🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    නැකැත් කියන්නේ මොනවද කියලා මම නෙමෙයිනේ කියන්නේ. දැන් පෙන්නුවේ පිටු අංකත් එක්ක. තවත් කතාකරන්න ගියොත් කුණුහරුප තමයි කියන්න වෙන්නේ. මේක කියවන කෙනෙක් තම නැණ පමණින් තේරුම් ගන්න. තමන්ගේ හෙළුව අල්ලෙන් වහගෙන අනුන්ගේ හෙළුවට ඇඟිල්ල දික්කරනවා
    හෙන්ඩ්‍රික් සිල්වා හෙට්ටිගොඩ ට වරදින් බැරිද. යමක් වැරදි නම් කවුරු කියුවා උනත් වැරදි. ඔබ කියන්නේ ඔහුගේ පොතක පිටුවක් පාදක කරගෙන. මිස නැකත් කියන්නේ මොනවාද ඒවා උදාවන මොහොත ගණිතයෙන් කියන්නේ කොහොමද දැනගෙන නොවේ. මම තර්ක කරන්නේ ඒ දැනුම සහිතව. ජෝතිෂ්‍ය සඳහා ගණිතය පදනම් වූ සූර්ය සිද්දන්තය. වගේම ක්‍රිෂනාමූර්තිගේ සහ රාමන් වැනි ඉන්දීය ලෝකෙම පිළිගත් ජෝතීර් වේදීන් ගේ පොත් වල ඇති දේ තමයි විකිපීඩියා එකේ තියෙන්නෙ.

    මම මේ සියලු දේ ඉගෙන ගත්තේ ඒ සම්බන්ධ ප්‍රෝග්‍රමින් කටයුත්තක් සඳහා. ග්‍රහයා චලිත වන්නේ කොහොමද. නැකත් උදාවන්නේ කොහොමද කියලා අඩුම තරමේ පංචාංග ලිත ක් පරීක්ෂා කලානම් මම කියන දේ තේරුම් ගන්න පුලුවන් වෙයි.

    කරුණාකර නැකත් කියන්නේ ග්‍රහක නම් ඒ ඒ නැකතට අදාළ ග්‍රහක වල නම් සහ ඒවා උදාවන ආකාරය ගණිතය මගින් පහදන්න. සාධන භාරය බාරගත යුතු වන්නේ ඔබ මිස මම නොවේ. ඔබ මේ ලිපියේ ලියා ඇති කරුණු ප්‍රශ්න කළවිට සනාථ කිරීම ඔබ සතු යුතුකම වේ.

    ඔබ දුන් පොතේ පිටුවේ ඇත්තේ ඒ ගැන හෙතිටිගොඩ මහතා ගේ මතය මිස සනාථ කිරීමක් නොවේ. ඔබ ඔහුගේ මතය පිළිගන්නේ නම් ඔහු එය සනාථ කරන්නේ කෙසේද කියා දැනගත යුතුය.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    @Lovtus
    Free horoscope eka balala denna puluwanda? Thanks.
    free කරන්න බෑ sorry . ඉස්සර මේකේ හිටිය සෑහෙන දෙනෙකුට free හදලා දුන්නා. ඒත් පස්සේ කීපදෙනෙක් ම මුදලක් ගෙවුවා. ඒ නිසා දැන් free කරන්න බෑ. මුදල් ගෙවපු අයට අසාධාරණයක් කළා වගේ වෙනවා එහෙම කළොත්. අනික කේන්දර බැලීම මගේ රැකියාව නොවුණට අතුරු ආදායමක් එකෙන් ගන්නවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අතීතය කියන්න පුළුවන් අය ගැන නම් අහල තියෙනවා හැබැයි ඒ අයත් අනාගතේ ගැන කියලා නෑ උපදෙස් දීලා විතරයි , ජෝතිෂ්‍ය නම් බොරු
    පොඩි පුතාට ඇත්තම කිවුවොත් අනාගතය ගැන, ඒ කියන්නේ අනාගතයේ සිද්ධවෙන්න පුළුවන් දේවල් ගැන ජෝතිෂ්‍ය සිද්ධාන්ත පාවිච්චි කරලා අනාවැකි කියන්න පුළුවන්. හැබැයි ගණනය කිරීම් වල පුංචි දෝෂයක් වුණොත් කියන අනාවැකියේ වෙනස්කම් වෙන්න පුළුවන්. ජෝතිර්වේදියෙක් කියන්නේ මනුෂ්‍යයෙක් නිසා වැරදීම් වෙන්න ඉඩ තියෙනවා. ඔය විද්‍යාවේ අය වුණත් (එළකිරි විද්‍යාඥයෝ හැර) human errors පිළිගන්නවා. අවශ්‍ය නම් මේ කිරියෙන්ම උදාහරණ දෙන්න පුළුවන්. මෙන්න මේ thread එක බලන්නකෝ. ඔය thread එක දාන දවස් වල කවුරුවත් ඔහොමදෙයක් වෙයි කියලා විශ්වාස කළේ නෑ. මම එක නිකම්ම ආතල් එකට දැම්මා නෙමෙයි, 2022 අප්‍රේල් 29 ඉඳන් ජූලි 12 දක්වා ප්‍රධාන වශයෙන් සෙනසුරුගේ සහ ගුරු, රාහු ග්‍රහ චාරය ගැන බලලා තමයි ඕක දැම්මේ. සෙනසුරුගේ වක්‍ර වීම නිවෘත වීම වගේ සංසිද්ධි විශේෂයි. ජුලි 12 කුම්භයට අංශක 1 යි කලා 5 ක් උපරිමයෙන් ගියා. 13 ගෝටා රටෙනුත් ගියා. ඔතන රනිල්ව විශේෂයෙන් mention කරලා තිබුණේ ඇයි කියලා දැන් කාටත් පේනවානේ :D
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,907
    2,507
    113
    colombo

    කියල තියෙන්නේ නම් මාස දෙකක් ඇතුලත කියලා, කමක් නෑ ඉතින් ඔයා කියන දෙයක් තමයි
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කියල තියෙන්නේ නම් මාස දෙකක් ඇතුලත කියලා, කමක් නෑ ඉතින් ඔයා කියන දෙයක් තමයි
    පැහැදිළි පිළිතුරක් දුන්නොත් පොඩි පුතා ජීවිතේ මේ ඉන්න මට්ටමට වඩා දියුණුවෙනවා. නොමිලේ මිනිස්සු දියුණු කරන්න හොඳ නෑ :lol:
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    සෙනසුරුගේ වක්‍ර වීම නිවෘත වීම වගේ සංසිද්ධි

    සමහර ග්‍රහයන් වක්‍ර වෙනවා නේ. සමහරු නැහැ නේ. ඒ සංසිද්ධිය ඇතිවන විදිය ඔබ දන්නවාද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    සමහර ග්‍රහයන් වක්‍ර වෙනවා නේ. සමහරු නැහැ නේ. ඒ සංසිද්ධිය ඇතිවන විදිය ඔබ දන්නවාද?
    ඒ ගැන අදහසක් තියෙනවා. ඒත් 100% නිවැරදි ද කියන්න දන්නේ නෑ. වැරදි නම් නිවැරදි කරන්න. ග්‍රහයන් සුර්යයා වටා පරිභ්‍රමණය වන නිසාත්, පරිභ්‍රමණ වේග එකිනෙක වෙනස් නිසාත් ග්‍රහයන්ගේ ගමන් පථ ඉලිප්සාකාර නිසාත් අපට නිරීක්‍ෂණය වන සංසිද්ධියක්. ඒත් සැබෑවටම ග්‍රහයෝ ආපස්සට ගමන් කරන්නේ නෑ. කොහොමත් ජෝතිෂ්‍යයේ සලකන්නේ අපට අත්දකින්නට ලැබෙන ආකාරය යි. අපෙන් ස්වායත්ත වාස්තවික ස්වභාවයන් සලකන්නේ නෑ. හිරු පොළොව වටේ යනවා කියලා තමයි ගන්නේ. ඒක විද්‍යාවට එකඟ නැතිවෙන්න පුළුවන්. ඒත් මහපොළොවේ මිනිස්සුන්ගේ ස්වභාවික නිරීක්ෂණය ට එකඟයි.
    ඔයා කියන නැකත් ගැන මම හොයලා බැලුවා. ජෝතිෂ්‍යයේ විවිධ සම්ප්‍රදායන් තියෙනවා. ප්‍රධාන වශයෙන් සායන හා නිරායන කියල දෙකක්. පෙරදිග ප්‍රචලිත නිරායන ජෝතිෂ්‍යය යි. ඔයා කියන්නේ සායනික ජෝතිෂ්‍යයේ නැකත් ගැන වෙන්න ඇති. සායනික සම්ප්‍රදායේ තමයි සෛද්ධාන්තික පැත්ත වැඩි. ලග්නය ගණනය කරන්නේ රාශි වළල්ල අංශක 360 යි කියලා උදාවෙන අංශකය අල්ලගෙන. එහෙම ගත්තාම එක භාවයක රාශි කීපයක් වුණත් තියෙන්න පුළුවන්. ඒත් නිරායන ක්‍රමයට අනුව ගත්තාම ඒක විහිළුවක්. නිරායන ක්‍රමයේ භාවිතාව පහසුවට අත්‍යාවශ්‍යම දේ අරගෙන, හුඟක් සංකීර්ණ දේවල් අතඇරලා තියෙනව. අඩුම බෙහෙත් ප්‍රමාණයකින් අවම මාත්‍රයකින් ලෙඩක් සනීප කරන්න උත්සාහ කරනවා වගේ දෙයක් ඒක.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ග්‍රහයන් සුර්යයා වටා පරිභ්‍රමණය වන නිසාත්, පරිභ්‍රමණ වේග එකිනෙක වෙනස් නිසාත් ග්‍රහයන්ගේ ගමන් පථ ඉලිප්සාකාර නිසාත් අපට නිරීක්‍ෂණය වන සංසිද්ධියක්. ඒත් සැබෑවටම ග්‍රහයෝ ආපස්සට ගමන් කරන්නේ නෑ. කොහොමත් ජෝතිෂ්‍යයේ සලකන්නේ අපට අත්දකින්නට ලැබෙන ආකාරය යි
    ඔව්. ඔබ හරි.
    මම මේ දේ අහුවෙ අර කතාව පැහැදිලි කිරීමට.
    නැකත් කියන්නේ ග්‍රහක වළල්ලේ ගහක නම් ඔවුන යන්නේ සූර්යා වටා. ඒ වගේම පොළවට වඩා සූර්යාට ඈතින්. ඒ නිසා ඒවා පොළවට සාපේක්ෂව ගමන නිසා නැකත් පවා වක්‍ර වෙන්න ඕන. ඔබ දන්නවා එහෙම නොවන බව. එකම සාක්ෂියක් ඔබ කියපු කරුණ ඉදිරිපත් කළ කතුවරයා ඒ සම්බන්ධව වැරදි බව.

    නැකත් කියන්නේ තරු 28 නම්. ඇත්තට 27. සඳෙහි පරිභ්‍රමණ කාලය දවස් 27 දශම ගණනක්. නැකත් කියන්නේ සඳෙහි භාර්යාවන් කියලා කියනවා. ඒක දවසක ඉන්නේ ඒක භාර්යාවක් සමග. සඳෙහි පථය 27 බේදුවම එක නැකතකට අදාළ අංශක ගණන එනවා. අස්විද පටන් ගන්නේ මේෂ රාශිය පටන් ගන්නා තැනින් කියලා නිරයන ක්‍රමයේදී සලකන්නේ. එතනින් පටන් අරන් රාශි 12 සහ නැකත් ටික පෙළගස්වනවා නැකත් පාද නම් කරන්නේ එහෙම. මම හිතන්නේ ඔබට පැහැදිලි වෙයි හිතන්න. නැකත් පාද තියෙන විදිය
    ඒ වගේම අස්විද කියන්නේ ග්‍රහක යක් නම් ඔහුට මේෂ රාශියේ මුලට වෙලා හැමදාම ඉන්න බැහැ. ග්‍රාහයෝ වගේ රාශියෙන් රාශියට යනවා. වක්‍ර වෙනවා.
     
    Last edited:

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    මහ ලොකු දෙයක් ජෝතිෂ්‍ය ගැන දන්නෙ නෑ. ඒ වුනාට ඕක බොරුවක් කියන්න දාන තර්ක කීපයක් තියෙනවා. එකක් තමයි අර උපන් වෙලාවල් 10ක් දීලා ඒ මිනිස්සුන්ගේ ස්ත්‍රී පුරුෂ බව, රස්සාව ජීවත් වෙලා ඉන්නවද වගේ දේවල් කියන්න කියන එක. ඒත් වැඩේ කියන්නේ ඇයි මේ 10ක් කියන්නෙ?ඇයි ඕක 100ක් විතරදාලා කියන්න කියන්නෙ නැත්තෙ? මොකද සමීක්ෂණයකට 10ක් වගේ අඩු ගාණක් ගන්නෙ නෑනේ. අනික මේ ස්ත්‍රී පුරුෂ බව කියන්නෙ ජීව විද්‍යාත්මක එකද නැත්නම් ගති ලක්ෂණ අනුවද?ඒ කියන්නෙ පිරිමි ගති ගුණ තියෙන කාන්තාවකට කියන්න වෙන්නේ මොකක් කියලද? ඒ හැම එකටම වඩා තව ප්‍රශ්නයක් තියෙනවා. මේ අභියෝගය කරන සමහරු දොස්තරලා. එයලා ලෑස්තිද බටහිර වෛද්‍ය විද්‍යාව අනුව අහඹු ලෙස දෙන ලෙඩ්ඩු 10ක් හරි කීයක් හරි සනීප කරලා පෙන්වන්න හා එකෙන් බටහිර වෛද්‍ය විද්‍යාව ඇත්තක් කියලා පෙන්වන්න.
     
    • Haha
    Reactions: Podi puthas

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    aththa d danne na, eth mn iskole yannath kalin kale mage kendare balala mn gana liyala thibba kolayak dakka mn me lagadi, eke thiyen eva nm okkom wage hari :baffled: mage gathi pawathum, igen ganne mona stream eken d, job ek karanne mona wage ekak d wage oya okkom eva hariyatm kiyala thienw :P oya homagama paththe prasidda porak liyala thiyenne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    සමහර දේවලට හිත රවටා ගැනීම අවශ්‍යයි.ඔක්කොටම භෞතික විද්‍යාවෙන් උත්තර හොයන්න ගියාම ඔලුවට කචල්.
     
    • Like
    Reactions: vishwadt

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔව්. ඔබ හරි.
    මම මේ දේ අහුවෙ අර කතාව පැහැදිලි කිරීමට.
    නැකත් කියන්නේ ග්‍රහක වළල්ලේ ගහක නම් ඔවුන යන්නේ සූර්යා වටා. ඒ වගේම පොළවට වඩා සූර්යාට ඈතින්. ඒ නිසා ඒවා පොළවට සාපේක්ෂව ගමන නිසා නැකත් පවා වක්‍ර වෙන්න ඕන. ඔබ දන්නවා එහෙම නොවන බව. එකම සාක්ෂියක් ඔබ කියපු කරුණ ඉදිරිපත් කළ කතුවරයා ඒ සම්බන්ධව වැරදි බව.

    නැකත් කියන්නේ තරු 28 නම්. ඇත්තට 27. සඳෙහි පරිභ්‍රමණ කාලය දවස් 27 දශම ගණනක්. නැකත් කියන්නේ සඳෙහි භාර්යාවන් කියලා කියනවා. ඒක දවසක ඉන්නේ ඒක භාර්යාවක් සමග. සඳෙහි පථය 27 බේදුවම එක නැකතකට අදාළ අංශක ගණන එනවා. අස්විද පටන් ගන්නේ මේෂ රාශිය පටන් ගන්නා තැනින් කියලා නිරයන ක්‍රමයේදී සලකන්නේ. එතනින් පටන් අරන් රාශි 12 සහ නැකත් ටික පෙළගස්වනවා නැකත් පාද නම් කරන්නේ එහෙම. මම හිතන්නේ ඔබට පැහැදිලි වෙයි හිතන්න. නැකත් පාද තියෙන විදිය
    ඒ වගේම අස්විද කියන්නේ ග්‍රහක යක් නම් ඔහුට මේෂ රාශියේ මුලට වෙලා හැමදාම ඉන්න බැහැ. ග්‍රාහයෝ වගේ රාශියෙන් රාශියට යනවා. වක්‍ර වෙනවා.
    බොහොම හරි. මේෂ රාශියේ පටන්ගැන්මත්, අස්විද නැකතේ පටන්ගැන්මත්, මීන රාශියේ අවසානයත්, රේවතී නැකතේ අවසානයත් එකවිට සිද්ධවෙනවා කියලා තමයි නිරායනයේ දී සලකන්නේ. නැකතක් පාද 4 කට බෙදනවා. ඒ එක පාදයකට නවාංශකයක් කියලත් කියනවා. උතුරුසළ නැකත ළඟට අභිජිත් කියලා නැකතක් තිබුණත් ඒක වැඩිපුර භාවිතා වෙන්නේ නෑ. ඒ නිසා නැකැත් 27 කිවුවට වරදක් නෑ.
    නැකැත් සම්බන්ධව හෙන්ද්‍රික් සිල්වා මහතාට වැරදිලා නෑ. ඔයාට සන්නිවේදනය වෙලා තියෙන්නේ වැරදි විදිහකට වෙන්න ඇති. එහෙම නම් ඒක මගේ වරදක්.
    මේක කියවන කෙනෙකුගේ තේරුම් ගැනීමේ පහසුවට විද්‍යාත්මක දැනුමෙන් කතාකළොත් අඟහරුගේ සහ බ්‍රහස්පතිගේ කක්‍ෂ අතර තියෙන Asteroid Belt එකේ ධූලි අංශුවක ඉඳන් කිලෝමීටර් 1000ක විතර විෂ්කම්භයක් දක්වා වන විවිධ ප්‍රමාණයේ විවිධ හැඩතල තියෙන ග්‍රහක කොටස් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. දලවශයෙන් චන්ද්‍රයා වගේ සියගුණයකින් පමණ කුඩා ග්‍රහ වස්තුවක් කැඩී බිඳී යාමෙන් මේවා නිර්මාණය වෙන්න ඇති කියලා තමයි හිතන්නේ. මේ ග්‍රාහක කැබලි වෙනස් වෙනස් වෙගවලින් හිරු වටා පරිභ්‍රමණය වෙනවා. සමහර කැබලිවල වේග සමාන වෙන අවස්ථා තියෙනවා. ඒවා අතරින් පරිභ්‍රමණ වේගය අතින් පෘථිවියේ පරිබ්‍රමණ වේගයට යම්ආකාරයක සම්බන්ධතාවක් දක්වන ග්‍රාහක 27 ක් තෝරාගෙන ඒවා මුල්කරගෙන නැකැත් නම්කරලා තියෙනවා. පෘථිවිය සහ මේ ග්‍රහක 27 එකම දුම්රිය මැදිරියක ගමන්කරන මගීන් පිරිසක් වගේ කියලා හිතාගන්න (මේ මම හිතන විදිහ). (අති විශාල ග්‍රහක ප්‍රමාණයක් අතරින් මේ 27 ම තෝරගත්තේ ඇයි කියලා කවුරු හරි අහලා තිබුණා). ඇත්තටම නැකැත් කියන්නේ සිතින් නිශ්චය කරගත්ත අවකාශයේ යම් වපසරියක්.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    . මේ ග්‍රාහක කැබලි වෙනස් වෙනස් වෙගවලින් හිරු වටා පරිභ්‍රමණය වෙනවා. සමහර කැබලිවල වේග සමාන වෙන අවස්ථා තියෙනවා. ඒවා අතරින් පරිභ්‍රමණ වේගය අතින් පෘථිවියේ පරිබ්‍රමණ වේගයට යම්ආකාරයක සම්බන්ධතාවක් දක්වන ග්‍රාහක 27 ක් තෝරාගෙන ඒවා මුල්කරගෙන නැකැත් නම්කරලා තියෙනවා.
    මේ කතාව වෙන්න බැහැ. වස්තුවක පරිභ්‍රමණ වේගය සහ පරිභාමන කාලය කක්ෂීය අරය මත රඳා පවතිනවා. වස්තු කිහිපයක් සමාන පරිභ්‍රමණ කාල සහිත වෙන්න ඕන කෝණික ප්‍රවේගය සමාන වෙලා. ඒවා අතර සාපේක්ෂ චලිතය නැතිවෙන්න නම්. ඒ සඳහා ඒවා ඔක්කොම ගමන් කරන්න ඕන පෘථිවි කක්ෂයේ. පෘථිවි කක්ෂයේ යන ග්‍රහක තියෙනවා. නමුත් ඔබ සඳහන් කරන බ්‍රහස්පති සහ අඟහරු අතර ඇති ග්‍රහක ගමන්කරන්නේ පොළවට වැඩි පරිභ්‍රමණ කාල සහිතව. ඒවා යන්නේ පොළවට වඩා අඩු කෝණික ප්‍රවේග සහිතව. ඒ නිසා ඒවා අනිවාර්යෙන් රාශියෙන් රාශිය ගමන් කරනවා. ඒ වගේම බහස්පතී අඟහරු වගේ වක්‍ර වෙනවා.

    නැකත් පවතින විදිය අනුව ඒවා ග්‍රහක වෙන්න කිසිම පදනමක් නැහැ
     
    කක්‍ෂයේ අරය නියතයක් නෙමෙයි. විචල්‍යයක්. ආසන්න වශයෙන් ඉලිප්සීය පථයක යන්නේ.
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    කක්‍ෂයේ අරය නියතයක් නෙමෙයි. විචල්‍යයක්. ආසන්න වශයෙන් ඉලිප්සීය පථයක යන්නේ.
    කක්ෂය අරය කියලා මේ ගන්නේ ඉලිප්සාකාර පතයේ semi major axis එකෙහි දිග. එය යම් ඉලිප්සයකාර පථයක් සඳහා නියතයි. අඟහරුට එහා කක්ෂයක පවතින ග්‍රහක වල එම අගය අඟහරුගේ එම අගය සහ බ්‍රහස්පතීගේ එම අගය අතර පවතින්නේ කවදාවත් පොළවට සමාන වෙන්න බැහැ.

    පොළවට සාපේක්ෂ ව චලනය නොවන ග්‍රහක ඇත්නම් ඒවා සියල්ලම ප්‍රතුවී කක්ෂය මතම පවතින්නා ඕන. අඩු තරමිනන් ප්‍රතුවි කක්ෂය සමග ආනත වෙනත් ඒ හා සමාන වෙනත් කක්ෂයක වත් එහෙම ඒවා පවතින්න බැහැ.

    පෘථිවි කක්ෂය මත ගමංගන්නා ග්‍රහක තියෙනවා නමුත් ඒවා ඔබලා කියන අඟහරු සහ බ්‍රහ්පති අතර පවතින ග්‍රහක නොවේ.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කක්ෂය අරය කියලා මේ ගන්නේ ඉලිප්සාකාර පතයේ semi major axis එකෙහි දිග. එය යම් ඉලිප්සයකාර පථයක් සඳහා නියතයි. අඟහරුට එහා කක්ෂයක පවතින ග්‍රහක වල එම අගය අඟහරුගේ එම අගය සහ බ්‍රහස්පතීගේ එම අගය අතර පවතින්නේ කවදාවත් පොළවට සමාන වෙන්න බැහැ.

    පොළවට සාපේක්ෂ ව චලනය නොවන ග්‍රහක ඇත්නම් ඒවා සියල්ලම ප්‍රතුවී කක්ෂය මතම පවතින්නා ඕන. අඩු තරමිනන් ප්‍රතුවි කක්ෂය සමග ආනත වෙනත් ඒ හා සමාන වෙනත් කක්ෂයක වත් එහෙම ඒවා පවතින්න බැහැ.

    පෘථිවි කක්ෂය මත ගමංගන්නා ග්‍රහක තියෙනවා නමුත් ඒවා ඔබලා කියන අඟහරු සහ බ්‍රහ්පති අතර පවතින ග්‍රහක නොවේ.
    පුර්ණ නිශ්චලතාවේ නැතිව කිසියම් සීමාකාරී කෝණයක් තුල සෑමවිටම පිහිටන විදිහට චලනය වෙන්න පුලුවන්ද? උදාහරණයකට සෑමවිටම අංශක 13 ක වගේ පරාසයක් ඇතුලත නිරීක්ෂණය වෙන්න ඉඩක් නැද්ද?