ශ්‍රී ලංකාවේ යාචකයා - නන්දසේන රත්නපාල
"හිගන වේශධාරීන්ට යන්තමින්වත් ලං වන්නේ හිගන මහත්වරුය. අවිස්සාවේල්ල පළාතේ එවැන්නෙක් ගැන මම දැන සිටියෙමි. කලිසම් කමිස ඇද එවක (1970 ගණන්වල) මහරගමට එන ඔහු මහරගම පොදු වැසිකිලියට ගොස් ඒවා ගලවා හිගන වේශය දරා ගනියි. ඉන්පසු හිගා කන ඔහු නැවත මහරගමට විත් තම පුරුදු ඇදුම ඇදගෙන සාමාන්‍ය අයෙකු ලෙස ගෙදර යයි.
ඔහුගේ ගෙදර බලන්නට මමද ගියෙමි. තරුණ දියණිවරු දෙදෙනෙකුගෙන් යුත් ඒ පවුල වාසය කලේ තරමක් හොඳ නිවාසයකය. ගමේ කාටත් ඔහු කිවේ කොළඹ රක්ෂාවක් කරන බවය. 'මහත්තයා' කියා ඔහුට ඇමතීම ගමේ සිරිත විය. 'මහත්තයා' ඇත්ත වශයෙන්ම හිගන්නෙකු බව දැන සිටියේ මා පමණක්ද? ඒ තරමට හොදින් මහත්තයා තම රක්ෂාව කරගෙන ගිය බව සදහන් කිරීම වටි."
ලංකාවේ යාචකයකු බවට පත්වීමෙන්ම කළ පර්යේෂණ තොරතුරු මේ පොතේ අඩංගුවේ. යාචක වේදය, යාචක වර්ග, හිඟාකෑමේ ක්‍රම සහ විධි, යාචක පවුල්, යාචකයන්ගේ ලිංගික ජීවිතය හා යාචක ප්රශ්නය විසඳිය හැකි මාර්ග ආදී නොයෙක් මාතෘකා ගැන මේ පොතේ සාකච්ඡා වේ.
Download Link - http://bit.ly/2SBF99y