🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / තුලා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,168
    21,718
    113
    තුලා රාශිය
    7.Thula.png

    සාමාන්‍ය ප්‍රමාණයට වැඩුණු සිහින් උස්වූ දේහයකි. තියුණු ඇස් ඇතිවේ. ප්‍රසන්න පෙනුම ය. මධ්‍යම වයසෙන් පසු හිසේ පසුපස තට්ටය පෑදෙයි.
    යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් තුලා රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය තුලාව යැයි කියනුලැබේ. තුලා රාශිය තරාදියක් / තරාදියක් අතින් ගත් පුරුෂයකු ගේ ස්වරූපයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ හත් වැන්න වේ. රාශිය පෙරදිග ක්ෂිතිජයේ බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය හතරත් මිනිත්තු පනස් එකක් ගතවේ. සුළං සහිත උස්බිම්, වෙළඳ හල්, වීදි, බදු අයකරන ස්ථාන, වාණිජ්‍ය ශාලා වලට ද අපරදිග දිශාවට ද බලපවත්වයි. තුලාවේ අධිපති ග්‍රහයා ශුක්‍ර ය. කෘර, පුරුෂ, විසම, චර, ද්වාර, සරස්, ධාතු, දීර්ඝ, වායෝ, කළු වර්ණ, දිවා බල, හිසින් උදාවන නර රාශියකි.
    තුලාවේ ශනි උච්ච වේ. රවි නීච වේ. බුධ, රාහු සහ කේතු මිත්‍රයි. චන්ද්‍ර සහ කුජ සමයි. ගුරු සතුරුයි.
    සිත - 2, සා, විසා - 3 අඩංගුය. මුල් නවාංශකය තුලා වේ.
    ශනි සහ බුධ ශුභයි. රවි, කුජ සහ ගුරු පාපීහු වෙති.
    දියමන්ති, බෙර්ලියන්තු, සුදු-නිල් ආදී ගල් වර් පැළඳීම යහපති.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    ලෝකේ බිහිවෙච්ච දාර්ශනිකයන් ගෙන් බහුතරය තුලා ලග්නකාරයෝ කියලා අහලා තියෙනවා. :yes:
    ඒ වගේම තමයි පට ගාල අනිත් අයට ඇන්දෙනවා 🙂
    මමත් තුලා බං 😂
     
    • Haha
    Reactions: Lovtus