🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කලත්‍රස්ථානය (7- හත් වෙනි භාව කොටුව)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / රෝගස්ථානය (6- හය වෙනි භාව කොටුව)

    --
    7-3-11 (කාම) ශුභ ඵල දීමේ දෙවැනි බලවත් ත්‍රිකෝණයට අයත් බලවත් කේන්ද්‍රස්ථානය වන හත් වැන්න කලත්‍රස්ථානය, යාමිත්‍රස්ථානය වැනි පර්යාය නාම වලින් ද හැඳින්වෙයි.
    ප්‍රධාන වශයෙන් භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සහ ඔවුනොවුන් අතර පවතින සම්බන්ධතාවේ ස්වභාවය පිළිබඳ සියලු විස්තර හත් වැනි භාවය පරික්ෂා කිරීමෙන් දැනගත හැකිය.

    hatha.PNG


    ඊට අමතරව ව්‍යාපාර වල හවුල් කරුවන්, හවුලේ සිදු කරන ගනුදෙනු හා ඒ සම්බන්ධ අනෙකුත් වැදගත් තොරතුරු, සමාජයෙන් ලැබෙන ප්‍රසාදය හෝ අවමානය, යෙදී සිටින වෘතියේ ස්ථිර අස්ථිර බව, හිමිවන දේපොළ පමණක් නොව මරණය ගැන පවා ඉතා සියුම් දේ පවා හතෙන් බැලිය හැකිවේ. කාමය හා කාම ශක්තිය ද ශරීරයේ උකුළ හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, රහස් ඉන්ද්‍රියයන් හත් වැන්නට අයිතිය.
    එබැවින් හත් වැන්න යනු ජන්ම පත්‍රයක අතිශය වැදගත් කේන්ද්‍රස්ථානයක් වන බව කිව යුතුය.
    හත් වැන්නට දිග්බල වූ ශනි හෙවත් සෙනසුරුට මෙහි විශාල වගකීමක් පැවරෙයි. ශාස්ත්‍රය පිළිබඳ මනා වැටහීමක් නොමැති කිසිවකුට හතේ සිටි ශනි කුමක් කරාවිදැයි සිතාගත නොහැකිය. එහෙයින් ශනි හතේ ඵලාඵල කීම ඉතා දුෂ්කර කටයුත්තක් බව සිහිතබා ගන්න. බලවත්ව හතේ සිටි ශනි ඉතා ශුභ ඵලයක් දීමට ද පැකිලෙන්නේ නැත. නරකක් කළොත් ඉතා විනාශකාරී එකකි.
    මංගල හෙවත් කුජ ග්‍රහයා ද හතේ දී අවිනිශ්චිත වේ. කුජ හතට සෑම විටම නරක යැයි කිව නොහැකිය. ජන්මියාගේ ස්ත්‍රී පුරුෂ භාවය හා වෙනත් කාරණා රාශියක් සලකා ප්‍රවේශමෙන් තීන්දුවක් ගැනීමට සිදුවේ.