😟 සැමියා, දරුවන් සහ බිරිය බේරා ගන්න අලියා සමග සටනක් 😟

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    image_de672c66d1.jpg


    නිවසේ නිදා සිටි සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිද වල්අලියාගෙන් බේරා ගැනිමට වන එම වල්අලියා සමග ඔට්ටු වු පියකු අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ශෝචනීය පුවතක් හම්බන්තොට නාගර්වැව ප්‍රාද්ශයෙන් වාර්තා වීය.

    කුරුළු උයන ගම්මානය, නාගර්වැව, හම්බන්තොට ලිපිනයේ පදිංචි සිව් දරු පියකු වන 35 හැවිරි කේ.පී.ජී.අනුර මහතා මෙලෙස වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

    බිරිද වන 25 හැවිරිදි ඒ.නිලූකා දමයන්ති මහත්මිය එම බිහිසුණු අත්දැකීම මෙලෙස විස්තර කළාය.

    අපි ඉස්සර වෙලා පදිංචි වෙලා හිටියේ ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේ. එම ඉඩම් අලි කළමානාකරණ රක්ෂිතයට යනවා කියලා අපිට නාගර්වැව අද ඉන්න මේ ඉඩම් ලබා දුන්නා. මේ ඉඩම් වලට හැමදාම අලි එනවා. එදාත් එළිවෙනකම්ම අපි අලි එළවලා පාන්දර ටිකක් නිදා ගත්තා. නිදාගෙන වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ පාන්දර 6.30ට විතර ඇති එක සැරේම ගේ පිටිපැත්තෙන් වහලට ගැහුවා. එතකොට මායි මහත්තයයි දරුවෝ තුන් දෙනයි නිදාගෙන හිටියේ. මට හයියෙන් කෑ ගැහුණා. මහත්තයා නැගිටලා දොර ඇරලා බලන්න හදනකොටම අලිගේ බිත්තිය පෙරළුවා. අපි ඔක්කොම ගේ ඇතුළෙ හිරවෙලා.

    කරකියා ගන්න දෙයක් නැතිව අපි ගේ ඇතුළේ ඉදන් කෑ ගැහුවා. අලියා ගේ වහලයි බිත්තියයි කඩලා ගේ ඇතුලේ හිටිය අපේ පැත්තට හොඩේ දමන කොට මහත්තයා අලියා පැත්තට පැනලා අපිට දුවලා යන්න කිව්වා. අලියා මහත්තයා පස්සේ එළවද්දි මන් දරුවෝ තුන්දෙනා අරන් ගෙයින් එළියට පැනලා දිව්වා.ඒත් එක්කම අලියා මහත්තයාට ගැහුවා.මහත්තවා විසිවෙලා ගිහින් බිම වැටුණා.අලියා නැවත් ඇවිත් ගේ කැඩුවා. එතකොට අහල පහළ අයත් ඇවිත් කෑ කෝ ගහලා අලියා එළවා ගත්තා.ජිවිතේ අපි පුදුම තරම් බය වුනේ එදා තමයි.

    අලියා පැත්තට පැන්නේ නැත්නම් අලියා දරුවෝ තුන්දෙනත් එක්ක අපිව ගේ ඇතුලෙම මරා දමනවා.අලි ප්‍රහාරයන් මහත්තයගේ කකුල් දෙකයි අතයි කැඩිලා. එයා දැන් රෝහලේ.අපි කුළී වැඩ කරගෙන ජිවත් වෙන්නේ.අපිට ගෙයක් හදාගන්න තරම් වත්කමක් නෑ.එක පුතෙක් පන්සලක නවත්තලා තියෙන්නේ.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එක කාමර කෑල්ලක් හදා ගන්න අපිට පිහිටක් වෙන්න.

    මට අවුරුදු 10,7,4 හා අවුරුදු එක හමාරක දරුවෝ හතර දෙනෙක් ඉන්නේ.එක කාමර කෑල්ලක් හදාගන්න උදව්වක් කලොත් ඒක ලොකු පිනක් යැයි ඇය පැවසුවාය.

    දරුවන්ට පවා කෑම බීම ද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රාතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිටවීමට කැමති අයෙක් සිටී නම් 0719020306 හෝ077 5053200 දුරකතන අංක ඇමතීමෙන් විස්තර ලබාගත හැකියි.


    image_8cd6342547.jpg


    image_3a56883517.jpg


    image_3f676b861e.jpg




    Source: දිලීප් ජයසේකර
    lankadeepa.lk
    [ https://www.lankadeepa.lk/news/සැමියා--දරුවන්-සහ-බිරිය-බේරා-ගන්න-අලියා-සමග-සටනක්/101-599265 ]
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මචංල, පුලුවන් කෙනෙක් ඉන්නව නම්,
    මෙයාල ඉන්න කිට්ටුව හෝ ආසන්න ප්‍රදේශයක මේ පවුලෙ අයට උදව් කරන්න මූලිකත්වය ගන්න..
    ඒළකිරියෙ අපිත් පුලුවන් විදියකින් support කරමු...
    මේ වගේ සමහර post වල බැංකු ගිණුම් අංක දානව. මේකෙ නැහැ.
    මම නම් ඒ් වගේ අවස්ථා වල රුපියල් 1000ක් හරි දානව..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    මචංල, පුලුවන් කෙනෙක් ඉන්නව නම්,
    මෙයාල ඉන්න කිට්ටුව හෝ ආසන්න ප්‍රදේශයක මේ පවුලෙ අයට උදව් කරන්න මූලිකත්වය ගන්න..
    ඒළකිරියෙ අපිත් පුලුවන් විදියකින් support කරමු...
    මේ වගේ සමහර post වල බැංකු ගිණුම් අංක දානව. මේකෙ නැහැ.
    මම නම් ඒ් වගේ අවස්ථා වල රුපියල් 1000ක් හරි දානව..
    me gollanta bank account ekak nathilu thama. eka hadapu gaman update ekak denawa kiyala lankadeepe dala thibuna. :yes: (y)
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    25 years old and already a 10 year old child :sorry: and another two.... 😒 Ekama winode eka witharai wage... 50% their responsibility
    ehema kathakaranna epa bn. mehe inna un oita anthai, education, condom arawa mewa thibbe nathnam.
    oya wage area wala unta education, social knowledge ehema hambenawa hari adui.
    sinhalu mehema hari ithuru wela inne un hinda, ape deshapaluwo education & rate condition diyunu karanne nathi nisa thama me minissu athuluwa hamoma widawanne.
    awurudu 25k unata penuma nikan 40 ganak wage. puduma kattak oya minissu kanne.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංල, පුලුවන් කෙනෙක් ඉන්නව නම්,
    මෙයාල ඉන්න කිට්ටුව හෝ ආසන්න ප්‍රදේශයක මේ පවුලෙ අයට උදව් කරන්න මූලිකත්වය ගන්න..
    ඒළකිරියෙ අපිත් පුලුවන් විදියකින් support කරමු...
    මේ වගේ සමහර post වල බැංකු ගිණුම් අංක දානව. මේකෙ නැහැ.
    මම නම් ඒ් වගේ අවස්ථා වල රුපියල් 1000ක් හරි දානව..

    ow bn aniwa ekenma
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    ගම් වලට අලි එන එක වෙනමම සිද්ධියක් බං. අලි එන කාලේට මුළු ගමේම මිනිස්සු රෑ 1,2 වෙනකන් ඇහැරිලා ඉන්නේ. අලි යනකන් නින්දක් අහලක වත් නෑ. අතින් පයින් ගහලා නවත්තන්න කියලද? මාසෙකට විතර උඩදි ඔහොම සිද්ධියකට මූණ දුන්නා කොන්ත්‍රාත් වැඩකට ගියපු වෙලාවක. මම කල්පනා කරේ අපි කොච්චර වාසනාවන්තද කියලා ඒ වගේ පැත්තක ජීවත් නොවෙන්න. අලි එන පැත්තක මිනිස්සු වෙනමම බයකින් ඉන්නේ. මම මේ කියන්නේ හද්දා කෑලේ නෙමෙයි, හොඳට ගෙවල්, බිල්ඩින් තියෙන පැත්තක්. වතුර නැති කාලෙට අලි ගම් වලට වදින එක තමා තියෙන භයානකකම. අහු වුනොත් කවුරු හරි මගදි ඉතින් ඉවරයි.