මේෂ රාශිය
මඳක් දිගු වූ බෙල්ලක් ඇති සාමාන්‍ය ප්‍රමාණයේ දේහය කි. ඝනට වැඩුණු වකුටු හිසකෙස්, රැවුල, ඇස්බැමි සහිතය. තරමක් ඉදිරියට බරව ගමන් කරන කඩිසර අයෙකි. පිත්තාධික උෂ්ණ දැවිලි රෝග, හදිසි ක්ලාන්ත සිහි නැතිවීම, බඩේ කැක්කුම, මොළයේ අසනීප වලට ගොදුරු වීමට අවකාශ ඇත.
යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මේෂ රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය මේෂ ය යැයි කියනුලැබේ. මේෂ රාශිය එළුවකු ගේ ස්වරූපයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ පළමුවැන්න වේ. අපරාර්ධය මුදුන් අහසේ බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැයහතරකුත් මිනිත්තු විසි හතක් ගතවේ. වාලුකා තලා වැනි උණුසුම් ස්ථාන,ආකර, උස්බිම් වලට ද පෙරදිග දිශාවට ද බලපවත්වයි. මේෂයේ අධිපති ග්‍රහයා කුජ ය. කෘර, පුරුෂ, විසම, චර, ද්වාර, සරස්, ධාතු, භ්‍රස්ව, තේජෝ, රතු, රෑ බල, පිටින් උදාවන සිවුපා රාශියකි.
මේෂයේ රවි උච්ච වේ, ශනි නීච වේ, චන්ද්‍ර-බුධ-ශුක්‍ර තිදෙනාට සම වේ. රාහු-කේතු ට සතුරුයි.
අස්විද, බෙරණ හා කැති-1 අඩංගුය. මුල් නවාංශකය මේෂ වේ.
රවි සහ ගුරු ශුභයි. බුධ, ශුක්‍ර හා ශනි පාපීහු වෙති.
තඹ, දියමන්ති, සුදු-නිල පැළඳීම යහපති.