🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / මේෂ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,942
    21,459
    113
    මේෂ රාශිය
    1.mesha.png

    මඳක් දිගු වූ බෙල්ලක් ඇති සාමාන්‍ය ප්‍රමාණයේ දේහය කි. ඝනට වැඩුණු වකුටු හිසකෙස්, රැවුල, ඇස්බැමි සහිතය. තරමක් ඉදිරියට බරව ගමන් කරන කඩිසර අයෙකි. පිත්තාධික උෂ්ණ දැවිලි රෝග, හදිසි ක්ලාන්ත සිහි නැතිවීම, බඩේ කැක්කුම, මොළයේ අසනීප වලට ගොදුරු වීමට අවකාශ ඇත.
    යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මේෂ රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය මේෂ ය යැයි කියනුලැබේ. මේෂ රාශිය එළුවකු ගේ ස්වරූපයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ පළමුවැන්න වේ. අපරාර්ධය මුදුන් අහසේ බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැයහතරකුත් මිනිත්තු විසි හතක් ගතවේ. වාලුකා තලා වැනි උණුසුම් ස්ථාන,ආකර, උස්බිම් වලට ද පෙරදිග දිශාවට ද බලපවත්වයි. මේෂයේ අධිපති ග්‍රහයා කුජ ය. කෘර, පුරුෂ, විසම, චර, ද්වාර, සරස්, ධාතු, භ්‍රස්ව, තේජෝ, රතු, රෑ බල, පිටින් උදාවන සිවුපා රාශියකි.
    මේෂයේ රවි උච්ච වේ, ශනි නීච වේ, චන්ද්‍ර-බුධ-ශුක්‍ර තිදෙනාට සම වේ. රාහු-කේතු ට සතුරුයි.
    අස්විද, බෙරණ හා කැති-1 අඩංගුය. මුල් නවාංශකය මේෂ වේ.
    රවි සහ ගුරු ශුභයි. බුධ, ශුක්‍ර හා ශනි පාපීහු වෙති.
    තඹ, දියමන්ති, සුදු-නිල පැළඳීම යහපති.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔව්ව වැඩක් නෑ, ඉදිරි මාස වල වෙන්නෙ මොනවද කියපන්. උනොත් ඇවිත් හරිද කියන්නම් :ROFLMAO:
     
    • Haha
    Reactions: Lovtus

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඔව්ව වැඩක් නෑ, ඉදිරි මාස වල වෙන්නෙ මොනවද කියපන්. උනොත් ඇවිත් හරිද කියන්නම් :ROFLMAO:
    එහෙම කියන්න පුලුවන්නම් මේකෙ thread දදා ඉන්න වෙලාවක් තියේද බන්?..........
     
    • Haha
    Reactions: Nu1Dnk and Lovtus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,244
    1
    61,668
    113
    Mother Earth
    මේෂ

    මේ සතියේ ඔබට හොඳයි. හොඳ නැත්නම් නරකයි. රැකියාවල යෙදී සිටින අයට ගෙදර දොර කටයුතුවලින් ඈත් වීමට සිදුවෙයි. එහෙත් වැටුප් ලැබේ. සති අන්තයේදී සුමානය අවසන් වේ. මේස රාසිය වටා පුටු රාසිය කැරකෙ.
     
    • Haha
    Reactions: Lovtus