🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / විද්‍යාස්ථානය (5-පස් වෙනි භාව කොටුව)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,244
    21,820
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ගෘහස්ථානය (4-සිවුවැනි භාව කොටුව)

    --
    කේන්ද්‍ර සටහනක පස් වැනි භාව කොටුව, 1-5-9 (ධර්ම) ශුභ ඵල දීමේ බලවත් ම ත්‍රිකෝණ ස්ථානයකි. ගෘහස්ථානය, විද්‍යාස්ථානය, පුත්‍රස්ථානය වැනි පර්යාය නාම වලින් හැඳින්වෙන මෙයින් න්‍යාය ශාස්ත්‍ර, ආගම් දර්ශන පිළිබඳ ඥානය, ග්‍රන්ථකරණය, සෞන්දර්යය, ආලය සම්බන්ධ කාරණා, දරුවන් සහ ඔවුනගේ ස්වභාවයන්, පෙර භවය වැනි දේ පිළිබඳ නිවේදනය කරයි.

    edu.PNG


    ශරීරයේ නාභිය සහ පපුව අතර බඳ ප්‍රදේශය සහ අක්මාව වැනි ඉන්ද්‍රියයන් මීට අයිතිවේ.
    පස්වැන්න ශුභ රාශියක් ව එහි බුධ, ගුරු ආදී ශුභ ග්‍රහයන් බලවත්ව සිටීමෙන් හෝ ශුභ දෘෂ්ටි ලැබීමෙන් බලවත් වූ විට අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබී විවාහයෙන් යහපත් දරුවන් ලැබී ජීවිතයේ බොහෝ අභිමතාර්ථ සඵල වී සැපවත් වේ.
    ඉගෙනගන්නා දරුවකුගේ ජන්ම පත්‍රය පරික්ෂා කිරීමේදී පස්වැනි භාව කොටුව කෙරෙහි ප්‍රමුඛස්ථානය දියයුතුය. තවද දරුවන් බලාපොරොත්තුවෙන් පසුවන තරුණ විවාහක අයවලුන් තම තමන්ගේ ජන්ම පත්‍රයේ පස්වැනි භාවයේ ස්වභාව පිළිබඳ නිසි තක්සේරුවක් ඇතුව සිටින්නේ නම් ඉදිරියේ වියහැකිව තිබෙන බොහෝ අහිතකර බලපෑම් වලින් වැළකී වාසනාවන්ත ගෘහ ජීවිතයකට සැපත්වීමේ මහඟු අවස්ථාව ඔවුනට උදාකර ගතහැකි වනු ඇත.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,820
    113
    උසස් අධ්‍යාපන ගැන කියවෙන්නේ 9 වැන්නෙන් නේද?
    5 කේතුත් සාර්ථක ප්‍රථිපල තියනවා නේද?
    ඔව්. උසස් අධ්‍යාපනය ගැන 9න් බලන්න ඕනේ. කේතු ට 5 හොඳම තැනක් :yes:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,820
    113
    කේතු 9 දෙමවුපියන් ට, විශේෂයෙන් පියාට සහ පිය පාර්ශවයේ වැඩිහිටියන්ට ඒ තරම් ශුභ නෑ. බොහෝවිට අන්ධ භක්තිය ඇතිවෙනවා. උසස් ඉගෙනුමට, මතු දියුණුවට යහපත්.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    කේතු 9 දෙමවුපියන් ට, විශේෂයෙන් පියාට සහ පිය පාර්ශවයේ වැඩිහිටියන්ට ඒ තරම් ශුභ නෑ. බොහෝවිට අන්ධ භක්තිය ඇතිවෙනවා. උසස් ඉගෙනුමට, මතු දියුණුවට යහපත්.
    මේක ඇත්තක් :)
    රාහු 9 ට දෘෂ්ඨි දුන්නොත් රට යන ඒවා කොහොමද?
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේ මචන් පොඩි වැඩක් කරපන් පුළුවන් නම්. අර අනුරධයාගේ කේන්දරේ ඉල්ලගෙන පොඩ්ඩක් බලහන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,244
    21,820
    113
    මේක ඇත්තක් :)
    රාහු 9 ට දෘෂ්ඨි දුන්නොත් රට යන ඒවා කොහොමද?
    කේතු 9 නම් සාමාන්‍යයෙන් උපන් රටෙන් පිටකරන්නේ නෑ. ඒත් අනිත් ග්‍රහයන් සහ දෘෂ්ටි අනුව මේවා වෙනස් වෙන්න පුළුවන්. පිට රටකට ගියත් වැඩි කාලයක් නොඉඳ ආපහු එනවා. (පෙරේදා මගෙන් කේන්දරේ බලාගත්තු කෙනෙකුගේ කේතු 9 තිබුණේ. මනුස්සයා මගෙන් ඇහුවෙම රට යන්න පුළුවන් වෙයිද කියලා. මම එයාට ඔය කාරණේ කිවුවා. මිනිහා පුදුම වෙලා මට කිවුවා ජපානෙට ගිහින් එහේ airport එකෙන් එලියට යන්න බැරි වුනාලු. ආපහු හරවලා එවලා. දැන් ආයේ කොහොම හරි යන්නම ඕනේ කියලා මොනවා හරි දෙයක් කරලා දෙන්න කියලා වඳිනවා.

    මේ මචන් පොඩි වැඩක් කරපන් පුළුවන් නම්. අර අනුරධයාගේ කේන්දරේ ඉල්ලගෙන පොඩ්ඩක් බලහන්.
    එහෙම ඉල්ලගෙන කේන්දර බලන සිරිතක් නෑනේ. :D
    ------ Post added on May 11, 2023 at 9:06 PM

    මේක ඇත්තක් :)
    රාහු 9 ට දෘෂ්ඨි දුන්නොත් රට යන ඒවා කොහොමද?
    රාහු ගැන ඇහුවේ නේද? මගේ පොට්ට ඇස් :eek:
    රාහු 9 නම් සහ කේන්දරේ වෙන බාධා නැත්නම් විදේශ ගමන් සඵල වීමේ ඉඩකඩ බොහොම ඉහළයි. රාහුගේ දෘෂ්ටි වැටුනත් ඒ වගේම තමයි. හැබැයි පියාට අගුණයි. ආගමික භක්තිය අඩුයි.
    ------ Post added on May 11, 2023 at 9:28 PM