වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර හෙවත් මිදිගම ලසා නැමැත්තාට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ.
ඒ මහතා ප්රාදේශීය සභාවේ සභාපති පුටුවේ රැඳී සිටිය දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්රහාරය එල්ල කර ඇත.
Ada Derana
---------------------------
Update - 11:16 AM
වෙඩි ප්රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්රමසේකර හෙවත් 'මිදිගම ලසා' ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (22) උදෑසන ප්රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබීය.
පසුව ප්රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තේය.
සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්රාදේශීය සභාව තුළට පැමිණ ඇතැයි අනාවරණය වුණි.
Ada Derana
Last edited: