✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

mangabks

Active member
  • Sep 10, 2018
    167
    98
    28
    ශ්‍රී ලංකාවේ යාචකයා - නන්දසේන රත්නපාල

    "හිගන වේශධාරීන්ට යන්තමින්වත් ලං වන්නේ හිගන මහත්වරුය. අවිස්සාවේල්ල පළාතේ එවැන්නෙක් ගැන මම දැන සිටියෙමි. කලිසම් කමිස ඇද එවක (1970 ගණන්වල) මහරගමට එන ඔහු මහරගම පොදු වැසිකිලියට ගොස් ඒවා ගලවා හිගන වේශය දරා ගනියි. ඉන්පසු හිගා කන ඔහු නැවත මහරගමට විත් තම පුරුදු ඇදුම ඇදගෙන සාමාන්‍ය අයෙකු ලෙස ගෙදර යයි.

    ඔහුගේ ගෙදර බලන්නට මමද ගියෙමි. තරුණ දියණිවරු දෙදෙනෙකුගෙන් යුත් ඒ පවුල වාසය කලේ තරමක් හොඳ නිවාසයකය. ගමේ කාටත් ඔහු කිවේ කොළඹ රක්ෂාවක් කරන බවය. 'මහත්තයා' කියා ඔහුට ඇමතීම ගමේ සිරිත විය. 'මහත්තයා' ඇත්ත වශයෙන්ම හිගන්නෙකු බව දැන සිටියේ මා පමණක්ද? ඒ තරමට හොදින් මහත්තයා තම රක්ෂාව කරගෙන ගිය බව සදහන් කිරීම වටි."

    ලංකාවේ යාචකයකු බවට පත්වීමෙන්ම කළ පර්යේෂණ තොරතුරු මේ පොතේ අඩංගුවේ. යාචක වේදය, යාචක වර්ග, හිඟාකෑමේ ක්‍රම සහ විධි, යාචක පවුල්, යාචකයන්ගේ ලිංගික ජීවිතය හා යාචක ප්‍රශ්නය විසඳිය හැකි මාර්ග ආදී නොයෙක් මාතෘකා ගැන මේ පොතේ සාකච්ඡා වේ.


    Download Link - http://bit.ly/2SBF99y
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    රන් කරඬුව - බටුවන්ගල රාහුල හිමි 2015 ස්වර්ණ පුස්තක සම්මාන උළලේ ජයග්‍රාහක නවකතා කෘතිය

    පෘථග්ජන හාමුදුරුවන් වහන්සේ නමක් සිය දිවියට සැනසුමක් සොයා යන ගමනේදී , උන් වහන්සේ ගිහි කල සිට අල්ලාගෙන ආ අරමුණු අත් හැරීමට මානසිකව ගන්නා වෙහෙස මෙම කතාව පුරාවටම විග්‍රහ වෙයි. එදා සිට අද දක්වා බුදු සසුනේ හමුවන චරිත වරින්වර කථා නායකයා ට මුන ගස්වා නිරවුල් සිතේ කෙලෙස් ටිකෙන් ටික ලියලන අයුරු හොඳින් පෙන්වයි. මුලු ගමනට මඟ පෙන්වන කරත්ත කරුගේ උදව්වෙන්, අත හැරීම පෙන්නුම් කරයි.


    Download Link - http://bit.ly/2SC9hS8
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    මාණික්කාවත - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

    ගෙයක් නම් ගැහැණියක් සිටිය යුතුය. පුංචි උන් තොරතෝංචියක් නැතිව කෑගැසිය යුතුය. නිතර නිතර කුස්සියේ දුම් දැමිය යුතුය. පිටුපස බිත්තියේ උදලු හේත්තු කර තිබිය යුතුය.කුස්සියේ යට ලීයේ ඇන කොහොල්ලෑ ගුලියක් තිබිය යුතුය.ගේ කුරුලු කූඩුවක් තිබිය යුතුය.බත් දමන ලෑල්ලේ නිතර කුරුලු වර්ග සද්ද කළ යුතුය.

    සංසාරයත් හරියට පොතුවිල් දොළ වගේය. ඔහේ ගලා ගෙන යයි. උන් හිටි ගමන් මහ වැසි සමග එක් වී වටපිට වනසා මහ භයානක සද්දයක් නංවා දෙගොඩ තලා යයි. පසුදා උදේ යළි කිසිවක් නොවුණු ගානට ඔහේ ගලා ගෙන යයි.එහෙත් වෙනසක් ඇත.

    පොතුවිල් දොළ අමුණු බැද නතර කළ හැකිය.වතුර හරවා කුඹුරු වලට යැවිය හැකිය. සංසාරය එසේ නතර කළ නොහැකිය. හරවා යැවිය නොහැකිය. එය සිදු වේ.


    Download Link - http://bit.ly/2MTu2DR
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    ඉටි පහන් - සුමිත්‍රා රාහුබද්ධ

    සුමිත්‍රා රාහුබද්ධ නම් වූ ඇය ගැමි වහරද ගැමිකම ද මනාව හසුරුවා අර්ථවත් නිර්මාණයක් පාඨකයා අතට පත් කොට ඇත.

    මුල සිට අගට කතාව පුරාවට මා ඒ ඉටි පහන සෙව්වෙමි.දුලීනා,ඩේසි අතර මා මගේ සිතැගි වහල් කර ගතිමි.දුලීනා කෙරේ අනුකම්පා සහගත බියක් සේම;ඇය සදා දුක ඉසිලූ නිසාම,ඩේසි කෙරේ ලජ්ජා සහගත බියක්ද පිලිකුලක්ද මා ඉසිලූවෙමි.ඉතින් යලිත් කතාවක අවසානය මෙසේ විය.ඉටි පහන් නම් ,කවුද ?ප්‍රශ්ණයක්?


    Download Link - http://bit.ly/2MXuYXO
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ශ්‍රි ලංකාවේ අදුරු භීෂණ යුගය ගැන ලියැවුනු පොත් පෙලක 4 වැන්න


    ගිණි අවි සහ ගිණි කෙළි


    ග්‍රන්ථයේ කතෘට, ප්‍රකාශකයින්ට හා පොත පිටපත්කල අයට විශේෂ ස්තුතිය.




    Download link

    https://mega.nz/fm
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    hathalis-ek-wanna-195x300.jpg

    LTTE සෙබලියක් හා හමුදා සෙබලෙක් පාලු දූපතක අතරමන් වී එකිනෙකාට උදව් කරගන්න සිදුවුවහොත්,එවැනි කතාවකුයි මේ..

    හතලිස් එක් වැන්නා - රුසියන් කතාව පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී රොද්‍රිගු මහතා..

    ''ඒ කපිතන් යකාට ගියාවේ.මට ඕනෙ ජීවත් විමට.අවුරැදු 27ක් මා ජීවත් වුනාට මොකද,මා කොහෙත්ම ජීවත් වූණේ නැති බව දැන් මට වැටහෙනවා.මහ ගොඩක් මුදල් වියදම් කලා.යම් කිසි පරමාදර්ශයක් සෙවීම සදහා රටවල් ගානෙ ඇවිද්දා.හදවත ඇතුලෙ පුහුබව නිසා මරනීය පාලු ගතියක් හාඅසතුටක් තිබුනා.මේ තකතීරැ දූපතේ මේ තකතීරැ මුහුද මැද ඉතාම සම්පූර්ණ දවස් මා ගෙවනු ඇතැයි මට එදා කවුරැහරි කිවුවානම් මගේ ජීවිතයේට මා කිසිමදාක විශ්වාස කරන්නෙ නෑ.''

    '' ඔයා කිවුවෙ මොනවගේ දවස් ගැනද?''

    '' ඉතාම සම්පූර්ණ දවස් දවස්.තේරෙන්නෙ නැතිද,ඔයාට තේරැම් ගතහැකි විදියට එය කියන්නෙ කොහොමද?තමාට එරෙහිව තියන මුලු මහත් ලෝකයම සතුරෙක්ය කියන හැගීමෙන් තොරව.ස්වාදීන අරගලයක් සදහා වෙන්වූ කොටසක් ලෙස හගින්ෙන් නැතවෙ,එහි සම්පුර්නයෙන් දියවී යමින්''-මෙහිදී ඔහු දෑත් විදහා පෙන්විය-.''පෘතුවි ස්කන්ධයෙහි දියවෙමින්.පෘතිවි ගෝලයත් සමග වෙලී සිටිනව මට දැන් දැනෙනවා.පෘතිවි ගෝලයේ ආශ්වාසය මගේ ආශ්වාසයයි.ඔන්න වඩදිය හුස්ම ගන්නවා:ෂර්ප්...ෂුර්ප්...ඒ හුස්ම ගන්නේ වඩදිය නෙවෙයි මම.මගේ ආත්මය.මගේ ශරීරය.''

    මර්යුට්කා මාලු කපන පිහිය පසෙක තැබුවාය.

    ''ඔයා කියන්නෙ පන්ඩිත භාෂාවෙන්බර වචන වලින්.මට ඒ වචන සියල්ලම වගේ තේරැම් ගියේ නෑ.මම සාමාන්‍ය සරල බසින් කියන්නම්.මම දැන් වාසනාවන්තියක්''


    Download Link - http://bit.ly/2N9YGst
     
    • Like
    Reactions: keenk2n

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    "ඉන්කා නිධානය"

    inka-nidanaya-195x300.jpg


    කපිතාන් W.E. Johns නමැති ඉංග්‍රීසි ජාතික ලේඛකයා විසින් රචනා කරන ලද "බලඝන නායක ජේම්ස් බිගල්ස්වර්ත් ගේ ගුවන් වික්‍රම" කථා පෙළ

    ඇමේසන් ගංගාව දිගේ දකුණු ඇමරිකාවේ ඝන වනාන්තර පීරමින් වසර සිය ගනනකින් මිනිස් පහසක් නොලද අද්භූත මායාවරුන්ගේ රාජධානියක ඔබ අතරමන් වෙනවා.

    Adventure Stories වල අඩංගු විය යුතූ තාත්ත්වික සංත්‍රාසය බිගල්ස්ගේ හැම චාරිකාවකම දක්නට ලැබුනත් මෙහි අත්දැකීම අන් හැම එකටම වඩා ගොඩක් ඉහළයි. "ඉන්කා නිධානය"


    Download Link - http://bit.ly/2NdJvyI
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    හයිඩි

    heidi-195x300.jpg


    වර්ෂ 1880 දී ස්විස් ජාතික ලේඛිකා යොහානා ස්පියරි විසින් රචිත "හයිඩි" නොබෝදා කියවීමට ලැබුණු තවත් එක් සුන්දර කෘතියකි. මෙය කුඩා කළම දෙමාපිය සෙනෙහස අහිමිව තම සීයාගේ රැකවරණය යටතේ ස්විට්සර්ලන්තයේ කදුකර පෙදෙසක වාසය කරන හයිඩි නම් කුඩා දැරියක පිළිබඳ රසාලිප්ත වෘතාන්තකි.

    සොභාදහම කෙරේ අසීමිත ලෙස ඇලුම් කරන්නියක වූ හයිඩි ගේ දිවියේ අල්ම් අංකල් සමග කන්දේ නිවසේ ද, ක්ලාරා සමග ෆ්‍රෑන්ක්ෆර්ට් හි ද ගත වෙන සුන්දර කාල පරිච්ඡේදය සිත් වශීකෘත වන අන්දමට විස්තර කර ඇත.

    සොභාදහම සතු ගත ද සිත ද සුවපත් කිරීමේ ගුණාංගය ඉස්මතු වන මෙම කෘතිය ළමා සිත් තුළ ගහ කොළ සතා සිව්පාවා කෙරේ ඇල්මක් ඇති කිරීම ට ද සමත් වේ.


    Download Link - http://bit.ly/2SWzCKV
     

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    “සැබෑ මිනිසෙකුගේ කතාවක් ”

    saba-minisekuge-kathawak-195x300.jpg


    “බරීස් පලෙවොයි” විසින් රචිත රුසියානු පොතක් වන මෙය සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ “දැදිගම වී රුද්‍රිගු” මහතා විසින්. පොත ලියැවී ඇත්තේ ” අලෙක්සෙයි මරේස්යෙව්” කියන සැබෑ පුද්ගලයාගේ ජිවන කතාව මූලික කරගෙන.අලෙක්සෙයි මරේස්යෙව් කියන්නේ සටන් අහස් නැවියෙක්.නාසි කදවුරු වලට පහර දෙන්නට ගොස් ඔහුගේ ගුවන් යානය වෙඩි වැඩි විනාශ වෙනවා.එයින් සිදුවන අනතුරෙන් පස්සේ අලෙක්සෙයි ගේ කකුල් දෙකම ඔහුට අහිමි වෙනවා.එහෙත් ඔහු සතුරාට අසු නොවී මහ හිම කතරේ දින 19ක් බඩගාගෙන තම කදවුරට පැමිණෙනවා.රෝහලෙන් නිදහස් වන මරේස්යෙව් බොරු පා දෙකක් බැදගෙන නැවත ගුවන් යානාවක් පදවාගෙන ගොස් සතුරු කදවුරකට පහර දී එය විනාශ කරදමනවා...මේ පුදුම මහා පුරුෂයා රුසියන් ජනතාව මහත් ආදරයෙන් සිප වැලද ගෙන ඔහුට " සෝවියට් සංගමයේ වීරයා " නමැති සම්මානයෙන් ද පුදනු ලබනවා....

    අලෙක්සෙයි මරේස්යෙව් තමන්ගෙ අරමුණ මුදුන් පමුණුවාගැනීමට ගන්න වෙහෙස මහන්සිය .. එතකොට ඒ වෙනුවෙන් කරන කැපවීම .. ඉවසීමෙන් කටයුතු කරගනිමින් ජයග්‍රහණය කරා ගමන්කිරීම … දකිනකොට … කියවන අපටත් ඒක ජයග්‍රහණයක් ම වෙනවා.....


    Download Link - http://bit.ly/2N9PmVI
     
    • Like
    Reactions: LazyLizard

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    අනන්ත දේශය - ශමෙල් ජයකොඩි

    anantha-deshaya-195x300.jpg

    නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව මිය ඇදෙන පුද්ගලයකුගේ දියණියක මුහුණ දෙන අත්දැකිම් වටා ගෙතුන මේ කතාව ඔස්සේ එක් කලෙක ඉතිහාසගත කාලවකවානුවක හට ගත සිදුවීම් අතර සිරවෙන මිනිසුන්ගේ ඉරනම අපවෙත දිග හැරෙයි..
    වෙනස් කියවීමක් සහිත කෘතියකි


    Download Link - http://bit.ly/2N8T7dW
     
    • Like
    Reactions: donkosala

    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    හැරී පොටර් සහ මායා පාෂාණය

    maya-pashanaya-195x300.jpg


    ලෝක ප්‍රකට harry potter කතා පලමුවැන්න වන Harry Potter and the Philosopher's Stone සිංහල පරිවර්තනය: හැරී පොටර් සහ මායා පාෂාණය

    Download Link - http://bit.ly/2N8tkm6
     
    • Like
    Reactions: Pessimist

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    • Like
    Reactions: Pessimist