😅😆 ඉවත් කළ ලිට්‍රෝ සභාපති යළි පත්කරයි 😆😅

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    image_eba321f44f.jpg


    ලි‌ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය.

    තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබූ බවත්, නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කරන බවත් සදහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලිපියකින් දැනුම් දෙනු ලැබීය .

    ඔහු සභාපති ධුරයෙන් පමණක් නොව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන්ද ඉවත් කළ බව එම ලිපියේ සඳහන්ව තිබිණි .

    ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනාධිපති වරයාවරයාගේ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදුව ඇති අතර නැවත ඔහු පත්කිරීම ද ඔවුන් දෙදෙනාගේ උපදෙස් මත සිදු වූ බව වාර්තා විය

    මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ සමාගමේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ද පැමිණ සිටි අතර, එහිදී ජනාධිපතිවරයා තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද දැනුම් දුන් බව වාර්තා විය .

    ඒ අනුව තුෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහු නැවත එම තනතුරට පත් කරනු ලැබූ බව වාර්තා විය.


    Source: lankadeepa.lk



    Previous Thread: ලිට්රෝ සභාපති ඉවතට ?




    අද උදේ ගත්ත තීරණේ හවස වෙනස් කරා. "ස" තමයි හොදටම කරන්නේ:love::love::love:

    Gotabaya-Rajapaksa
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,098
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ආන්ඩු කරද්දී ඩාම් වෙනවා ඩූම් වෙනවා ඉතිම්.
    මොකද පුරුදු වෙලා කරනවා කියලයි.
    ඊලග පාරත් දුන්න නම් මේ පාර වැරදිත් හදාගෙනම කරනව ඉතිම්.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    විනාඩි හැටේ litro සබාපති RENUKA PERERA තරුණ මහතානෙනි... සසර සැරිසරනතාක් මෙවන් අකල් විපතක් නොවේවා..!!!
    මතු අප අතරම...
    😢😢😢😭😭