රෙහෙණ හෙවත් රෝහිණි නැකැත් චක්‍රයේ සිවුවැන්න වේ. වෘෂභ 10° 00' - 23°20' අතර පරාසයේ පිහිටා ඇත. රතු දෙවඟන නම් අරුත් ඇති රෝහිණිය චන්ද්‍ර දෙවිඳු ගේ ප්‍රධාන සහකාරියයි. නැකතට අධිපති චන්ද්‍රයා වේ. ප්‍රජාපති හෙවත් බ්‍රහ්මයාගේ බලයට යටත් ය. සුඛෝපභෝගී යාන වාහන, සුන්දරත්වය සහ විසිතුරු දේ ට රෝහිණි අධිගෘහිත වන්නීය.
චන්ද්‍රයා වෘෂභ 10° 00' - 23°20' අතර වපසරිය තුල සිටියදී උපන්නේ රෙහෙණ නැකතෙන් හා සඳුගේ මහදශාවෙන් උපන්නේ වේ. රෙහෙණ නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ට අයත්වේ.
ව්‍යාපාර ආරම්භය ආදී ශුභ කටයුතු වලට නිසි ශුභ පක්‍ෂයේ නැකතකි.
රෙහෙණ නැකතේ ප්‍රභේද;
--