ඉස්සර යුනි ඉන්න කාලෙ මුලදි ආව කෝච්චියෙ ගෙදර. මොරටුවෙන් නගිනව මහවෙ. ඒකාලෙ DMU එකක් නෙමේ තිබුනෙ. එන්ජින් සෙට් එකක් ගියේ, පටන් ගත්තේ මොරටුවෙන්. එකේ අපි නගිනකොට මොකෙක්වත් නෑ. ඇවිදල හොදම සීට් එක අල්ලගන්නව. ටිකක් දුර යනකොට ඔය සීට් වල අයිති කාරයො නගිනවනේ. ඉතින් උන් මම වේයන්ගොඩට යනකම් රවනව ගොරෝනවා. එහෙම උන්ට නම් මම සීට් එක දීල නෑ කවදවත්. සමහර ටීම් නම් ඉන්නව අපිත් එක්ක ශේප් එකේ ඉන්න උන්. උන් එක්ක න්ම සීට් මාරු කරගෙන එනව.
පස්සෙ රස්සවට ගියාම නම් මුලින් ගියෙ වේයන්ගොඩින් උදෙ 7.08 තිබුන මොරටුවේ. දෙවනි සෙට් තුන්වෙනි පෙට්ටියෙ, දෙවනි දොරේ තමා අපි ගියෙ. එතන හිටිය සිරා සෙට් එකක්. හොදට ඉගෙන ගත්ත ශේප් පොරවල් ටිකක්.
පස්සේ රඹුක්කන දැම්මට පස්සෙ මොරටුව 7.16 උනා. ඊට පස්සෙ දිගටම රඹුක්කනෙ ගියෙ. ඒකෙ නම් ගියෙ දෙවනි සෙට් එකේ දෙවනි පෙට්ටියෙ පලවෙනි දොරේ. ඒක සෙකන්ඩ් ක්ලාස්. ඒ වුනාට හිටගෙන තමා. ආතල් කතා නම් කෝටියයි. මාත් එක්ක ගිය හොදම යාලුව ඔෆීස් එකේ, කෝච්චි දැරිවියක් හොයාගෙන බැන්ද. ඒකට හොද හොද කටු කෑව මාත්. ත්‍රෙඩ් එක නැගල ගියොත් කියන්නම්කො...