පහන් ටැඹ යට සොහොන් කොත ළඟ කව්ද කාටද අත වනන්නේ
දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකිහඬදෝ ඇසෙන්නේ
ඇසෙන්නේ
ඔබේ වියෝවෙන් වේදනාවෙන් හීන් හිරි පොද වැටුනු දවසක
නෑසියන් හා කරපිටින් මා ගෙනගියා ඔබ සොහොන් පිටියට
ඒ සොහොන් කොත පෙනෙන මානේ පුංචි කුටියක කවුළුවක් ළඟ
බලා ඉන්නෙමි හිතින් හමුවී කියා ගන්නට හිතක බැඳි පෙම
පහන් ටැඹ යට සොහොන් කොත ළඟ කව්ද කාටද අත වනන්නේ
දෑස නිදි නැති රෑක මැදියම ඔබේ ඉකිහඬදෝ ඇසෙන්නේ
ඇසෙන්නේ