NVIDIA Linux වලට තියන drivers නං බන් අන්තිමයි. මම අත්දැකීමෙන් කියන්නේ. NVIDIA ලා source code එක දෙන්නෙත් නෑ, දෙන closed source driver එක හරියට වැඩ කරන්නෙත් නෑ. හරියට වැඩ කරන්නේ නෑ කියන්නේ performance අන්තිම සෞත්තුයි.
මම ගාව NVIDIA GT 710 එකක් තිබ්බා. Windows 10 වල මම එකෙන් 2012 විතර වෙනකන් ඇවිල්ලා තියන ගොඩක් games ගැහුවා. ultra දන්නා බෑ තමයි හැබැයි medium දාලා හොඳට play කළා. Far Cry 2, Far Cry 3, GTA 4. Hitman Absolution, වගේ සාමාන්යෙන් ටිකක් පරණ උනාට හොඳ games ටිකක් ගැහුවා. Heroes & Generals වගේ online game එකකුත් ගැහුවා. ඊට පස්සේ මම gaming වලට වෙන desktop එකක් හදා ගත්ත නිසා මේක ගත්තා Linux දාලා වැඩ කරන්න. මේ එකම card එක Windows වලදී තිබ්බ performance වලින් 25% ක් වගේ ගන්න පුළුවන් උනේ Linux වල NVIDIA driver එකෙන්. අර games ගහනවා තියා හිතන්න වත් බෑ Linux වල NVIDIA drivers වලින්. අන්තිමට Linux වලට හොඳට වැඩ කරන Tank Force කියලා පොඩි game එකක් විතරයි එකෙන් ගහන්න පුළුවන් උනේ.
Linux වල හොඳටම support කරන්නේ AMD කියලා මම දැක්කා ගොඩක් අය කියනවා. හේතුව drivers හොඳයි කියලයි තිබ්බේ. ඒ නිසා Linux වල games ගහන අය AMD වලට යන්න ඕන කියලයි මම දැක්කේ. ඒ ඇරෙන්න, games ගහන්න කෙනෙක් නං Linux වලින් කරන්න පුළුවන් දෙයක් නෑ. පොඩි games ටිකක් තියෙන්නේ. ඒවායිනුත් වැඩි හරියක් වැඩක් නෑ. අනික game companies games release කරන්නේ වැඩිපුරම Windows වලට. ඒ නිසා Linux වල gaming තේරුමක් නෑ. Windows is the best platform for gaming.. that's the truth. use right tools for the job.