19 න් අපට ලැබෙන්නේ මොනවාද?

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    19 න් අපට ලැබෙන්නේ මොනවාද?

    1430243850headbanner.png


    19 වන ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 211න් සම්මත වූ බව කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් ඊයේ (28) රාත්‍රී 11.02 ප්‍රකාශ කෙරුණා. කෙටි කාලයක් තුළ සිදු කෙරුණ මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාදැයි අපි විමසා බලමු.

    01. රටේ සෑම පුරවැසියකුටම රජයේ ආයතනයක පුරවැසි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේ සහ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිය තහවුරු වේ.

    02. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම මගින් ජනතා පරමාධිපත්‍ය තහවුරු වීමද මින් සිදුවේ.

    03. ස්වාධීන කොමිෂන් සභා 11 පිහිටුවීම මෙමගින් සිදුවිය යුත්තකි.

    1. මැතිවරණ කොමිෂන් සභාව

    2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව

    3. ජාතික පොලිස් කොමිෂන් සභාව

    4. විගණන සේවා කොමිෂන් සභාව

    5. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව

    6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

    7. මුදල් කොමිෂන් සභාව

    8. සීමා නිර්ණය කොමිෂන් සභාව

    9. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව

    10. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

    11. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

    4. ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් රජයේ ආයතන විසින් භාණ්ඩ සහ සේවා ප්‍රතිසම්පාදනය කිරීම පිළිබඳ සාධාරණ, යුක්තිසහගත, විනිවිද‍ පෙනෙන සුළු තරගකාරී සහ වියදම් සඵලතාවයකින් යුත් පටිපාටි සකස් කිරීම එහි සුවිශේෂි අවස්ථාවක් වේ.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ඔය රාජ්‍ය සේව කොමිසම, විශ්ව විද්‍යාල කොමිසම දැනටත් තියන ඒවානේ. පහුගිය කාලේ රාජ්‍ය සේවයට බදවා ගත්ත හැටි රටම දැක්කා. විශ්ව විද්‍යාල ගිහිපු හැටිත් දැක්කා. මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්නේ නැතිව මොන කොමිසම ආවත් වැඩක් නැත.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ජනාදිපති පාරිලිමේන්තුවට වග වීම යන්නෙන් අදහස් කරන යෝජන මොනාද දන්න කෙනෙක් කියන්න? නිකන්ම වගවීම කිව්වට හරියන්නේ නැනේ.

    මොන බලතලද කප්පදු කලේ?
    මොනාද පාර්ලිමේන්තුවට දුන්නේ?
    මොනාද අගමැතිට දුන්නේ?


     
    Jan 24, 2013
    275
    63
    0
    වහලුන්ගේ මලගම​

    HJTBvT7cTQqFq.gif


    506e6ddff6f6a8cbb746b30a61489956.jpg


    හොදටම රිදිලා ඇත්තෙ දැන් නම් අර නාකියට ගොඩ ඒමක් ම නැ


    :lol::lol::lol::lol:

    විමල් - පක්ෂයි
    නාමල් - පක්ෂයි සෑර්
    :lol::lol:


    දැන් ඉතින් මහින්ද මහත්තයාගේ ජයග්‍රහණ ස්ථීරයි... රනිල ඉවරයි.... ජහපාලනෙත් ඉවරයි:D:D

    ලොවෙත් ඉතින් හීනෙන් තමයි. දැන් UNP එක කොයි වෙලේ ඉල්ලුවත් දිනනවා ගන්න දෙයක් නැ
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔය රාජ්‍ය සේව කොමිසම, විශ්ව විද්‍යාල කොමිසම දැනටත් තියන ඒවානේ. පහුගිය කාලේ රාජ්‍ය සේවයට බදවා ගත්ත හැටි රටම දැක්කා. විශ්ව විද්‍යාල ගිහිපු හැටිත් දැක්කා. මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්නේ නැතිව මොන කොමිසම ආවත් වැඩක් නැත.
    ඔය දෙකම කලින් තිබ්බෙ නාමිකව කිසිම බලයක් නැතුව
     

    waligamaya

    Well-known member
  • මෙතන දගලන බහුතරයකට ඕන ඇත්ටටම රටට වැදාගත් වෙනසක් කරන්න නෙවෙයි තමන්ට වාසිය ලැබෙන හා තමන්ගේ පරවේණි පක්ෂයට මීලග චන්දෙන් බලය ලබා ගන්න. ළිදේ පැනපියව් සිංහලු, දෙමලු,මරක්කල බයියෝ ටෝයියෝ සහ වහල්ලු.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මෙතන දගලන බහුතරයකට ඕන ඇත්ටටම රටට වැදාගත් වෙනසක් කරන්න නෙවෙයි තමන්ට වාසිය ලැබෙන හා තමන්ගේ පරවේණි පක්ෂයට මීලග චන්දෙන් බලය ලබා ගන්න. ළිදේ පැනපියව් සිංහලු, දෙමලු,මරක්කල බයියෝ ටෝයියෝ සහ වහල්ලු.
    ඇ‍යි 19 එපාද:sorry:
     

    waligamaya

    Well-known member
  • ඇ‍යි 19 එපාද:sorry:
    නැබන් මුන් කරන්නේ උන්ගේ පරවේණි පක්ෂශයට කඩේයන එක විතරයි. UNP උනුයි ශ්‍රී ලනකා කාරයොයි.

    19 ඕන එකේනේ යකෝ අපි බයි අප්පච්චි මැරුවේ:lol::lol: