපළේ ගාල්කර ඇති ගුවන් යානා සහ එම ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන, බඩු බාහිරාදිය පටවන අයුරු.



    ගුවන් යානා දෙකක් එකට මුණ ගැසිය නොහැකිද ?


    සමහර අවස්ථාවල එකම උසකින්, එකිනෙකට හමුවන මාර්ග දෙකකින් පැමිණෙන ගුවන් යානා දෙකක් කිසියම් ගුවන් ගමන් කලාපයකට ඇතුළු වුණා යැයි සිතමු. ඒ ආකාරයෙන් ඇතුළු වූ ගුවන් යානා දෙක එක මංසන්ධියකදී එකට හමු වීමට ඉඩ තියෙනවා. ඒ ආකාරයෙන් හමුවුණ හොත් ගුවන්යානා දෙකම විනාශ වෙනු ඇත. එවැනි ගුවන් යානා දෙකක් ගැටීමෙන් විනාශ වූ අවස්ථා මෑත කාලයේදී ද අපට අසන්නට ලැබී ඇත. මේ නිසා ගුවන් යානා දෙකක් අතර අවම වශයෙන් පවත්වා ගත යුතු අවම කාලය හෝ දුර තීරණය කරනු ලබන්නේ ගුවන් ගමන් පාලකයන් විසිනි. එම දුර ප්‍රමාණ සහ කාලයන් ගුවන් නියමුවන් දැන ගන්නේ කෙසේද ? එවන් අවස්ථාවල දී ගුවන් ගමන් පාලක නිලධාරියෙකුට සිදු කළ හැකි විකල්ප කිහිපයක්ම තිබේ. ඉන් එකක් නම් ගුවන් යානා ගමන් කරනු ලබන උස මට්ටම් දෙකකින් පවත්වාගෙන යාම ය. උදාහරණයක් වශයෙන් එක් ගුවන් යානයක් අඩි හතලිස් දහසකිනුත්, අනෙක් ගුවන් යානය අඩි තිස් අට දහසකිනුත් ගමන් කරවීමේදී එම අනතුරුදායක තත්ත්වයෙන් මුදවා ගත හැක. අනෙක් විකල්පය නම්, ගුවන් යානයේ වේගය අඩු කිරීමෙන් හෝ වැඩි කිරීමෙන් ගුවන් යානා අතර දුර පරතරය අවශ්‍ය පරිදී සකසා ගැනීමෙනී.

    ගුවන් යානා එවන් ආකාරයේ ගැටීම්වලින් වළක්වා ගැනීම සඳහා අනුගමනය කරන තවත් ක්‍රමවේදයක් පවතී. එය නම් බටහිර දිශාවට ගමන් කරන්නේ නම් ඉරට්ටේ සංඛ්‍යාවක උසකින් ද (අඩි 30,000), නැගෙනහිර දිශාවට ඔත්තේ සංඛ්‍යාවක උසකින් ද (අඩි 31000) ගමන් කිරීමෙනි. මෙය ගුවන් යානා පියාසර කිරීමේදී අනුගමනය කරනු ලබන මූලික ක්‍රමවේදයකි. මේ ආකාරයෙන් ගමන් කිරීමේදී ගුවන් යානා දෙකක් එකිනෙකට මුණ ගැසෙන්නේ නැත. ඒවා එක ළඟින් ගමන් කළ ද, එක ගුවන් යානයක් උඩින් සහ අනෙක පහළිනුත් ගමන් කරනු ඇත.

    ගුවන් යානා ගමන් කිරීමේදී පිළිපැදිය යුතු තවත් වැදගත් කරුණක් නම්, දිවයිනක් රටක් උඩින් පියාසර කිරීමේදී එම රටේ තහනම් (prohibited) ප්‍රදේශ තුළින් ගමන් කළ නොහැකි අතර, සීමා කර ඇති කිසියම් ප්‍රදේශයක් උඩින් ගමන් කරන්නට අවශ්‍ය නම්, අවම වශයෙන් එම උස සීමාවේ සිට අඩි දහසක්වත් (1000) උඩින් ගමන් කළ යුතුය. උදාහරණයක් ලෙස ලංකාවේ පාර්ලිමේන්තුව උඩින් ගමන් කළ නොහැකි නමුත් කොළඹ වරාය, දළදා මාලිගය, සමහර හමුදා කඳවුරු උඩින් ගමන් කරන්නේ නම් උස සීමාවන්ට යටත්ව පියාසර කළ හැකිය.

    ස්තුතිය - : ගුවන් සන්තරණ සේවා ප්‍රධානී ක්‍රීෂාන්ති තිසේරා, නියෝජ්‍ය ප්‍රධානී මහින්ද මහමිතව, ගුවන් ගමන් පාලක මහේෂ් ගුණවර්ධන, රුවන් හිග්ගොඩ, දේශානී එදිරිසිංහ, සුනිල් රණවීර යන මහත්ම මහත්මියන්ට.



    m34.jpg


    source - Lankadeepa.lk
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Joe Sutter, ‘Father Of The 747,’ Dies At 95

    1921~2016 RIP :(

    මචන්, මේකේ නේද බැන්කි මූන් ලන්කාවට ගියේ.. මියෙන්මාර් වල ඉදන් ලන්කාවට ආව ෆ්ලයිට් එකයි. ඒ කියන්නේ මේකේ තමා යන්න ඇත්තේ.. කොරියන් එයාර් වීඅයිපී ජෙට් එකක් නේද? රෙජිස්ටර් නම්බර් HL8222.


    hl8222-korean-air-lines-boeing-737-7b5bbj_PlanespottersNet_581085.jpg


    HL8222%20INT-lrg.png
     
    Last edited: