නෑ එහෙම වෙනසක් නෑ.
මේකයි වෙන්නේ කාලෙන් කාලෙට මිනිස්සු දකින කෝනය වෙනස් වෙනවා. අපේ වැඩිහිටියෝ දකින්නේ ඒකාලේ ලෝකේ හොදයි දැන් හොද නෑ කියලා. 80 ගනං වල ඉපදුන අපට හිතෙන්නේ ඒ කාලේ තමයි මරු දැන් හරි නෑ කියලා. ඕකම 90 ගනං වල ඉපදුන අයත් ඕකම හිතනවවා. තව ටික කාලෙකින් 2010 ට කලින් දශකයේ ඉපදුන අය හිතයි ඒ කාලේ තමයි හොද 2010 න් පස්සේ වැඩක් නෑ කියලා. ඔන්න ඕකයි තත්වේ. ඒ ඒ වයස්වල කට්ටිය ඒ ඒ වයස්වලදි ලෝකේ විදිනවා. අපිට රොබින් හුඩ් මියුසික් එක ඇහුනත් ඇති ආස හිතෙනවා. දැන් ඉන්න පොඩි උන්ට ඒක දැනෙන්නේ වෙන දේකින්. ඒ කියලා මනුස්සයෝ වෙනස් වෙලා නෑ. මිනිස් සංස්කෘතිය එන්න එන්නම වෙනස් වෙනවා. භාෂාව සරළ වෙනවා. ඕවා ඉතිං ලෝක ස්වාභාවය. පරණ ස්ටයිල් ආපහු එනවා, අලුත් ස්ටයිල් පරණ වෙනවා.
නමුත් සොභාදහම විදීම අතින් මීට අව්රුදු 50 කට කලින් අය විදපු දේවල් අපිට විදින්න නැ. ඒක පිළිගන්න එපැයි. නමුත් අපිට තියන තාක්ෂණික අත්දැකීම්, පහසුකම් ඒ අයට නෑ.
ගොඩක් අය කියනවා දැන් ළමයි අන්තිමයි ගුණ ධර්ම නෑ කියලා. නමුත් මම දන්න විදිහට දැන් කාලයේ ඉතාම හොද ගුණධර්ම තියන ළමයි සෑහෙන්න ඉන්නවා. ඒක අපේ කාලේ පංතියක හිටපු හොද ළමයින්ට ලමයින්ට සාපේක්ෂව වැඩි වීමක්.
කයින් ලොකු මිනිස්සු උනාට වයස 16 - 20 වගේ වයස් කාණ්ඩවල ළමයින්ගේ ආවේනික ලක්ෂණ තියනවා. 30,40 පැනපු අයට ඒවා පේන්නේ බොළද වැඩ වගේ. නමුත් එයාලත් ඒ වයසෙදි කරේ ඊට සමාන වැඩ කියලා මතක නෑ. දැන් සමාජ ජාල තියන නිසා 16 - 20 අයගේ අර සාමාන්‍ය ක්‍රියාවන් ලෝකයට නිරාවරණය වෙනවා වැඩී. ඒ නිසාම ගොඩක් අය කියන්නේ දැන් හැදෙන උන් නම් අන්තිමයි කියලා.
සයිබර් අවකාෂයේ විතරක් සැරිසරලා සමාජය ගැන නිගමන වලට එන්න බෑ. සැබෑ ලෝකේ සැබෑ මිනිසුන් එක්ක එදිනෙදා ගැටෙන රස්සාවක් කරාම මේවා තේරුම් ගන්න අමාරු නෑ.