🤫🤡 "ඩිස්නි' ස්ටූඩියෝවේ රෙදි ගැළවූ හෙළිදරව්ව 🎬🤫

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    Disney-Bob-Iger-A.jpg

    ✍️ සටහන: @Stimulus mind ✍️



    ඩිස්නි ෆිල්ම් ස්ටූඩියෝව (Walt Disney studio) කියන්නෙ තමන් හදන ෆිල්ම්ස්වලින් වර්ගභේදවාදය පිටු දකින, ජාති අතර සමානාත්වය අගයන, හැම පුද්ගලයෙකුගෙම අයිතිවාසිකම් මතු කරන, ලිංග භේදය, සමේ පාට නොසලකලා හැමෝටම තමන්ගෙ රංගන කුසලතාවෙ පෙන්නුම් කරන්න අවස්ථාව ලබා දෙන සර්ව සාධාරණ සිනමාපට නිර්මාණය ස්ටූඩියෝවක් ය කියලා "Bob Iger" කියන ඩිස්නිලගෙ මහ උත්තමයා ඇතුළු පිරිස හැම තිස්සෙම මීඩියාවල උජාරුවට නරිවාදන් කතා කරනවා ඕගොල්ලොත් සමහර විට දැකලා ඇති. ඒ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරිලා නිර්වස්ත්‍ර වුණු සිදුවීමක් පසුගිය දවසක සිද්ධ වුණා.

    කලින් 20th century fox ස්ටූඩියෝවට අයිතිව තිබුණු, වර්තමානයෙදි ඩිස්නි ස්ටූඩියෝවට අයත් එක් උප සමාගමක් වෙන "20th Television" කියන රූපවාහිනී වැඩසටහන් නිෂපාදන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිතුමා (Twentieth Century Television Senior Vice President) වෙන "Michael Giordano" කියන මහත්තයා අලුතෙන් හොලිවුඩ්වලට ආපු උරචක්කරමාලයක් වෙන DEI (Diversity, equity, and inclusion) ක්‍රමවේදයට අනුව යමින් ඩිස්නි ස්ටූඩියෝව තමන් නිෂ්පාදනය චිත්‍රපටවල තියෙන සමහර විශේෂ චරිත සදහා සුදු ජාතික නළුවන් යොදාගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නෙ කියලා ප්‍රකාශ කරන වීඩියෝවක් මේ වෙනකොට නිකුත් වෙලා තිබෙනවා. "James O’Keefe" කියන American activist මේ සම්බන්ධව කරපු undercover investgation එකකට අදාළව "Michael Giordano" එක්ක කරපු කතාබහක් අතරෙදි රහසිගත පටිගත කරපු වීඩියෝවක් මගින් තමයි මේ කරුණු හෙළි කරනු ලැබුවේ.


    මේ හෙළිදරව් කිරීම සිදුකළ ඇමරිකානු මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන "James O’Keefe"

    3f0e838e-cb46-4b69-85d4-e0508a21060c.jpeg














    "White discrimination" එක අද ඇමරිකාවෙ විතරක් නෙවේ යුරෝපෙත් හුගක් අහන්න දකින්න ලැබෙන දෙයක්. ඒක සිනමාවට විතරක් නෙවේ, අනිත් හැම අංශෙකටම වගේ අද පැතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉස්සර සුදු ජාතික මිනිස්සු කළු හම තිබ්බ සුළු ජාතීන්ව තලා පෙළුවා කියන එක සම්පූර්ණ ඇත්ත. ඒත් ඒ සුදු මිනිස්සු කරපු දේට පළිය ගන්න කියලා කළු හම තියෙන මිනිස්සුන්ව තලා පෙළපු විදිහටම ආයෙ සුදු මිනිස්සුන්ව තලන එකෙනුයි, ඒ මිනිස්සුන්ට තියෙන අවස්ථාවල් නැති කරන එකෙනුයි කවදාවත් වර්ගභේදවාදය (Racism) කියන එක නවත්තන්න අවස්ථාවක් හම්බවෙන්නෙ නෑ.

    මේකට කියන්නෙ "Reverse racism" නැත්නම් "reverse discrimination" කියලා. මේකෙන් වෙන්නෙ සුදු ජාතික අයයි, අනෙක් සුළු ජාතික අයයි අතරෙ තියෙන වෛරය තවත් වැඩිවෙන එක. වෛරයෙන් වෛරය නොසන්සිදේ කිව්වට වෛරයෙන්ම වෛරය සන්සිදේ කියලා හිතන් ඉන්න ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බොහොමයක ඉන්න වර්තමාන පාලකයොයි, උන්ගෙ හෙන්චයියොයි ඒ ඒ රටවල infastructures වලට රිංගලා උන්ගෙ ideology පතුරවලා කරන විනාසෙ තමයි මේ අපිට ඇස් පනාපිටම දකින්න ලැබෙන්නෙ. මේ මෝඩ තකතීරු දැක්මවල් නැතුව මනුස්සයෙක්ගෙ හමේ පාට, ලිංග භේද, ජාති, ආගම් කුල මල නොසලකලා ඒ ඒ මනුස්සයට තියෙන හැකියාවන්ට, දක්ෂකම්වලට අනුව සුදුසු තැන ලබා දෙන්න හැකියාවක් තියෙන වටපිටාවක් අනාගතේදි ඇති වුණොත් වර්තමාන ලෝකෙ රටවල්වල තියෙන ප්‍රශ්ණ ගොඩක් පහසුවෙන් ම නිරාකරණය කරගන්න හැකි වේවි.




    ඩිස්නි ස්ටූඩියෝවේ වෙනත් හපන්කම්

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    Supiri thread eka bosa.
    puluwan nm Sweet baby inc kiyana company eka ganath hoyala article ekak danna. un goverment suppoeted DEI company ekak specially Works on pc games and other shit
    ගේමින් සයිඩ් එක ගැන නම් මං වැඩිය දන්නෙ නෑ, සහෝ. :sorry: ඒත් වෙලාවක් තිබ්බොත් ඒ ගැනත් විස්තර හොයලා ත්‍රෙඩ් එකක් දාන්නම්. :) (y)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෛරයෙන් වෛරය නොසන්සිදේ කිව්වට වෛරයෙන්ම වෛරය සන්සිදේ කියලා හිතන් ඉන්න ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බොහොමයක ඉන්න වර්තමාන පාලකයොයි, උන්ගෙ හෙන්චයියොයි

    ආගම් අදහන්නේ නැති,නිදහසේ හිතන පතන ඇත්තෝ එහෙම තමයි
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Aඑත්ත..මුන්ගේ සමහර ෆිල්ම්ස් වල ඉන්න කල්ලෝ දැකම ෆිල්ම් එක බලන්නත් හිතෙන්නේ නෑ..ඒ තරමට උන් ඒ චරිත වලට ගැලපෙන්නේ නෑ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    Aඑත්ත..මුන්ගේ සමහර ෆිල්ම්ස් වල ඉන්න කල්ලෝ දැකම ෆිල්ම් එක බලන්නත් හිතෙන්නේ නෑ..ඒ තරමට උන් ඒ චරිත වලට ගැලපෙන්නේ නෑ
    Denzel Washington, Morgan Freemon ලා black actors ලා කියලා කවුරුවත් මේතාක් කල් මොනවවත් කියලා තියෙනව ද? එහෙම කියන්නෙ නැත්තෙ ඒ මිනිස්සු තමන්ට හම්බෙන චරිතවලට උපරීම සාධාරණේ කරන පට්ටම ටැලන්ටඩ් කලාකාරයො නිසා. ඒ මිනිස්සු රගපානකොට ඒ මිනිස්සුන්ගෙ හමේ පාට මොකද්ද කියන එක ගැනවත් අපිට කිසිම හැගීමක් දැනුනෙ නෑ. ඔය විදිහෙම දක්ෂ black actresses ලත් හිටියා හැකියාව වගේම හොද පෙනුමකුත් තිබ්බ. හමේ පාට ලොකුවට වැදගත් නෑ රගපාන නළුවා නිළිය ටැලන්ටඩ් ද කියන එකයි, එයා ඒ චරිතෙට සුදුසු ද කියන එකයි. දැන් හොලිවුඩ්වල නැත්තෙත් ඔය දේමයි. දක්ෂකමට නැතුව වෙන වෙන ඒවට තැන දෙන්නෙ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,783
    5,757
    113
    එහෙම කියන්න එපා පුතා. අපි විශ්මතා වලට තැන දෙන්න ඕනේ. නැතුව හරි යන්නේ නැහැ. ළඟදිම අපි හිට්ලර්ටත් කළු කෙලි කොල්ලෙක් දාලා ඊවා බ්‍රවුන් ට සුදූ කොළු කෙල්ලේ ක් දාලා හදනවා පට්ට පිළුමක් පූටින්ගේ මහ අප්පච්චි වෙච්ච ස්ටාලින් කාරයා හොඳට සාමකාමීව හිටපු අරුන් දෙන්නාට ඇන්ටි හෝමෝ රතු හමුදාව දාලා ගස්සපු විදිහයි. ඇමරිකානු ජෙනරාල් ඩෝර්ත්‍රි අයිසන්හවර් ඇවිත් රත්තාන්ව පන්නලා ජර්මනිය බේරගෙනත්ත හැකියි. අප්‍රිකානු කළු ජාතිකයෝ යුද්ධෙන් හැදි ගෑවිලා තිබ්බ ජර්මනිය ලෝක බලවතෙක් කරපු හැටියි ගැන. එදාට පුතාලට දොබෙන් යන්න තමා වෙන්නේ.
    කාලය මැව් වෙනසක අරුමේ. ඩිස්නි උන් "Star wars" වලට කරපු හරිය තමයි මේ. :(


    අර වටීටි කාරයා මේකිටත් කතා කරලා තිබ්බා ලූ නේද පලවෙනි වතාවට starwar වගේ ලොකු කතාවක රඟ පාන්න මිනිහාගේ film එකෙන් චාන්ස් එකක් දෙන්නම් කියලා.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    කාලය මැව් වෙනසක අරුමේ. ඩිස්නි උන් "Star wars" වලට කරපු හරිය තමයි මේ. :(


    don't forget that anakin skywalker blew up the death star :lol:
    it's canon now, along with lesbian space witches who are capable of immaculate conception 🤦‍♂️
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,988
    1
    12,324
    113
    Nuwara eliya
    Denzel Washington, Morgan Freemon ලා black actors ලා කියලා කවුරුවත් මේතාක් කල් මොනවවත් කියලා තියෙනව ද? එහෙම කියන්නෙ නැත්තෙ ඒ මිනිස්සු තමන්ට හම්බෙන චරිතවලට උපරීම සාධාරණේ කරන පට්ටම ටැලන්ටඩ් කලාකාරයො නිසා. ඒ මිනිස්සු රගපානකොට ඒ මිනිස්සුන්ගෙ හමේ පාට මොකද්ද කියන එක ගැනවත් අපිට කිසිම හැගීමක් දැනුනෙ නෑ. ඔය විදිහෙම දක්ෂ black actresses ලත් හිටියා හැකියාව වගේම හොද පෙනුමකුත් තිබ්බ. හමේ පාට ලොකුවට වැදගත් නෑ රගපාන නළුවා නිළිය ටැලන්ටඩ් ද කියන එකයි, එයා ඒ චරිතෙට සුදුසු ද කියන එකයි. දැන් හොලිවුඩ්වල නැත්තෙත් ඔය දේමයි. දක්ෂකමට නැතුව වෙන වෙන ඒවට තැන දෙන්නෙ.

    💯 %

    Thank you for sharing bro
    ------ Post added on Jun 23, 2024 at 3:59 AM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කළුවො වැහි වැහැල ඉන්න ඉංග්ලිෂ් ෆිල්ම් එකක් බලනවට වඩා හොදයි හින්දි ෆිල්ම් එකක් බලන එක