1990 දශකයේ මුල් භාගයේ සිට 2000 මුල් භාගයට අයත් කාලවකවානුව දක්වා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙකු වූ "Graham Thorpe" ඊයේ දිනයේදී තම දිවි ගමනින් සදහටම සමු ගනු ලැබුවා. ටික කලක පටන් දැඩි රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටි ඔහු මිය යන විට 55 වැනි වියෙහි'යි පසු වූයේ. එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වය ද කිහිප අවස්ථාවක දැරූ ඔහු ටෙස්ට් තරග 100 ක ක්‍රීඩා කරමින් ලකුණු 6 744 රැස් කරනු ලැබුවේ ශතක 16 ක් සහ අර්ධ ශතක 39 ක් ද ලබා ගනිමිනුයි. පිතිකරණ සාමාන්‍යයය ලෙස 44.66 අගයක් රදවාගත් ඔහු එක් ඉණිමක දී රැස් කළ වැඩිම ලකුණු ගණන වන ලකුණු 200 නොදැවී රැස කරගනු ලැබුවේ නවසීලන්තයට එරෙහිවයි. ජාත්‍යන්තර එක්දින තරග 82 කදී ලකුණු 2380 ක් ඔහු රැස් කරගනු ලැබුවේ පිතිකරණ සාමාන්‍යයය ලෙස 37.18 ක අගයක් රදවා ගනිමිනුයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම් රැසක පුහුණුකාර තනතුරු හෙබවූ "Graham Thorpe" ඇෆගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර සදහා නිල වශයෙන් තෝරා ගත් බව 2022 වසරේ මාර්තු මාසයේදී ප්‍රකාශ කළ ද එම කාලවකවානුවේදීම් ඔහුගේ මෙම රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුට එම අවස්ථාව මග හැරී ගියා.
සටහන: @Stimulus mind



