සටහන: @Stimulus mind
ඩිස්නි ෆිල්ම් ස්ටූඩියෝව (Walt Disney studio) කියන්නෙ තමන් හදන ෆිල්ම්ස්වලින් වර්ගභේදවාදය පිටු දකින, ජාති අතර සමානාත්වය අගයන, හැම පුද්ගලයෙකුගෙම අයිතිවාසිකම් මතු කරන, ලිංග භේදය, සමේ පාට නොසලකලා හැමෝටම තමන්ගෙ රංගන කුසලතාවෙ පෙන්නුම් කරන්න අවස්ථාව ලබා දෙන සර්ව සාධාරණ සිනමාපට නිර්මාණය ස්ටූඩියෝවක් ය කියලා "Bob Iger" කියන ඩිස්නිලගෙ මහ උත්තමයා ඇතුළු පිරිස හැම තිස්සෙම මීඩියාවල උජාරුවට නරිවාදන් කතා කරනවා ඕගොල්ලොත් සමහර විට දැකලා ඇති. ඒ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරිලා නිර්වස්ත්‍ර වුණු සිදුවීමක් පසුගිය දවසක සිද්ධ වුණා.
කලින් 20th century fox ස්ටූඩියෝවට අයිතිව තිබුණු, වර්තමානයෙදි ඩිස්නි ස්ටූඩියෝවට අයත් එක් උප සමාගමක් වෙන "20th Television" කියන රූපවාහිනී වැඩසටහන් නිෂපාදන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිතුමා (Twentieth Century Television Senior Vice President) වෙන "Michael Giordano" කියන මහත්තයා අලුතෙන් හොලිවුඩ්වලට ආපු උරචක්කරමාලයක් වෙන DEI (Diversity, equity, and inclusion) ක්‍රමවේදයට අනුව යමින් ඩිස්නි ස්ටූඩියෝව තමන් නිෂ්පාදනය චිත්‍රපටවල තියෙන සමහර විශේෂ චරිත සදහා සුදු ජාතික නළුවන් යොදාගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නෙ කියලා ප්‍රකාශ කරන වීඩියෝවක් මේ වෙනකොට නිකුත් වෙලා තිබෙනවා. "James O’Keefe" කියන American activist මේ සම්බන්ධව කරපු undercover investgation එකකට අදාළව "Michael Giordano" එක්ක කරපු කතාබහක් අතරෙදි රහසිගත පටිගත කරපු වීඩියෝවක් මගින් තමයි මේ කරුණු හෙළි කරනු ලැබුවේ.
මේ හෙළිදරව් කිරීම සිදුකළ ඇමරිකානු මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන "James O’Keefe"
"White discrimination" එක අද ඇමරිකාවෙ විතරක් නෙවේ යුරෝපෙත් හුගක් අහන්න දකින්න ලැබෙන දෙයක්. ඒක සිනමාවට විතරක් නෙවේ, අනිත් හැම අංශෙකටම වගේ අද පැතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉස්සර සුදු ජාතික මිනිස්සු කළු හම තිබ්බ සුළු ජාතීන්ව තලා පෙළුවා කියන එක සම්පූර්ණ ඇත්ත. ඒත් ඒ සුදු මිනිස්සු කරපු දේට පළිය ගන්න කියලා කළු හම තියෙන මිනිස්සුන්ව තලා පෙළපු විදිහටම ආයෙ සුදු මිනිස්සුන්ව තලන එකෙනුයි, ඒ මිනිස්සුන්ට තියෙන අවස්ථාවල් නැති කරන එකෙනුයි කවදාවත් වර්ගභේදවාදය (Racism) කියන එක නවත්තන්න අවස්ථාවක් හම්බවෙන්නෙ නෑ.
මේකට කියන්නෙ "Reverse racism" නැත්නම් "reverse discrimination" කියලා. මේකෙන් වෙන්නෙ සුදු ජාතික අයයි, අනෙක් සුළු ජාතික අයයි අතරෙ තියෙන වෛරය තවත් වැඩිවෙන එක. වෛරයෙන් වෛරය නොසන්සිදේ කිව්වට වෛරයෙන්ම වෛරය සන්සිදේ කියලා හිතන් ඉන්න ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් බොහොමයක ඉන්න වර්තමාන පාලකයොයි, උන්ගෙ හෙන්චයියොයි ඒ ඒ රටවල infastructures වලට රිංගලා උන්ගෙ ideology පතුරවලා කරන විනාසෙ තමයි මේ අපිට ඇස් පනාපිටම දකින්න ලැබෙන්නෙ. මේ මෝඩ තකතීරු දැක්මවල් නැතුව මනුස්සයෙක්ගෙ හමේ පාට, ලිංග භේද, ජාති, ආගම් කුල මල නොසලකලා ඒ ඒ මනුස්සයට තියෙන හැකියාවන්ට, දක්ෂකම්වලට අනුව සුදුසු තැන ලබා දෙන්න හැකියාවක් තියෙන වටපිටාවක් අනාගතේදි ඇති වුණොත් වර්තමාන ලෝකෙ රටවල්වල තියෙන ප්‍රශ්ණ ගොඩක් පහසුවෙන් ම නිරාකරණය කරගන්න හැකි වේවි.
ඩිස්නි ස්ටූඩියෝවේ වෙනත් හපන්කම්
ඒත් වෙලාවක් තිබ්බොත් ඒ ගැනත් විස්තර හොයලා ත්‍රෙඩ් එකක් දාන්නම්.


