02 සැඟවුණු මරුවා

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    02 සැඟවුණු මරුවා

    පළමු ලිපියට
    Sniper ගැන දෙවන ලිපිය

    ස්නයිපර්ගේ යටගියාව

    19 වැනි සියවසේ මුල් භාගයේදී රටවල් අතර යුද්ධ වලදී යොදන ලද එක උපක්‍රමයක් තිබුනා. එය අදත් යොදාගන්නවා. එහිදී කරන්නේ යුදබිමට ගමන් කරමින් සිටින සේනාංක වෙත, අතරමග රැඳී සිට පොඩි පොඩි කරදර කිරීමෙන්, ඒ සේනාංකයේ ගමන අඩාළ කිරීම, ගමන් කරන දිශාව වෙනස් කිරීම කෙරෙහි බලපෑම් ඇති කිරීම, එමගින් සටනේ අනවශ්‍ය ප්‍රමාදයක් ඇතිකිරීමෙන්, අනෙක් පාර්ශවයට සටනට සුදානම්වීම සඳහා වාසි සහගත තත්වයක් ඇති කිරීමයි. අතරමග සැඟවී සිට සුළු ප්‍රහාර එල්ල කර පලා යාම, ඉදිරියට ඇදෙන සේනාංකයක එක පැත්තකට ප්‍රහාරක් එල්ල කිරීම, උසස් නිලධාරියකුට ප්‍රහාරයක් එල්ල කිරීම, එවැනි ක්‍රියා වලට උදාහරණයි. මෙවැනි කටයුතු වලට යොදවන්නේ ඉතා කුඩා කණ්ඩායම්. 19 වැනි සියවසේදී එවැනි කණ්ඩායම් හැඳින්වුණේ ‘ස්කර්මිෂර්ස් – Skirmishers’ (කුඩා කණ්ඩායම් සටන් කරුවෝ) (අද කාලේ ව්‍යවහාරයෙන් කියනවානම්, අනවශ්‍ය කචල් දාන්නෝ/වලි කාරයෝ) යන නමින්. ඒ කාලයේදී මේ අය යෙදවීම පිලිබඳ විශේෂඥයින් වුනේ බ්‍රිතාන්‍ය හමුදාවයි.

    skirmishers.jpg

    මෙවැනි අය වර්තමානයේදී වෙනත් ක්‍රම වලින් යොදවනවා. උදාහරණයක් වශයෙන් සිතන්න යම්කිසි රටක පවතින රජයට එරෙහිව මහා පෙළපාලියක් යනවා කියා. එවිට ඒ පෙළපාලියට රිංගවනවා අර වලි කාරයන් පිරිසක්. පෙළපාලිය සංවිධානය කරන්නන්ගේ කිසිම අරමුණක් නැහැ පොලීසිය සමග ගැටෙන්න. නමුත් අර රජයෙන් හොරෙන් පෙළපාලියට දමාපු වලි කාරයෝ කරන්නේ පොලීසියට හූ කියලා, ගහලා, පෙලපාලියටම පොලීසියෙන් ගුටි කා විසිර යන්නට සැලැස්වීමයි. ඔවුන් සටන අවුස්සලා හෙමීට මාරු වෙනවා. මෙය අදටත් අපේ රටෙත් වනබව අමතක කරන්න එපා.

    20 වැනි සියවස වනවිට යුද කටයුතු සඳහා මෙවැනි කඩාකප්පල් කරුවන් යෙදවීම අඩු වුනා. ඒ වෙනුවට සැඟවී සිට වෙඩි තබන්නන් හඳුන්වා දුන්නා. මුලදී ඔවුන් හැඳින්වුණේ තියුණු ඉලක්කකරුවන් යන අර්ථය ඇති ‘ෂාප් ෂූටර්ස් – Sharpshooters’ යන නමින්. ඉන්පසු කාලයේදී ඔවුන්ගේ නම ප්‍රගුණ වෙඩිකරුවන් හෙවත් ‘මාක්ස්මන් – Marksman’ ලෙස වෙනස් වුනා. මාක්ස්මන් කියන්නේ ඉතා දුරින් පිහිටි කුඩා ඉලක්කයකට වුවත් තනි උණ්ඩ යොදන රයිෆලයක් මගින් වෙඩිතැබීමේ විශේෂ ප්‍රාගුන්‍යය සහිත වෙඩික්කරුවාටයි. මේ තත්වය ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකයක් වන්නේ 19 වන සියවසේදී මිනිසා සොයාගත් රයිෆලය Rifle නමැති ගිනි අවිය සහ රයිෆල් බටයේ සුවිශේෂී බව හෙවත් රයිෆ්ලින්ග්ස් – Riflings නමැති කානු පිහිටා තිබීමෙන් තනි උණ්ඩයක් (projectile) ඈතට වෙඩි තැබීමේ හැකියාව ලැබීමයි.
    හමුදා කටයුතු සඳහා ස්නයිපර් වරුන් යොදවා ගැනීම ගැන මුලින්ම සඳහන් වන්නේ පළමුවැනි ලෝක යුද සමයේදීයි. යුද අගල්වල සැඟවී සිටින සොල්දාදුවන් හිස ඔසවන විට ඔවුන්ට වෙඩි තැබීම සඳහා ජර්මන් යුද හමුදාව විසින් ස්නයිපර් වරු යොදවනු ලැබුවා. ස්නයිපර් වරු යුද හමුදාවක අනිවාර්ය අංගයක් වුයේ දෙවැනි ලෝක යුද සමයේදීයි. විශේෂයෙන් ඒ සඳහාම විශේෂිත තුවක්කු නිපදවීම, පුහුණුව වැඩි දියුණු කිරීම, උපක්‍රමික ලෙස ස්නයිපර් වරුන් යෙදවීම බහුලව සිදු කෙරුනේ දෙවැනි ලෝක යුද්ධයෙදි

    මොකක්ද සාමාන්‍ය සොල්දාදුවකු සහ ස්නයිපර් වරයකු අතර වෙනස?

    සාමාන්‍ය සොල්දාදුවාත් හොඳ ඉලක්ක කරුවෙක්. සතුටුදායක ප්‍රගුණ වෙඩි කරුවක්. ඒ වගේම ඔහුට පුළුවන් යුද භුමිය හොඳින් නිරීක්ෂණය කර, සතුරන් සොයාගන්න. එහෙත් ස්නයිපර් වරයකුට පුළුවන්, එක සතුරකු වෙනුවෙන් දවස් ගණනක් කැප කරමින්, ඉතා සාර්ථකව වෙස්වලා ගනිමින්, පරිසරයේ සැඟවෙමින්, ඉලක්කය හරියටම ලැබෙන තුරු දින ගණනක් වුවත් බලාසිට, සතුරාගේ චර්යාවන් හා ක්‍රියාකාරකම් හරිහැටි අවබෝධ කරගෙන, තමන්ව සතුරාගේ නිරීක්ෂණයට අසුවීමට ඉඩ නොතබා, එමෙන්ම සතුරා තමන්ව මරාදැමීමට පෙර, සතුරාව මරා දැමීමට.

    ස්නයිපර් කෙනෙක් වෙන්න මොනවද අවශ්‍ය සුදුසුකම්?

    e0b783e0b78ae0b6b1e0b6bae0b792e0b6b4e0b6bbe0b78a.jpg

    ස්නයිපර් වරයකු වීම සඳහා ඇති මුලික මෙන්ම අත්‍යවශ්‍යම සුදුසුකම වන්නේ හොඳ ඉලක්ක කරුවකු හෙවත් ප්‍රගුණ වෙඩි කරුවකු වීමයි. ඒ සඳහා යම් සොල්දාදුවෙක් වෙඩි තැබීමේ තරග හෝ වාර්ෂිකව සොල්දාදුවන්ට දෙන වෙඩි තැබීමේ පුහුනුවෙහිදී අති විශිෂ්ඨ දක්ෂකම් පෙන්විය යුතුයි. ඊළඟට බලන්නේ ශාරීරික යෝග්‍යතාවයි. ස්නයිපර් වරයකුට ඉතා රළු කාලගුණික/දේශගුණික තත්වයන් යටතේ, ආහාර, ජලය, නින්ද, නොමැතිව දිගු කලක් දරාගෙන සිටීමේ හැකියාව සහිත, ශක්තිමත් නීරෝගී ශරීරයක් තිබිය යුතුයි. එමෙන්ම ඔහුට උකුස්සකුට මෙන් පෙනෙන ඇස් පෙනීමකුත්, වන සතකුට මෙන් තියුණු කන් ඇසීමකුත් අවශ්‍යයි. ඇස් කන්නාඩි පළඳින කෙනෙකුට ස්නයිපර් කෙනෙක් වෙන්න බැහැ. එයට හේතුව ඇස් කන්නාඩි වලට පිටතින් වැටෙන ආලෝකය පරාවර්තනය වීමෙන්, පරිසරය නිරීක්ෂණය කරන තවත් ස්නයිපර් කෙනෙකුගේ ඉලක්කය බවට පත්වීමට ඉඩ ඇති නිසයි. එමෙන්ම ඇස් කන්නාඩි වලින් ඇතිකරන දෘෂ්ටි විකෘතිතා, ඉලක්ක වැරදීයාමට හේතු විය හැකියි. දුම්පානය කරන්නන් ස්නයිපර් පුහුණුවට ගන්නේ නැහැ. සිගරට් දුම, සිගරට් ගඳ පරිසරයේදී පහසුවෙන් පෙනෙන දැනෙන දේවල්. එය සතුරු ඉලක්කයක් බවට පත්ව, මරණයට අත වැනීමක්. දුම් බොන කෙනෙක්, තමන් ස්නයිපර් රාජකාරියේ යෙදෙන විට එසේ නොකරන බවට පොරොන්දු වුනත්, දුම්බීමට ඇති ආශාව සහ නොඉවසිල්ල නිසා, ඔවුන් නිසි පරිදි ස්නයිපර් රාජකාරියේ නොයෙදෙන බව සොයාගෙන තිබෙනවා.
    ස්නයිපර් වරයකුට දැඩි මානසික ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ස්නයිපර් පුහුණුවට තෝරාගන්නා අය හොඳ මානසික මට්ටමක සිටිය යුතුයි. එහිදී ඔහු සතු බුද්ධිමත් භාවය (intelligence), තැනට සුදුසු නුවණ (common Sense), සිතා බලා කටයුතු කිරීමේ හැකියාව හෙවත් කාර්ය උත්පාදන ශක්තිය (initiative), ඉවසීම (patience), ගැන හොඳින් සොයා බලනවා. පුහුණුවේදී ඔහුට සිදුවෙනවා ඉතා පුළුල් හා එකිනෙකට අසමමිතික දැනුම් සම්භාරයක් සිය මනසෙහි දරාගන්නට. ඒ නිසයි හොඳ මානසික ශක්තියක් අවශ්‍යවන්නේ. සටනේ යෙදීසිටින විට ඉතා නිවැරදිව ක්ෂණිකව සිය දැනුම උපයෝගී කරගනිමින් ක්‍රියා කිරීමට ඔහුට සිදු වෙනවා. අවසාන වශයෙන් ස්නයිපර් සොල්දාදුවා සිය ක්ෂේත්‍රයේ හොඳින් මේරූ, වයසින්ද ඉතා තරුණ නොවන, පුද්ගලයකු විය යුතුයි. (කොල්ලන්ට බෑ :D) මේරූ පරිණත පුද්ගලයකුට පමණයි සැලසුම් කර ගණනට මිම්මට බලා, සතුරකු මරාදැමිය හැක්කේ. එසේම ස්නයිපර් සොල්දාදුවා තනිකම, ආදරය, වැනි හැඟීම් වලට වහල්වන පුද්ගලයකු නොවිය යුතුයි. මේ නිසා මම ස්නයිපර් කෙනෙක් වෙනවා කියන ආසාව තිබුන පමණින් යමෙකුට ස්නයිපර් පුහුණුව සඳහා සුදුස්සකු විය නොහැකියි.

    පුහුණුවේදී මොනවද උගන්වන්නේ?

    ස්නයිපර් පුහුණුව ලෝකයේ සෑම රටකම පාහේ බොහෝ දුරට එක සමාන වන නමුත්, තම තමන්ගේ දේශගුණික තත්වයන්, විශේෂ අවශ්‍යතා, අනුව වෙනස් විෂයයන් පුහුණුවට ඇතුලත් වෙනවා. නමුත් පොදුවේ සලකා බලන විට ස්නයිපර් සොල්දාදුවකු ඉගෙනගත යුතු මූලික විෂයයන් තුනක් තියනවා.

    1. ප්‍රගුණ වෙඩිකරු කුසලතා දියුණු කරගැනීම.
    2. යුද භූමිය හඳුනා ගැනීම, එහි ස්වභාවය තේරුම ගැනීම, එහි ජීවත්වන ආකාරය ඉගෙන ගැනීම. (Field Craft – ක්ෂේත්‍ර අධ්‍යයනය)
    3. උපක්‍රමිකව යුද බිමේ ස්ථානගතව සිය රාජකාරිය ඉටු කිරීම.

    e0b6b4e0b794e0b784e0b794e0b6abe0b794e0b780.jpg

    මේ විෂයයන් තුනට අදාලව ඉගෙනගතයුතු කරුණු සම්භාරය විස්තර කරන්නට මා උත්සාහ නොකරන්නේ එය ඔබව අනවශ්‍ය වෙහෙසකට පත් කිරීමක් සහ ලිපිය කියවීම එපා කරවන හේතුවක් වීමට හොඳටම ඉඩ ඇති නිසයි

    e0b783e0b78ae0b6b1e0b6bae0b792e0b6b4e0b6bbe0b78a-e0b6bbe0b6bae0b792e0b786e0b6bde0b6ba.jpg

    මීළඟට මා ඔබට කියන්නට යන්නේ ස්නයිපර් තුවක්කු ගැනයි. ස්නයිපර් තුවක්කු වලට දීර්ඝ ඉතිහාසයක් තියනවා. මා කලින් සඳහන් කලාක් මෙන් පළමුවැනි ලෝක යුද්ධ සමයට යන එහි අතීතය සැකෙවින් ඔබ දන්නවා. මෙහෙදී කියන්නේ අත්‍යවශ්‍යම තොරතුරු පමණයි.
    ස්නයිපර් තුවක්කු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පළමුවැනි වර්ගය හමුදාමය කටයුතු සඳහා පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. දෙවැනි වර්ගය නීතිය රකින පොලීසිය, වෙරළාරක්ෂක හමුදාව, වැනි ආයතන පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. සාමාන්‍යයෙන් නීතිය රකින නිලධාරීන් පාවිචිචි කරන්නේ මීටර් 250 ක් පමණ දුරකට වෙඩි තැබිය හැකි විශේෂයෙන් නාගරික පරිසරයට සුදුසු තුවක්කු. (අප රටේ පොලීසිය එවැනි තුවක්කු පාවිච්චි කරන්නේ නැහැ) අපි වැඩි පුර අවධානය යොමු කරන්නේ හමුදා ස්නයිපර් තුවක්කු වෙතයි.
    හමුදා ස්නයිපර් තුවක්කුවක් විශේෂ ලක්ෂණ කීපයකින් යුක්තයි. එය ශක්තිමත් වියයුතු නමුත් බරෙන් අඩු විය යුතුයි. එයට හේතුව ස්නයිපර්ට එය රැගෙන පහසුවෙන් යුදබිමේ ගමන්කිරීම පිණිසයි. එය ඉක්මනින් ගලවා සවිකළ හැකි විය යුතුයි. නිතර පිරිසිදු කිරීමට අවශ්‍ය නොවිය යුතුයි. එහි ඇති දුරදක්නය කැඩී ගියොත් අතිරේක දුර දක්නයක් සවිකිරීමට අදාළ රාමුවක් සහිතව නිපදවා තිබිය යුතුයි. ඕනෑම කාලගුණ තත්වයක් යටතේ එහි ක්‍රියාකාරිත්වය නොවෙනස්ව පැවතිය යුතුයි. යුද භූමියේදීම අමතර කොටස් යොදවා අලුත්වැඩියා කරගැනීමට හැකි විය යුතුයි. දැන් ඔබට පෙනෙනවා ඇති, ස්නයිපර් තුවක්කුව කොතරම් සුවිශේෂීද කියා.

    50-cal-sniper-rifle.jpg

    මුලින්ම මා ඔබට පෙන්වන්නේ දැනට තිබෙන ස්නයිපර් තුවක්කු වලින් ජනප්‍රිය තුවක්කුවක්. මේ .50 අර්ධ ස්වයංක්‍රීය ස්නයිපර් තුවක්කුවයි. ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත මේ තුවක්කුවේ විස්තර ඔබටමෙතනින් බලන්න පුළුවන් . ගැටළු තියනවානම් අහන්න. මීළඟ කොටසේදී මා බලාපොරොත්තුවන්නේ ස්නයිපර් වරයෙක් කොහොමද ඉලක්ක ගන්නේ, ඔහු කොහොමද සැඟවෙන්නේ සහ වෙස්වලාගන්නේ, මෙන්ම ලෝකයේ හොඳම ස්නයිපර් තුවක්කු ගැනත්, ඒ තුවක්කු වල විශේෂත්වයන් ගැනත් කියන්නයි.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මේක ගොඩක් ජනප්‍රිය සිංහල බ්ලොග් එකකින් කොපි කරලා තියෙන්නේ ඒකෙ කියලාම තියනවා කොපි කරන්න එපා කොපි කරනවා නම් අහලා කොපි කරපු තැන දාල කොපි කරන්න කියලා

    ඔරිජිනල් ලින්ක් එක මෙන්න
    https://jangun.wordpress.com/2012/09/15/සැඟවුණු-මරුවා-දෙවැනි-කොට/

    මේ බලොග් එකේ සෑහෙන්න ආයුධ සහ යුද්ධ සම්බන්ධ ආටිකල් ලියලා තියනවා හිටපු ආමිඑකේ ඉදපු කෙනක් තමයි බ්ලොග් එක කරන්නේ
     
    Last edited:

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    යකෝ කැරි වැඩ කරන්න එපා....ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවද උබලට....... :frown::frown::frown::frown::frown:උබ මේ උස්සල දාල තියෙන්නෙ යුද්දෙට ගිහිල්ල විශ්‍රාම ගිය අවුරුදු 60 පැනපු රනවිරුවෙක්ගෙ බ්ලොග් එකකින් උස්සපු පොස්ට් එකක් ගෙඩි පිටින්ම. එක අකුරක්වත් වෙනස් කරල නෑ . ඉස්සුවට කමක් නෑ අනික් උන් වගේ ඉස්සුවෙ කොතනින්ද කියල දාපන් යුතුකමක් හැටියට. මට කමක් නෑ මෙක කොහෙන් ඉස්සුවත්. එත් බලපන් මේ බ්ලොග් එක ලියන මනිස්සය කියල තියෙන දේවල්.

    "ඊළඟ කොටස ඉක්මනින් පලකරන්න කියා ලැබුණු ඉල්ලීම්ද කීපයක්ම තිබුනා. එහෙත් අවශ්‍ය තොරතුරු නිසිපරිදි ගොනුකර, පරිවර්තනය කර, යතුරුලියනය කර, මාධ්‍ය රූප යොදා, සංස්කරණය කර, ඔබවෙත ගෙන ඒම සෑහෙන්න වෙහෙසකර ක්‍රියාවක්. මම දැන් අවුරුදු 60 ට ආසන්න පුද්ගලයකු නිසා මගේ ජවය දැන් අඩුයි. ඒ ගැන සානුකම්පිකව සලකන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලනවා."

    එ රට රැක්ක මනුස්සයෙක්. උබ වගෙ රෙප් හිගන්නෙක් නෙමේ. ලැජ්ජ වෙයන් බන් එ මනුස්සය කියල තියෙනව ඔනෙම කෙනෙක් ගන්න එත් ගත්ත තැන දාන්න කියල. උබ උබෙ වගෙ උස්සල මදිවට තව උබ ලිඋව වගෙ කමෙන්ට්ස් දානව. විලි ලජ්ජයි බන්. අර scurvy හොදයි උබට වඩා. උ අම්මට බැන්නට කගෙවත් එව උස්සන්නෙ නෑ.උබ ඉලගට උබෙ මහා වැඩ වගේ ඉතුරු කොටස් දෙක දාන්න ඔනේ නෑ එ දෙකේ ලින්ක් මම මෙතන දාන්නම්

    සැඟවුණු මරුවා (තුන්වැනි කොටස)

    https://jangun.wordpress.com/2012/09/20/සැඟවුණු-මරුවා-තුන්වැනි-ක/

    සැඟවුණු මරුවා (හතරවැනි කොටස – අවසානය)

    https://jangun.wordpress.com/2012/09/26/සැඟවුණු-මරුවා-අවසාන-කොටස-the-s/
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පට්ට මචන්
    දිගටම ලියමු
    You must spread some Reputation around before giving it to anurusun again.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේක ගොඩක් ජනප්‍රිය සිංහල බ්ලොග් එකකින් කොපි කරලා තියෙන්නේ ඒකෙ කියලාම තියනවා කොපි කරන්න එපා කොපි කරනවා නම් අහලා කොපි කරපු තැන දාල කොපි කරන්න කියලා

    ඔරිජිනල් ලින්ක් එක මෙන්න
    https://jangun.wordpress.com/2012/09/15/සැඟවුණු-මරුවා-දෙවැනි-කොට/

    මේ බලොග් එකේ සෑහෙන්න ආයුධ සහ යුද්ධ සම්බන්ධ ආටිකල් ලියලා තියනවා හිටපු ආමිඑකේ ඉදපු කෙනක් තමයි බ්ලොග් එක කරන්නේ

    යකෝ කැරි වැඩ කරන්න එපා....ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවද උබලට....... :frown::frown::frown::frown::frown:උබ මේ උස්සල දාල තියෙන්නෙ යුද්දෙට ගිහිල්ල විශ්‍රාම ගිය අවුරුදු 60 පැනපු රනවිරුවෙක්ගෙ බ්ලොග් එකකින් උස්සපු පොස්ට් එකක් ගෙඩි පිටින්ම. එක අකුරක්වත් වෙනස් කරල නෑ . ඉස්සුවට කමක් නෑ අනික් උන් වගේ ඉස්සුවෙ කොතනින්ද කියල දාපන් යුතුකමක් හැටියට. මට කමක් නෑ මෙක කොහෙන් ඉස්සුවත්. එත් බලපන් මේ බ්ලොග් එක ලියන මනිස්සය කියල තියෙන දේවල්.

    "ඊළඟ කොටස ඉක්මනින් පලකරන්න කියා ලැබුණු ඉල්ලීම්ද කීපයක්ම තිබුනා. එහෙත් අවශ්‍ය තොරතුරු නිසිපරිදි ගොනුකර, පරිවර්තනය කර, යතුරුලියනය කර, මාධ්‍ය රූප යොදා, සංස්කරණය කර, ඔබවෙත ගෙන ඒම සෑහෙන්න වෙහෙසකර ක්‍රියාවක්. මම දැන් අවුරුදු 60 ට ආසන්න පුද්ගලයකු නිසා මගේ ජවය දැන් අඩුයි. ඒ ගැන සානුකම්පිකව සලකන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලනවා."

    එ රට රැක්ක මනුස්සයෙක්. උබ වගෙ රෙප් හිගන්නෙක් නෙමේ. ලැජ්ජ වෙයන් බන් එ මනුස්සය කියල තියෙනව ඔනෙම කෙනෙක් ගන්න එත් ගත්ත තැන දාන්න කියල. උබ උබෙ වගෙ උස්සල මදිවට තව උබ ලිඋව වගෙ කමෙන්ට්ස් දානව. විලි ලජ්ජයි බන්. අර scurvy හොදයි උබට වඩා. උ අම්මට බැන්නට කගෙවත් එව උස්සන්නෙ නෑ.උබ ඉලගට උබෙ මහා වැඩ වගේ ඉතුරු කොටස් දෙක දාන්න ඔනේ නෑ එ දෙකේ ලින්ක් මම මෙතන දාන්නම්

    සැඟවුණු මරුවා (තුන්වැනි කොටස)

    https://jangun.wordpress.com/2012/09/20/සැඟවුණු-මරුවා-තුන්වැනි-ක/

    සැඟවුණු මරුවා (හතරවැනි කොටස – අවසානය)

    https://jangun.wordpress.com/2012/09/26/සැඟවුණු-මරුවා-අවසාන-කොටස-the-s/

    :(:(:( සිරාවට බොල අපිත් රැවටුනා බන්... මු කරන කැරි වැඩේ බලපන්... ඉස්සුවට කමක් නෑ ගත්තා තැන දාපිය හිවල.... උඹ ඉතිරි ටික නොදැම්මට කමක් නෑ.. අපි ඒ ඔක්කොම කියෙව්වා...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    යකෝ කැරි වැඩ කරන්න එපා....ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවද උබලට....... :frown::frown::frown::frown::frown:උබ මේ උස්සල දාල තියෙන්නෙ යුද්දෙට ගිහිල්ල විශ්‍රාම ගිය අවුරුදු 60 පැනපු රනවිරුවෙක්ගෙ බ්ලොග් එකකින් උස්සපු පොස්ට් එකක් ගෙඩි පිටින්ම. එක අකුරක්වත් වෙනස් කරල නෑ . ඉස්සුවට කමක් නෑ අනික් උන් වගේ ඉස්සුවෙ කොතනින්ද කියල දාපන් යුතුකමක් හැටියට. මට කමක් නෑ මෙක කොහෙන් ඉස්සුවත්. එත් බලපන් මේ බ්ලොග් එක ලියන මනිස්සය කියල තියෙන දේවල්.

    "ඊළඟ කොටස ඉක්මනින් පලකරන්න කියා ලැබුණු ඉල්ලීම්ද කීපයක්ම තිබුනා. එහෙත් අවශ්‍ය තොරතුරු නිසිපරිදි ගොනුකර, පරිවර්තනය කර, යතුරුලියනය කර, මාධ්‍ය රූප යොදා, සංස්කරණය කර, ඔබවෙත ගෙන ඒම සෑහෙන්න වෙහෙසකර ක්‍රියාවක්. මම දැන් අවුරුදු 60 ට ආසන්න පුද්ගලයකු නිසා මගේ ජවය දැන් අඩුයි. ඒ ගැන සානුකම්පිකව සලකන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලනවා."

    එ රට රැක්ක මනුස්සයෙක්. උබ වගෙ රෙප් හිගන්නෙක් නෙමේ. ලැජ්ජ වෙයන් බන් එ මනුස්සය කියල තියෙනව ඔනෙම කෙනෙක් ගන්න එත් ගත්ත තැන දාන්න කියල. උබ උබෙ වගෙ උස්සල මදිවට තව උබ ලිඋව වගෙ කමෙන්ට්ස් දානව. විලි ලජ්ජයි බන්. අර scurvy හොදයි උබට වඩා. උ අම්මට බැන්නට කගෙවත් එව උස්සන්නෙ නෑ.උබ ඉලගට උබෙ මහා වැඩ වගේ ඉතුරු කොටස් දෙක දාන්න ඔනේ නෑ එ දෙකේ ලින්ක් මම මෙතන දාන්නම්

    සැඟවුණු මරුවා (තුන්වැනි කොටස)

    https://jangun.wordpress.com/2012/09/20/සැඟවුණු-මරුවා-තුන්වැනි-ක/

    සැඟවුණු මරුවා (හතරවැනි කොටස – අවසානය)

    https://jangun.wordpress.com/2012/09/26/සැඟවුණු-මරුවා-අවසාන-කොටස-the-s/

    අනුර සුන්
    :lol::lol::lol: