2015 ශිෂ්‍යත්ව බේදවාචකය...!

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    2015 ශිෂ්‍යත්ව බේදවාචකය...!

    W.A.D. ශෂීන් කවිදු ඇබිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 2015 ශිෂ්‍යත්වය සමත් වන්නේ
    ලකුණු 188ක් ලබා ලංකාවේ 9 වැනි තැනද කලාපයේ මුල් තැනද ලබා ගනිමිනි.
    එහි අයිතිකාරත්වය බෙදා හදා ගැනීමට සබරගමු පලාත් අද්‍යාපන තොරතුරු තාක්ෂණ සංස්කෘතිය කටයුතු අමාත්‍යාංශය සිල්ලර ගනයේ සහතිකයක් මුද්‍රණය කොට එකිනෙකා තවා ගැනීමට උත්සවයක් සංවිධානය කරයි.
    ස්ථිර රැකියාවකුදු නොමැති විදුලි කාර්මිකයකු වූ ශෂීන්ගේ පියා W.A.D. නිශාන්ත කුලියට කෝට් එකක් ගෙන ගුරු භවතුන් යන කුලී රථයෙන් තම බිරිද සමග පුත්‍රයා පිටත් කර හරින්නේ අනාගත සුභ සිහින දකිමිනි.
    තම පුත්‍රයාගේ තරාතිරම වත් සටහන් නොවූ එම (වැඩකට නැති)සහතිකය රැගෙන ඔවුන් ආපසු පිටත් වන්නේ රත්නපුර සිට කිලෝමීටර් 100ක් පමන දුර ගමනාන්තයක් වූ ඇබිලිපිටිය බලාය.
    අතරමග හිත්පිත් නැති බස් රථ රියදුරකු වංගුවකදී තම බස් රථය ඉස්සර කරන්නේ ශෂීන් පැමිනෙන වෑන් රථයේ බද පෙදෙස තලා දමා ශෂීනුත් ඔහුගේ මවත් තවත් ගුරු භවතුන් කීප දෙනෙකුත් බරපතළ ලෙස තුවාල සිදු කරමිනි.

    ඉතිරිය මේ රූප පෙල දැකීමෙන් පසු ඔබට සිතා ගැනිමට අපහසු නොවනු ඇත.
    දැන් සියල්ල සිදුවී හමාරය. WAD නිශාන්ත (පියා)
    කොලබ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇබිලිපිටිය මූලික රෝහලට මාරු කර එවීමෙන් පසුව නැවත අසාද්‍ය තත්වයට පත් වූ එම දරුවා මේ වනවිට(2016/1/1)කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිහිසුන් තත්වයේ ප්‍රතිකාර ලබයි.දරුවාගෙ
    මව යම් සුවයක් ලබා ආබාධිත තත්වයෙන් ටිකට් කපා ඇත.

    බාල ගනයේ සහතික ප්‍රදාන උත්සව පැවැත්වූ සබරගමු පලාත් අද්‍යාපන නිලදාරීන් එම රෝගී දරුවා වෙනුවෙන් සතයකුදු වියදම් නොකොට එම උත්සවයේ අභිමානය තවම සිතින් විදිනවා විය හැක..
    මාගේ ප්‍රිය මිතුරනි,අපගේ මේ අරුමෝසම් සමාජය නිසා ආබාධිත වූ එම දක්ශ දරුවාට ප්‍රතිකාර ලබා ගැනීමට ඔබගේ ආඪාර උපකාර අවශ්‍යව ඇත.ස්ථිර රැකියාවකුදු නොමැති මෙම දරුවාගේ පියාගේ සියලු ආදායම් මාර්ග දරුවා වෙනුවෙන් කැපවී ඇති නිසා ඇහිරී ඇත..

    10259741_960982504008709_7340489458409074052_n.jpg

    W.A.D.S. නිශාන්ත කුමාර
    සම්පත් බැංකුව- ඇඹිලිපිටිය
    104354780988
    TP +94 776186814

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් තරහ නැතුව දාන්න උදව් කරන්න පුලුවන් විදියක්. ගත්ත තැනක් කන්ටැක් නම්බර් එකක් වගේ.
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මචන් තරහ නැතුව දාන්න උදව් කරන්න පුලුවන් විදියක්. ගත්ත තැනක් කන්ටැක් නම්බර් එකක් වගේ.

    W.A.D.S. නිශාන්ත කුමාර
    සම්පත් බැංකුව- ඇබිලිපිටිය
    104354780988
    TP +94 776186814
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ උත්සවයට මමත් ගියා මගේ පුතත් එක්ක....
    උත්සවයේ සන්විදානය නම් මෙලෝ රහක් නෑ. දේශපාලනේ කරන උන් ලකුනු දාගැනිල්ලක් තිබුනේ.
    ඔය ඇක්සිඩන්ට් එක ආරන්චි උන වෙලේ මමත් ගියා බලන්න පොඩි එකාට මොකද කියල. ගොඩක් අමාරුවෙලා තිබුනේ ටීච කෙනෙක්ට එයා එවෙලෙම කොලඹ යැව්වා.
    මේ පොඩ්ඩ කොලඹ යැව්වේ දවස් දෙකකට වගේ පස්සෙ. අම්ම නම් කාලයක් රත්නපුර දැඩිසත්කාර ඒකකයේහිටිය.
    අපිට ආරන්චි උනේ පොඩ්ඩට හොඳ උනා කියල.
    පව් අහින්සක පොඩි එකා කාලකන්නි බස් කාරයෙක් හින්ද අනාගතේම අඳුරු උනා...
    ඔය අනතුරේ සම්පූර්න වැරැද්ද බස් කාරයගේ. ඌ වැස්සේ වන්ගුවක ඕවර්ටේක් කරල ඉස්සරහින් ආපු වෑන් එක හැප්පුවා.
    පොඩ්ඩගේ නොම්බරේට හෙට මම කෝල් කරල බලල අනිවා මේඑකවුන්ට් නම්බර් එකට යමක් කරනවා.
    පව් මගේ ලමයත් එක්ක ඉස්කෝලෙකට යන්න හිටපු පොඩි දරුවා....
    තුනුරුවන් සරනින් පොඩ්ඩට ඉක්මනට සනීප වෙන්න කියල පතනවා....
     
    • Like
    Reactions: MNV

    :(:(