😟 සැමියා, දරුවන් සහ බිරිය බේරා ගන්න අලියා සමග සටනක් 😟

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මේ මිනිස්සුන්ගෙ විස්තර දන්නවද බන්, පොඩි ගෙයක් හරි හදලා දෙන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද, පුලුවන් නම් මට විස්තර හොයා ගන්න ක්‍රමයක් කියන්නකො
    දරුවන්ට පවා කෑම බීම ද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රාතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිටවීමට කැමති අයෙක් සිටී නම් 0719020306 හෝ077 5053200 දුරකතන අංක ඇමතීමෙන් විස්තර ලබාගත හැකියි.

    ahala matat kiyapan
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    දරුවන්ට පවා කෑම බීම ද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රාතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිටවීමට කැමති අයෙක් සිටී නම් 0719020306 හෝ077 5053200 දුරකතන අංක ඇමතීමෙන් විස්තර ලබාගත හැකියි.

    ahala matat kiyapan

    එලම කොල්ලා, :love:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,781
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි බන් ඔය මිනිස්සු ළමයි හදන්නෙ තමන්ට දරාගන්න බැරි ගානට? අනික වයසත් 25 ක කෙල්ලෙක්. දැන් බලහන්කො. පවු නේ මිනිස්සු

    moda minissu ban. adyapanayak na. buddiyath adu athi. condom kiyala jathiyak thiyeda kiyala danneth nathuwa athi. kiwwata ahaida danneth na.
    namalaya awith geyak dennam rassawak dennam kiyala ranganayak damma gaman thawa awrudu 50 kata chande denawa. ehew gon minissu.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    me ayata bank account ekawat tiyeda kiyala sure naha ban. puluwan kenek innwanam hoyan gihin me thread ekema danna wisthara set wela podi kamarayakwat hadanna ekathu karamau. lamai 3 dhenek inna nisa eka loku pinak wei machanla

    දරුවන්ට පවා කෑම බීම ද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රාතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිටවීමට කැමති අයෙක් සිටී නම් 0719020306 හෝ077 5053200 දුරකතන අංක ඇමතීමෙන් විස්තර ලබාගත හැකියි.

    menna number eka dala tibuna post eke. call ekak aran wisthara ahaoallko
    බොහොම ස්තූතියි සහෝදරයා විස්තර ටික ශෙයාර් කරාට. :) :love: (y)
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ගම්වල ග්‍රාම සේවකයො නිදිද බන් උන් නේද මේ මිනිස්සු ගැන හොයල බලල මේව මහතැන් වලට ඩැනුම් දෙන්න ඕනෙ.
    මහ එකාගෙ ඉදල පොඩිම රාජ්‍ය සේවකය වෙනකන්ම මේ රටේ ඉන්නපිපන් පඩි කාරයෝ.

    කුඩු කාරොයොයි දේශපාලකයොයි හොරුයි නම් අපේ රටේ වැජබෙනව ඒත් මේ මිනිස්සු පව්.බලහන් ඉන්න ගේ කෑල්ලෙ හැටි.දුකේම ඉපදිලා දුකම විදලා මැරිල යනවා.
    අනේ අපොයි අපේ රට.
     
    • Like
    Reactions: Stimulus mind

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔයා ගං ඉවුරක මොන ගේ හැදුවත් ගං වතුර කාලෙට යට වෙනවා.
    ඔයා අලි ඉන්න කැලේ මොන ගේ හැදුවත් ඌ ඒකට ගහනවා.

    මුලින් ඉන්න තැනේ වෙනසක් ඕන.
     
    • Like
    Reactions: Stimulus mind

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    image_de672c66d1.jpg

    නිවසේ නිදා සිටි සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිද වල්අලියාගෙන් බේරා ගැනිමට වන එම වල්අලියා සමග ඔට්ටු වු පියකු අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ශෝචනීය පුවතක් හම්බන්තොට නාගර්වැව ප්‍රාද්ශයෙන් වාර්තා වීය.

    කුරුළු උයන ගම්මානය, නාගර්වැව, හම්බන්තොට ලිපිනයේ පදිංචි සිව් දරු පියකු වන 35 හැවිරි කේ.පී.ජී.අනුර මහතා මෙලෙස වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

    බිරිද වන 25 හැවිරිදි ඒ.නිලූකා දමයන්ති මහත්මිය එම බිහිසුණු අත්දැකීම මෙලෙස විස්තර කළාය.

    අපි ඉස්සර වෙලා පදිංචි වෙලා හිටියේ ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේ. එම ඉඩම් අලි කළමානාකරණ රක්ෂිතයට යනවා කියලා අපිට නාගර්වැව අද ඉන්න මේ ඉඩම් ලබා දුන්නා. මේ ඉඩම් වලට හැමදාම අලි එනවා. එදාත් එළිවෙනකම්ම අපි අලි එළවලා පාන්දර ටිකක් නිදා ගත්තා. නිදාගෙන වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ පාන්දර 6.30ට විතර ඇති එක සැරේම ගේ පිටිපැත්තෙන් වහලට ගැහුවා. එතකොට මායි මහත්තයයි දරුවෝ තුන් දෙනයි නිදාගෙන හිටියේ. මට හයියෙන් කෑ ගැහුණා. මහත්තයා නැගිටලා දොර ඇරලා බලන්න හදනකොටම අලිගේ බිත්තිය පෙරළුවා. අපි ඔක්කොම ගේ ඇතුළෙ හිරවෙලා.

    කරකියා ගන්න දෙයක් නැතිව අපි ගේ ඇතුළේ ඉදන් කෑ ගැහුවා. අලියා ගේ වහලයි බිත්තියයි කඩලා ගේ ඇතුලේ හිටිය අපේ පැත්තට හොඩේ දමන කොට මහත්තයා අලියා පැත්තට පැනලා අපිට දුවලා යන්න කිව්වා. අලියා මහත්තයා පස්සේ එළවද්දි මන් දරුවෝ තුන්දෙනා අරන් ගෙයින් එළියට පැනලා දිව්වා.ඒත් එක්කම අලියා මහත්තයාට ගැහුවා.මහත්තවා විසිවෙලා ගිහින් බිම වැටුණා.අලියා නැවත් ඇවිත් ගේ කැඩුවා. එතකොට අහල පහළ අයත් ඇවිත් කෑ කෝ ගහලා අලියා එළවා ගත්තා.ජිවිතේ අපි පුදුම තරම් බය වුනේ එදා තමයි.

    අලියා පැත්තට පැන්නේ නැත්නම් අලියා දරුවෝ තුන්දෙනත් එක්ක අපිව ගේ ඇතුලෙම මරා දමනවා.අලි ප්‍රහාරයන් මහත්තයගේ කකුල් දෙකයි අතයි කැඩිලා. එයා දැන් රෝහලේ.අපි කුළී වැඩ කරගෙන ජිවත් වෙන්නේ.අපිට ගෙයක් හදාගන්න තරම් වත්කමක් නෑ.එක පුතෙක් පන්සලක නවත්තලා තියෙන්නේ.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එක කාමර කෑල්ලක් හදා ගන්න අපිට පිහිටක් වෙන්න.

    මට අවුරුදු 10,7,4 හා අවුරුදු එක හමාරක දරුවෝ හතර දෙනෙක් ඉන්නේ.එක කාමර කෑල්ලක් හදාගන්න උදව්වක් කලොත් ඒක ලොකු පිනක් යැයි ඇය පැවසුවාය.

    දරුවන්ට පවා කෑම බීම ද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රාතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිටවීමට කැමති අයෙක් සිටී නම් 0719020306 හෝ077 5053200 දුරකතන අංක ඇමතීමෙන් විස්තර ලබාගත හැකියි.

    image_8cd6342547.jpg

    image_3a56883517.jpg

    image_3f676b861e.jpg

    Source: දිලීප් ජයසේකර
    lankadeepa.lk
    [ https://www.lankadeepa.lk/news/සැමියා--දරුවන්-සහ-බිරිය-බේරා-ගන්න-අලියා-සමග-සටනක්/101-599265 ]
    අලින්ගෙන් ගුටිකාලා හරි ඉන්න පුලුවන් වුනේ කවුරු නිසාද
     
    • Sad
    Reactions: Stimulus mind

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    salli nkan dunnama owaata purudu wenawa bn

    geyak sayan rakiyak karanna salli hadala dunna nam hari . okkoma kethu welaa karanna puluwan.

    mata duka ape pansal gana ochchara salli thiyagena duppath minissu ekathu karanna bari ayai adum tharame pansale salli denna one naha

    duppath minissu ekathu karagena duppath minissu naga sitawanna kremayak hadanna bari ayi pansal walata
     
    • Like
    Reactions: SDCR

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,081
    4,639
    113
    people should be removed from these places and into one big city. but sometimes these people also want to stay in that same area saying that it is my ancestral land. sometimes they demand schools only 10 children. not practical. in australia you get abondoned towns. those people are moved into one big area so you can get more facilities
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම අද 077 5053200 ට call කළා. මෙහි වාර්තාකරු - සූරියවැව නුවන් (දිලීප්) ජයසේකර ට.
    මෙයාලට තවම Bank Account ඒකක් නැතිලු. Account ඒකක් Open කරල දෙනව කිව්ව.
    Mobile Phone ඒකක් අරගෙන දුන්නෙත් ළගදිලු.
    මෙම වාර්තාකරු මැදිහත් වී දැනට මේ වගේ අයට ගෙවල් 10 කට වඩා හදල දීල තියෙනව කිව්ව.
    මෙයාලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය දැනට ලැබෙනවලු. වැදගත්ම දේ නිවසක්ලු.
    නිවසක් හදන්න ස්ථානයක් (නැවත මෙවැනි අනතුරු සිදු නොවන) සොයමින් ඉන්නෙ කිව්ව.
    ලලිත් රාජපක්ෂ මන්ත්‍රීව සහ චමල් රාජපක්ෂව සම්බන්ද කරගෙන ඉඩමක් ඉල්ලුම් කරලලු තියෙන්නෙ...
    මාව whatsapp - Add කරගෙන වැඩි විස්තර දෙන්නම් කිව්ව.
    මගෙ රට ඉන්න යාලුවන්වත් මේ වැඩේට සම්බන්ද කරගෙන පුලුවන් විදියට මමත් උදව් කරනව.
    උඹලත් පුලුවන් දෙයක් කරපල්ල....
     
    TFS :) (y)