2012 ගැන ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් අනාවැකියක&amp

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
2012 ගැන ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් අනාවැකියක&amp

ලංකාවේ නම සඳහන් කිරීමට අකැමති ආරණ්‍යවාසි වැඩ වාසය කරන භික්ෂුවක් විසින් ඉදිරියේදී සිදුවේ යැයි අපේක්ෂා කරන ලෝක විනාශය පිලිබඳ අනාවැකියක් පලකොට තිබෙනවා.

පහත දැක්වෙන්නේ එයයි.

මනුෂ්‍යයන් විසින් අධික ආශාවන් ස්වාභාව දහමේ සමතුලිත පරිසරය බිද හැරීම නිසාත් අධර්ම මිත්‍යා ප්‍රතිපදා හේතුවෙනුත් විකෘති මනුෂ්‍යය ආසාවන් නිසා පිරුණු අකුසල ධර්ම ඇත්තේ තමා විසින්ම විනාශය ලගා කර ගනී.

2011 වර්ෂයෙන් ඇරඹෙන ගංවතුර, අධික හිම පතනය, නියග නිස පෘථිවි වගා බිම් විනාශවීමට පටන්ගන්නා අතර පෘථිවිය කරා පැමිණෙන සූර්ය ගිනිහුල් හේතුවෙන් පෘථිවි උෂ්නත්වය අධික වීමෙන් භූමිකම්පා, සුනාමි, ගිනිකදු පිපිරීම් නොනැවතී පවතිනු ඇත. අධික වියළි කාලගුණය, අධික හිම පතනය, අධික වර්ෂා හේතුවෙන් හා න්‍යෂ්ටික වායු අම්ල වර්ෂා හේතුවෙන් පෘථිවි වගාබිම් විනාශ වීමෙන් වර්ෂය අවසන් වන විට ලොව සාගත තත්වයක් ඇති වේ.


මනුෂ්‍ය පැවැත්ම භයානක ලෙස පිරිහේ.2012. 12. 12 වන විට පෘථිවිය කරා පැමිණෙන ග්‍රාහකයක් වෙත මනුෂ්‍යයන් විසින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමෙන් එහි විශාල කොටසක් සියදහස් ගණන් කැබලි වලටැ කැඩී පෘථිවිය පුරා විසිරී යාමෙන් හා ග්‍රාහකය කඩා වැටීමෙන් කෝටි සංඛ්‍යාත මනුෂ්‍යයන් විනශ වනු ඇත.

මෙලෙස දින 14 පුර පවත්නා ලොව ව්‍යසන කාලය තුල පාපී මිනිසුන් ස්වභාව දහමේ අදුරු ආගාධයන් කරා රැගෙන යනු ඇත.මෙ විෂමතාව 2012, 2013, 2014 වර්ෂ අවසානය තෙක් ලොව පවතිනු ඇත.ලොව යුධ සභ්‍යත්වය 100% ක් විනාශ වූ විට ස්වභාව දහමේ පාප හරන ක්‍රියවලිය සංසිදේ.

ලොව සමතුලිත බවට පැමිණේ.එතන් සිට එලඹෙන කාලය සත්පුරිෂ මනුෂ්‍යයන්ගේ ස්වර්ණමය යුගයකි.


2011 - 2012 විශේෂ සිදුවීම්

න්‍යෂ්ටික බලාගාර පිපිරීම හේතුවෙන් විකිරණ ලොව් පුරා පැතිරේ.

අම්ල වැසි හේතුවෙන් ජලය විෂ වේ.

කිරි හා මස් ආහාරයට ගැනීමෙන් විකිරණ ශරිර ගත වේ.

වසංගත රෝග හා විකිරණ ශරිරගත වීමෙන් හටගන්න රෝග බහුල වේ.

අම්ල වැසි හේතුවෙන් වගා බිම් විනශයට.

2011 මැද වන විට හිරු ගිනි දැල් පෘථිවියට.

වර්ෂ අවසාන වන විට ලොව සාගත තත්වයක්.

2012 සිත ලොව අයහපත් වාතාවරණයක්.

2012 මුල සිත පෘථිවි උෂ්ණත්වය අධික වේ.

සුනාමි ගිනිකදු පිපිරීම්, භූමිකම්පා, ගංවතුර වියලි දේශගුණය නොනවතී.

හිරුගේ ක්‍රියාකාරිත්වය වෙනස් වේ.

2012.11.18 හිරුගේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්‍රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට ලගා වේ.

න්‍යෂ්ටික මිසයිල අභ්‍යවකාශ ගත කෙරේ.

උල්කාෂ්මයත හා ග්‍රාහකයට මිසයිල ප්‍රහාර ග්‍රාහකයේ විශාල කොටසක් සියදහස් ගණනකට කැබලිවී පෘථිවියට කඩා වැටේ.
විශාල ග්‍රාහක කොටස් හා උල්කාෂ්ම කොටස් මහාද්වීප වලට.
කුඩා කැබලි සද මතට කඩා වෙටීම හෙතුවෙන් සද ගිනි බෝලයක් සේ දිස් වේ.

සුවිශාල උල්කා හා ග්‍රාහක කොටස් කැබලි ඇමරිකා, අරාබි, ඉන්දියා ප්‍රදේශ වලට කඩා වැටේ.
ඕස්ට්‍රේලියා මහාද්වීපය අසල සාගරයට කඩා වැටෙන සුවිශාල ග්‍රාහක කොටසක් නිසා සාගර ජලය ගොඩබිමට කඩා වදී

ආක්ටික් ,ඇන්ටාක්ටික් ප්‍රදේශ වලට කඩා වැටෙන උල්කාෂ්ම කොටස් හේතුවෙන් හිම කදු දිය වී සාගරයට පැමිණේ. ඉන් හට ගන්නා සුවිශාල ජල තරංග ගොඩබ්ම් වලට කඩා වදී.

උල්කාෂ්ම හා ග්‍රාහක වැටීමෙන් ද සුනාමි රළ හේතුවෙන්ද සුවිශාල භූමිකම්පා හේතුවෙන්ද සමහර ගොඩබිම් කැඩී යන අතර සමහර ගොඩබිම් සාගරයේ ගිලී අතුරුදහන් වේ.

න්‍යෂ්ටික ආවි ගබඩා හා න්‍යෂ්ටික බලාගාර හා අනෙකුත් යුධ ගබඩා පිපිරීමෙන් මනුෂ්‍යයන් කෝටි ගණනක් විනාශ වේ.

උල්කාෂ්ම වැටීමෙන් ඇති වන කම්පනයෙන් මනුෂ්‍ය ශරීර පුපුරා විනාශ වේ.

දුම් හා දූවිලි වලාවන්ගෙන් දින නවයක් පුරා ලොව අහස වැසී යයි.ලොවම අන්ධකාර වේ.

මුහුදු ජීවීහු ආරක්ෂාව පතා වෙරළ තීරයත පැමිණේ.

මෙම ව්‍යසනයෙන් සත් පුරුෂ ගුණධර්මඇති සිතේ දියුනුවට පැමිණි කිසිදු මනුෂ්‍යයෙකුත හානි නොවේ. සති දෙකක් පුරා ව්‍යසන කාලය පවතී.

අමනුෂ්‍යයන්ගෙන් ලොව පිරී යයි.

ලෝක ජනග්‍රහනයෙන් 2/3 කට ආසන්නව මිය යයි.

මිය යන මනුෂ්‍යයන් විශ්වයේ අදුරු අගාධ වල උපදින අතර ගිනිගෙන දිලිසෙන ශරීර ඇති.

ආයුෂ අවුරුදු කෝටි සිය ගණනකි.අකුසල කර්ම අවසන් වනතුරු කැකෑරෙන් උනු ලෝධියේ මැරි මැරී උපදී.

මෙය ලෝක විනාශයක් නොවන අතර කෲර යුධ සභ්‍යත්වයෙ මිනිසුන්ගේ විනාශයකි.

2013-14 දෙසැම්බර් 22 වන තෙක් ව්‍යසන කාලය පවතී.

2014. 12.22 විශ්වයේ විෂම ක්‍රියකාරිත්වය සමතුලිත වේ.

අලුත් ඉරක්, අලුත් ලොවක් සත්පුරුෂ අජටාකාශගාමී, පරාර්ථචර්යාවතම පිලිපන් දියුණු අධ්‍යාත්මික ගුණයෙන් යුත් මනුෂ්‍ය ප්‍රජාවකින් ලොව පිරී යයි(2015).


සටහන
මෙම අනාවැකිය ආරණ්‍යවාසී භික්ෂුව විසින් මුලින්ම ප්‍රකාශ කරන ලද්දේ ඉරිදා ලංකාදීප පුවත්පතේ සඳැල්ල අතිරේකයටය.


එහිදී උන්වහන්සේ විසින් මෙම අනාවැකිය බොහෝ මිනිසුන් විසින් පිලි නොගන්නා බවටත් නමුත් පිළිගන්නා මිනිසුන්ට යහපතක් උදාවන බවට පුන පුනා කියා තිබුණි.


පසුව ජනතාව තවත් දැනුවත් කිරීම සඳහා පසුගිය වෙසක් පොහෝ දින උන්වහන්සේ විසින් තම අනාවැකිය ඇතුළත්කොට වෙබ් අඩවියක් දියත් කරන ලදී.

Comment එකක් වටිනවා
 
Last edited:

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
මිනිහෝ බුද්ධාගම කන්න එපා හරකෝ...

ඔන්න ඔන්න ඉතින් නිකන් මෝඩයෙක් වගේ ආගම් case මෙතනට ගාව ගන්න හදන්න එපා සහෝදරයා...
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අනා වැකියේ සත්‍ය හෝ අසත්‍ය භාවය කියන්න දන්නේ නැහැ.............
හැබැයි මම නොදන්නවා කියලා කිසිදෙයක් මම බැහැර කරන්නෙත් නැහැ...............
කියන්නා වගේ හොඳ ගතිගුණ වර්ධනය කලොත්............
මෛත්‍රිය වැඩුවොත් පාඩුවක් වෙන්නෙත් නැහැ................
 

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
අනා වැකියේ සත්‍ය හෝ අසත්‍ය භාවය කියන්න දන්නේ නැහැ.............
හැබැයි මම නොදන්නවා කියලා කිසිදෙයක් මම බැහැර කරන්නෙත් නැහැ...............
කියන්නා වගේ හොඳ ගතිගුණ වර්ධනය කලොත්............
මෛත්‍රිය වැඩුවොත් පාඩුවක් වෙන්නෙත් නැහැ................

:yes::yes::yes:
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔන්න ඔන්න ඉතින් නිකන් මෝඩයෙක් වගේ ආගම් case මෙතනට ගාව ගන්න හදන්න එපා සහෝදරයා...
    මචන් මම බුද්ධාගමේ, දන්නවා කියන
    මිනිස්සුන්ට වැඩ නම් දන්නවා මම බුද්ධාගම
    ගැන. දේශනාවේ කොහෙවත් 2012 ගැන
    බයිලා කියල න ඔයවගේ..
    සිවුරු ගෙන ඉන්න හොරු කියන ඒවා දන්නා
    එපා බන්, හමුදුරුවරුයි, අරණ්‍ය වැසී එවුනුයි
    අරකයි මේකයි කියල..
    2012 ඕක උනේ නැති උනොත් මොකද
    කරන්නේ අනිත් ය?
    කෙලින්ම බුද්ධාගම නෙවේද පල වෙන්නේ
    අර වගේ පල හොරු නිසා...
    ඔය වගේ වැඩ කරන්න එපා බන්, ඔය වගේ
    site හොදින් හරි නරකින් හරි නැති කරන්න
    ඕනේ ඇත්තටම බුද්ධාගමට ආදරේ නම් කව්රු
    හරි..නැතුව ඒවගේ තියෙන අමූලික
    බොරු මේ වගේ තැන වල ඇදබාන එකල නෙවේ..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,821
    3,407
    113
    ලංකාදිප පත්තරෙ තමා ඔය විස්තරෙ දාලා තිබුනේ..l
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,846
    6,112
    113
    ලෝක විනාශ වෙන්නෙ තව කල්ප ගානක් ගියාට පස්සේ , මෛත්‍රී බුදුන් පහල උනාටත් පස්සේ කල්ප ගානක් ගිහිල්ලයි ලෝක විනාශ වෙන්නෙ , බුදු දහමට අනුව එහෙමයි ඒක නිසා අනවශ්‍ය විදිහට බය වෙන්න ඕනෙ නෑ .... කව්ද කින්ද මන්ද කියල කිසිම සඳහනක් නැති කිසිම පදනමක් නැති දේවල්වලට නිකරුනේ බය වෙන්න එපා :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,846
    6,112
    113
    මචන් මම බුද්ධාගමේ, දන්නවා කියන
    මිනිස්සුන්ට වැඩ නම් දන්නවා මම බුද්ධාගම
    ගැන. දේශනාවේ කොහෙවත් 2012 ගැන
    බයිලා කියල න ඔයවගේ..
    සිවුරු ගෙන ඉන්න හොරු කියන ඒවා දන්නා
    එපා බන්, හමුදුරුවරුයි, අරණ්‍ය වැසී එවුනුයි
    අරකයි මේකයි කියල..
    2012 ඕක උනේ නැති උනොත් මොකද
    කරන්නේ අනිත් ය?
    කෙලින්ම බුද්ධාගම නෙවේද පල වෙන්නේ
    අර වගේ පල හොරු නිසා...
    ඔය වගේ වැඩ කරන්න එපා බන්, ඔය වගේ
    site හොදින් හරි නරකින් හරි නැති කරන්න
    ඕනේ ඇත්තටම බුද්ධාගමට ආදරේ නම් කව්රු
    හරි..නැතුව ඒවගේ තියෙන අමූලික
    බොරු මේ වගේ තැන වල ඇදබාන එකල නෙවේ..


    :yes::yes::yes::yes:
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    මචන් මම බුද්ධාගමේ, දන්නවා කියන
    මිනිස්සුන්ට වැඩ නම් දන්නවා මම බුද්ධාගම
    ගැන. දේශනාවේ කොහෙවත් 2012 ගැන
    බයිලා කියල න ඔයවගේ..
    සිවුරු ගෙන ඉන්න හොරු කියන ඒවා දන්නා
    එපා බන්, හමුදුරුවරුයි, අරණ්‍ය වැසී එවුනුයි
    අරකයි මේකයි කියල..
    2012 ඕක උනේ නැති උනොත් මොකද
    කරන්නේ අනිත් ය?
    කෙලින්ම බුද්ධාගම නෙවේද පල වෙන්නේ
    අර වගේ පල හොරු නිසා...
    ඔය වගේ වැඩ කරන්න එපා බන්, ඔය වගේ
    site හොදින් හරි නරකින් හරි නැති කරන්න
    ඕනේ ඇත්තටම බුද්ධාගමට ආදරේ නම් කව්රු
    හරි..නැතුව ඒවගේ තියෙන අමූලික
    බොරු මේ වගේ තැන වල ඇදබාන එකල නෙවේ..

    උබ මේක ගැන කියන්නේ 2012 දී උනේ නැත්තම් නේ. 2012 මේ දේ සිද්ද උනොත් බුදු දහම ගැන මිනිස්සු මොන හිතයි ද. 2012 ගැන බුදු දහමේ කොහෙවත් නැ, මම එක දන්නවා.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උබ මේක ගැන කියන්නේ 2012 දී උනේ නැත්තම් නේ. 2012 මේ දේ සිද්ද උනොත් බුදු දහම ගැන මිනිස්සු මොන හිතයි ද. 2012 ගැන බුදු දහමේ කොහෙවත් නැ, මම එක දන්නවා.
    ඉතින් දැන දැන ඇයි දාන්නේ බොරු..?
    බුද්ධාගම විනාශ කිරීමේ දේශද්‍රෝහී කදවුරෙන්
    ඩොලර් වලට ගැති වී උතුම් බුදු සසුන විනාශ
    කරන අධිරාජ්‍ය ගැති නිවටයෙක් වෙලා නේද
    උබ...:P