❌ හොල්මන් කථා, ඇත්තටම අත් විදපුවා මේකේ දාපන්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,965
    13,053
    113
    දවසක් චාකෝල් වගයක් ගාගෙන කුස්සියෙ ඉදලා අම්මා බය උනා.. මම හොල්මනක් කියලා. 🤭
    හත්මුතු පරම්පරාවෙ මූනෙ දැලි ගෑවා කියන්න කලින් ගා ගත්ත එක හොදයි
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ඔහොම කතා අහලා තියෙනවා. දැන් හරියට මතකෙට එන්නේ නෑ. පැහැදිලි කරන්න බැරි දේවල් තියෙනවා ඉතින්.
     
    අහ් මූණෙ තියෙන කුණු අදිනව කියනවනෙ නේහ් ඇක්ටිවේටඩ් කාබන් වලට :rolleyes:
    ඔව් අර ඩාර්ක් ස්පොට්ස් එහෙම යනවා.
    හත්මුතු පරම්පරාවෙ මූනෙ දැලි ගෑවා කියන්න කලින් ගා ගත්ත එක හොදයි
    පරම්පරාවෙම ගෑවෙ නෑ. මම විතරයි.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,053
    113
    ඔව් අර ඩාර්ක් ස්පොට්ස් එහෙම යනවා.

    පරම්පරාවෙම ගෑවෙ නෑ. මම විතරයි.
    මම දන්න කෙනෙක් ඕවා ගාලා මලා. මලේ නම් වාහනේක හැපිලා. ඒත් ඉතින් ඕවා ගානවා හැමදාම
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    දහතුන්වෙනි සැතපුම් කණුව ගැන කියද්දී කෝන්වැව, කට්ටඹුවාව, නෙත්තිපොළගම විතරක් නෙමෙයි.....මහව මංසන්ධියට යනකම් මිනිස්සුන්ගේ ශරීරවල හිරිගඩු පිපෙන්නේ බඩ ඉරිඟු හේනක් හරහා හමා එන සීතල සුළඟ වැදිල නම් නෙමෙයි. ඒ.....තවමත් නොවිසඳුණු මරණයක ඇතුළාන්තයේ ගොරහැඩි සත්‍ය පපුවලට තට්ටු කරලා යුක්තිය ඉල්ලන හින්දා.

    මේ ..........ප්‍රදීප්ගේ කතාව.

    හොඳ හිරිමල් වයස; එතකොට ප්‍රදීප්ට අවුරුදු විසි දෙකයි. රස්සාවට කළේ ත්‍රීවිලර් හයර් කළ එක. කෝන්වැව හන්දියේ බෝ ගහ යට තිබුණු ත්‍රීවිලර් තුනෙන් ප්‍රදීප්ගේ රථය බොහොම පහසුවෙන් වෙන්කරලා හඳුන ගන්න පුළුවන් කම තිබුණා.
    ' අප හමුවීම වෙන්වීම දෝ ආදරේ.......මට රිදවන්නෙපා ආයෙ සංසාරයේ....'
    ඊට හේතුවුණේ ඒ ගී පද දෙපේළිය.

    අනෙක් හැම කොල්ලෙක්ටම වගේ ප්‍රදීප්ටත් හීන තිබුණා. හැම හීනෙකම ඉන්නවා වගේ දෙව්ලියක් ප්‍රදීප්ගේ හීනේ හිටියා. ඒත්....එක දෙව්ලියකට ඉන්න පුළුවන් එක හීනයක විතරයි. ඇය - කුමාරි.ප්‍රදීප්ගේ සිහින සුන්දර කරන්න හොරෙන්ම ගොඩ වැදුණත් ඒ වෙද්දිත් ඇය හිටියේ වෙනකෙකුගේ හීනයක දිව්‍යාංගනාවක් වෙලා.

    සම්මතයන් වැව් පතුළේ ගිලිලා යද්දි, කුමාරි ප්‍රදීප්ගේ ලෝකයේ හීන මාලිගා තැනුවේ හැමෝටම පෙනෙන වැ කණ්ඩිය මත ඉඳගෙන. හුළඟ ඒ ඕපාදූපය අජිත්ගේ කනට කොඳුරන්නැති. තමන්ගේ හීන කුමාරිය - කුමාරි, වෙනකෙක් එක්ක පවත්වපු හාදකම අජිත්ගේ කෝපය ඇවිස්සුවේ වැවේ වාන පිටාර ගලනවා වාගේ.වතාවක් දෙකක් අජිත් ප්‍රදීප්ට තර්ජනය කරලත් තිබුණා....

    එදා මාසේ පෝය දවසක්. රේල් පාරත් මහ වැවත් අතර මැද අක්කර ගණනාවකම ඉරිඟු හේන් යාය වැහිලා තිබුණේ ඝන අන්ධකාරයකින්. වැව ඉස්මත්තේ කැලෑ රොදට වෙලා 'හූ' කියපු හිවලුන්ගේ මූසල ඇඬියාව ගම්මානයට කැන්දගෙන ආවේ මරණීය භීතිකාවක්ම විතරයි.ඒ උඩුබුරලීම් වලට සොහොන් පොළේ නිදිගත් මළවුන් පවා ඇහැරෙන්න ඇති.හන්දියෙන් තමන්ගේ රිය හරව ගත්තු ප්‍රදීප් ගම්මානේ දිහාවට තනියම ඇදුණේ මුළු ඇඟම කිලිපොළන මේ හඬවල් මැදින් - කට්ට කරුවලේම.

    අපි දන්නේ නැහැ........ඊළඟට මොනවිදිහේ දෙයක් වුණාද කියලා.ඒත් පහුවදා පාන්දර කැබලි ගණනාවකට බිඳුණු ප්‍රදීප්ගේ මළ මිනිය හම්බුණා.ඒ තිරිකුණාමල දුම්රිය මාර්ගයේ දහතුන්වෙනි සැතපුම් කණුව ළඟ තිබිලා.දුම්රියට හසුවෙලා තිබුණු නිසා මළ සිරුරෙන් වැඩි දෙයක් කියැවුණේ නැහැ.රේල් පාරේ තැන් තැන් වල වැටිලා තිබුණු කළු තෙල් ඒ සිරුර පුරා තැවරිලා තිබුණා.ඊට මදක් ඔබ්බෙන් දුම් රිය හරස් මගේ පැත්තක නතර වෙලා තිබුණේ ප්‍රදීප්ගේ ත්‍රී රෝද රථය. ඉරිඟු යායට, රේල් පාරට, පාන්දර පින්නට කියන්න දේවල් ගොඩක් තියෙන්නැති - 'සිය දිවි නසා ගැනීමක්' ලෙස සටහන්වුණු මරණ පරීක්ෂණ වාර්තාවට හාත්පසින්ම වෙනස් දෙයක්......

    ප්‍රදීප්ගේ තුන්සක රියේ පිටිපස්සේ තිබුණු කවිපද කාලයත් එක්ක වැස්සට මැකිලා යද්දි ඒ සිදුවීමේ මතකයන් ගම්මුන්ගේ හිත්වලින් ඈත් වෙන්න වුණා.....

    මාස දෙක තුනකට පස්සේ දවසක රෑ ජාමේ රත්නායක මාමා රේල් පාරේ සිල්පර කොට උඩින් පැන පැන ඇවිත් දහතුන්වෙනි සැතපුම් කණුව ළඟට කිට්ටු වුණේ තමන්ගේ ඉරිඟු හේනට යන්න හිතාගෙන. ඒත් .....රේල් පාරෙන් හේන පැත්තට හැරෙද්දි එක පාරටම පිටිපස්සෙන් ඇහුණේ පුරුදු කට හඬක්.

    "මාමේ..."

    රත්නායක හැරිලා බැලුවා.

    "මාමේ.....අනේ මාමේ!! උං මාව මැරුවා. මම මැරුණා නෙමෙයි....මම කෝච්චියට පැන්නේ නෑ මාමේ..."

    එක අතක් අහිමි ප්‍රදීප්ගේ රූපය එහම කියද්දි , හේනෙදී කන්න ගෙදරින් ඔතලා දුන්නු පාර්සලය රේල්පාර මතම අතහැරිය රත්නායක මාමා ඉරිඟු යාය දිගේ භීතියෙන් කෑ ගහගෙන දුවගෙන ගියේ පිස්සුවෙන් වගේ.දවස් ගාණක් උණ විකාරයෙන් දෙඩෙව්ව රත්නායක මාමා සනීප වුණේ තොවිලයකුත් නැටුවට පස්සෙයි.ඊට පස්සේ ප්‍රදීප්ව මුණ ගැහුණේ පාන්දර රේල් පාර දිගේ ඉස්කෝලේ ගිය යුවතියන් දෙන්නෙක්ට.ප්‍රදීප් ඔවුන්ට කියා තිබුණෙත් රත්නායකට කියූ දේවල්මයි.මේ විදිහට දෙතුන් දෙනෙක්ටම පෙනෙන්න වුණාට පස්සේ ගම්මු දහතුන් වෙනි සැතපුම් කණුව ළඟින් ගමන් කරන එක නැවැත්තුවා.

    ඒත් සමහර රෑක දුම්රිය හරස් මාර්ගය ළඟින් ඇවිදගෙන යන කෙනෙක්ට ඇහෙන්නේ වේදනාවෙන් ඉකිගහන ප්‍රදීප්ගේ අඳෝනාවලු. කාලය ගෙවිලා ගියත් කට්ට කරුව්ලේ වුණත්..........ඈත රේල් පාරේ පීල්ලක වාඩිවෙලා නිහඬවුණු සාක්ෂි අවදි කරන්න හඬන ප්‍රදීප්, දහතුන්වෙනි සැතපුම් කණුව ළඟ - ඔබ එනකම්......................හැමදාමත් ඉඳීවී....​

     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,053
    113
    මට නම් රිසාල්ට් තියෙනවා. හොදයි කරලා බලන්න.
    B එකක්වත් ගන්න හැකි නම් ගාලා බලමු, C වගේ නම් වැඩක් නෑ
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ඔව් අර ඩාර්ක් ස්පොට්ස් එහෙම යනවා.

    පරම්පරාවෙම ගෑවෙ නෑ. මම විතරයි.
    අර ඩාර්ක් ස්පොට්ස් එහෙම යනවා?

    හැබැයි ඕව ගාල අලුතින් ඩාර්ක් ස්පොට් ආවොත් හරියට සල්ලි දීල පුකේ ඇරවගත්ත වගේ වැඩක් වේවිද ?
     
    Last edited: