

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 


එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 
/ වශ්‍ය පොරොන්දම
--9. රජ්ජු පොරොන්දම
ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ නැකැත් එකම රජ්ජුවට වැටෙයි නම් නොගත යුතුය. අශුභයි. වෙනස් රජ්ජු වල නම් යහපති.
--
ප්‍රධාන රජ්ජු ප්‍රභේද හතරකි. එනම්, පාද රජ්ජුව, ඌරු රජ්ජුව, නාභි රජ්ජුව සහ බාහු රජ්ජුව කියා වේ. ඒ ඒ නැකැත් රජ්ජුවලට බෙදෙන අයුරු පහත දැක්වේ.
| පාද රජ්ජුව | ඌරු රජ්ජුව | නාභි රජ්ජුව | බාහු රජ්ජුව |
|---|---|---|---|
| අස්විද අස්ලිස මා දෙට මූල රේවතී | බෙරණ පුස පුවපල අනුර පුවසල උතුරුපුටුප | කැති පුනාවස උතුරුපල විසා උතුරුසල පුවපුටුප | රෙහෙන අද හත සා සුවන සියාවස |
ඉතිරි මුවසිරස, සිත සහ දෙනට යන නැකැත් තුන ශීරෝ රජ්ජුව (සෙසු) ට අයත්වේ.
--
සැ.යු. රාශි, රාශ්‍යාධිපති සහ මහේන්ද්‍ර යන පොරොන්දම් තුන ශුභ වීමෙන් මෙම රජ්ජු පොරොන්දම් දෝෂය භංග වේ.
Last edited: