රවි
නවග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා හෙවත් රජු ය. පිතෘකාරක වේ. උපත ද පැවැත්ම ද හිරු නිසාම වේ. තේජෝ ගුණයෙන් ඉතා අධික නමුත් කුජ මෙන් විෂ නොවෙයි. අරිටු නසයි. පෘථිවියේ ස්කන්ධය මෙන් 333,000 වාරයක් විශාල වේ. සාමාන්‍ය වශයෙන් පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 149 දුරින් පිහිටා ඇත. සෑම තත්පරයකදීම මෙට්‍රික් ටොන් දෙකකට ආසන්න සූර්ය පධාර්ථ "සූර්ය සුළං" වශයෙන් ක්‍ෂය වේ. නියම වශයෙන් මාසයකදී රාශියක් බැගින් පසුකර ගොස් අවුරුද්දක දී රාශි වළල්ල සම්පුර්ණ කරයි.
පුරාණ ශිෂ්ටාචාර යුගයේ සිට සූර්යයා දේවත්වයෙන් ඇදහීමට පාත්‍රවී ඇත.
ජ්‍යෝතිෂ් ශාස්ත්‍රයේ සියල්ල හිරු මුල්කරගෙන පිළියෙළ කර ඇත. රාජ්‍යයට හා රජු ප්‍රමුඛ ප්‍රධානින් නියෝජනය වේ. මනුෂ්‍ය ශරීරයේ ඇස්, මුඛය, ඇලදිව, හෘදය, මොළය, රක්ත නාඩි, උගුර හා ඇට ආදියට බලපවත්වයි. ලග්නයේ හෝ 11 බලවත් හිරු සියලු අරිෂ්ට භංග කරයි. කැති, උතුරුපල් හා උතුරුසල යන නැකැත් රවි ට අයිතිවේ. රවි ගේ මහදශා කාලය අවුරුදු 6 කි.
රවි 1 නම් ඍජු ගතිගුණ ය. අභිමානවත් වේ. 2 නම් පවතින ඇස් රෝග වේ. කතා බහුලය. 3 නම් වික්‍රමවත් හා උගත් වේ. 4 නම් මව්පිය නෑදෑ විරෝධය එල්ලවේ. 5 නම් දරුවන්ට අපල කරයි. 6 නම් සතුරන් නසයි. 7 නම් රහස් රෝග වේ. 8 නම් දිළිඳු වේ. 9 නම් පියාගෙන් දේපල නොලබයි. 10 නම් තත්වයෙන් උසස් වේ. 11 නම් සියලු අරිටු භංග කරයි. 12 නම් නඩු හබ වේ. දෙශාන්තරයේ අවිද්දවයි. පසුකාලයේ ප්‍රකට කරයි.
රවි පිළිබඳ කරුණු කීපයක් පහතින් දැක්වේ;
රවි සම්බන්ධව කිවයුතු දේ බොහෝය. ඒ පිළිබඳ ඉදිරියේ දී සවිස්තරාත්මකව සලකා බලමු.

| වෙනත් නම් | සූර්යයා, හිරු, භානු, ආර්ක, ආදිත්‍ය |
| ලිංග | පුරුෂ |
| දිශාව | නැගෙනහිර |
| පාලක රාශිය | සිංහ |
| උච්ච රාශිය | මේෂ |
| නීච රාශිය | තුලා |
| මූල ත්‍රිකෝණ රාශිය | සිංහ |
| ස්වක්ෂේත්‍ර රාශිය | සිංහ |
| අයත් ශරීරාංග | ඇස්, හදවත, උදරය, ඇට-කටු |
| ලෝහය | රත්‍රං |
| ගල් | රූබි |
| දිනය | ඉරිදා |
| වේද මන්ත්‍රය / භජන් | ඕම් භූර් භූව ස්වඃ , තත් සවි තුර් වරේන්යම්, භාර්ගෝ දේවශ්‍ය ධීමහි, ධියෝ යෝ නඃ ප්‍රචෝදයාත් |
| යහපත් ගති | නායකත්වය, තේජවන්ත බව, ශක්තිය, ධෛර්යය |
| අයහපත් ගති | තණ්හාව, කෘරත්වය, අනුන් යටපත් කිරීමේ වුවමනාව, කේන්තිය |
| නියෝජනය | ආත්මය, අනන්‍යතාව, අභිලාශය, පාලනය, පිතෘත්වය |
| දේවත්වය | ශිව |