

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ගෘහස්ථානය (4-සිවුවැනි භාව කොටුව)
--කේන්ද්‍ර සටහනක පස් වැනි භාව කොටුව, 1-5-9 (ධර්ම) ශුභ ඵල දීමේ බලවත් ම ත්‍රිකෝණ ස්ථානයකි. ගෘහස්ථානය, විද්‍යාස්ථානය, පුත්‍රස්ථානය වැනි පර්යාය නාම වලින් හැඳින්වෙන මෙයින් න්‍යාය ශාස්ත්‍ර, ආගම් දර්ශන පිළිබඳ ඥානය, ග්‍රන්ථකරණය, සෞන්දර්යය, ආලය සම්බන්ධ කාරණා, දරුවන් සහ ඔවුනගේ ස්වභාවයන්, පෙර භවය වැනි දේ පිළිබඳ නිවේදනය කරයි.
ශරීරයේ නාභිය සහ පපුව අතර බඳ ප්‍රදේශය සහ අක්මාව වැනි ඉන්ද්‍රියයන් මීට අයිතිවේ.
පස්වැන්න ශුභ රාශියක් ව එහි බුධ, ගුරු ආදී ශුභ ග්‍රහයන් බලවත්ව සිටීමෙන් හෝ ශුභ දෘෂ්ටි ලැබීමෙන් බලවත් වූ විට අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබී විවාහයෙන් යහපත් දරුවන් ලැබී ජීවිතයේ බොහෝ අභිමතාර්ථ සඵල වී සැපවත් වේ.
ඉගෙනගන්නා දරුවකුගේ ජන්ම පත්‍රය පරික්ෂා කිරීමේදී පස්වැනි භාව කොටුව කෙරෙහි ප්‍රමුඛස්ථානය දියයුතුය. තවද දරුවන් බලාපොරොත්තුවෙන් පසුවන තරුණ විවාහක අයවලුන් තම තමන්ගේ ජන්ම පත්‍රයේ පස්වැනි භාවයේ ස්වභාව පිළිබඳ නිසි තක්සේරුවක් ඇතුව සිටින්නේ නම් ඉදිරියේ වියහැකිව තිබෙන බොහෝ අහිතකර බලපෑම් වලින් වැළකී වාසනාවන්ත ගෘහ ජීවිතයකට සැපත්වීමේ මහඟු අවස්ථාව ඔවුනට උදාකර ගතහැකි වනු ඇත.



