මම 2015 200,000 KM දුවලා විකුනපු වාහනේ 2018 දි 90,000KM කරලා ඉක්මන් එකේ දාලා තිබ්බා. ආයේ ලගදිත් 100,00KM දුවලා තියෙන්නේ කියලා ඇඩ් එකක් දාලා.
කැනඩාවේ CARFAX කියලා සිස්ටම් එකක් තියෙනවා ගත්ත දවසේ ඉදලා සර්විස්, ඉන්සුරන්ස් ක්ලෙම් කරන ඒවා, මොනවා හරි පොලිස් records තියෙනවද ඔක්කොම බලන්න පුළුවන්. ලොකු accident එකක් උනාම වාහනේ title එක clean title එකෙන් rebuilt title කියලා මාරු කරනවා. කොච්චර හොදට හැදුවත් වැඩි ගණන් වලට විකුනන්න බැ එක හන්දා. අනික CARFAX එකේ accident එකේ photo ඉදලා බලන්න පුළුවන්. ඕක හන්දා කට්ටිය වාහනේ පරිස්සමෙන් එලවන්නේ. මේවගේ system එකක් තියෙනවනම් බොරු ගණන් දාලා විකුණන ගොඩක් වාහනවල ගණන් අඩු කරන්න තිබ්බා