> 2016 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය!
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දැන් මළ විකාරයක් වෙන්නට පටන්ගෙන ඇත..!!
එන්න එන්නම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පිස්සු කෙළීමේ ගුණය වැඩිවෙමින් ඇත.
කෑම.
කෑම වල මිල විශාල වශයෙන් වැඩිවී ඇති අතර, ජාත්‍යන්තර නූඩ්ල්ස් ප්‍රදර්ශනයේ ලබාදෙන නූඩ්ල්ස් ප්‍රමාණයද අඩුකර ඇත! එයට ඉල්ලුම අනුව බෙදාදෙන ප්‍රමාණයද අඩුය. කෑම ඉතාම ගුණාත්මකව හා පිරිසිදුව ලබාදෙන ලැවීනියාගේ රෙද්දේ ගණංද වැඩි ය. (ඒවා තරු හෝටල්නේ..සිල්ලර ගණං වලට දෙන්නෑනේ) කොකාකෝලා, ස්ප්‍රයිට් කියා ඇල්වතුරට අංගාරිකම්ල වායුව සහ සීනි දමා දෙයි.. කටේ තියන්නට බැරිය..
සංවිධානය
සෙනසුරාදා රෑ 12 දක්වා මෙය තියන්නේ අහවල් එකටද කියා අසන්නට කැමැත්තෙමු.. මුදලාලිලා කිහිපදෙනෙකුගේ උවමනාවට කරනා මගඩියකි. මෙයින් කිසිදු සෙතක් පොත් ගන්නා මිනිසුන්ට නැත. මක්නිසාද යත් කොළඹින් බැහැර කිසිවෙකුට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම අතිශය දුෂ්කරය. මහා විසාල මුදලාලිලා හැරුණු විට අනික් අයට සේවකයන් සොයාගන්නටද නැත. ඔවුන්ට රෑ 1-2ට නිවෙස් කරා ගොස් නැවත පාන්දර පැමිණිය යුතුය. මෙය මොකාගේ හෝ බූරු අදහසකි. ඒ අදහස දැමූ එකා මකබෑවියා යුතුය.
වට්ටම්
වට්ටම 20%ට සීමා කිරීම නිල නොනිල වශයෙන් දෙවිදියකට සිදුව ඇත. එයින් බොහෝ දෙනාගේ අලෙවිය පෙර වසරට සාපේක්ෂව අඩුවී ඇත. එයට කැෂියර්ලා සාක්ෂි දරයි. ඊටත් වඩා විහිලුව වන්නේ ගොඩගේ වැනි පොත් සාප්පු වල වසර පුරා 30%ක වට්ටමක් ඔවුන්ගේ ප්‍රකාශන වලට හිමිවෙද්දි ප්‍රදර්ශනයේදී ලබාදෙන්නේ 20%කි!!! මේ බූරු අදහස ගෙනා නපුංසකයා මොකාද?
ITN සම්පත් බුක් ක්ලබ්! එය මුලින් හිතුවේ ඉතා වටිනා වැඩක් වනු ඇති බවය. දැන් පෙනී යන්නේ සත පහක වැඩක් නැති මාකටින් වැඩක් බවයි. වට්ටම් ප්‍රමාණය මා සිතුවේ 20%ක හෝ 30%ක ස්ථාවර අගයක් ගනු ඇති බවයි. (ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජික භවතුන් වෙතින්) නමුත් එසේ නැත! එය 10%-20% දක්වා වසර පුරා විචලනය වෙයි. ඒවාද ගුණසේන, සරසවි වැනි රටපුරා ශාඛා වලදී තෝරාගත් ප්‍රකාශන සදහා මිස සියල්ල සදහා නොවේ.! එය නොමැතිවත් සමහර පොත් කඩ වලින් 30%ක පමණ වට්ටම් ලැබෙන බව හොදාකාරවම දනී!
එය බොනිකර තරුවකි. එයින් පොත් ප්‍රදර්ශනයට සතපහක වැඩක් නැති අතර පර්ස් එකේ ලස්සනට දාගෙන ඉන්නට හොදය.
දොරටවැඩීම් සහ සාකච්ඡා
ඒවා ඉස්සර ඕසෙට තිබුණි. ස්වර්ණ පුස්තක දිනූ ලේඛකයන් හමුවීමට වැඩපිළිවෙල යොදා තිබුණි.. මෙවර ස්වර්ණ පුස්තකදිනූ ලේඛකයා හොයන්නට මා කට්ටක් කෑව මුත් එතුමා නිස්සද්දවම පැමිණ පිටව ගොස් තිබුණි! ලේඛක හමු නැත. ලේඛකයන් හැංගි හැංගි පැමිණ ඔවුන්ගේ සමාගමයන් සමග කල්ලි ගැසී පිටව යයි. දොරට වැඩුම් වලට එන්නේ කන්නට බොන්නට ආසන නැතිව ඉන්නා අය මිස සාහිත ලැදියන් නොවේ. හැමදාමත් මෙයට එල්ලීගෙන පැමිණෙන මෙලෝ රහක් නැති ලේඛකයන් කිහිප පොළක් පමණක් ‘සෙට්වී‘ කයිවාරු ගහයි.
ස්ටෝල් කළමනාකරණය
එය කුජීතය. අන්තිමය. තුප්පැහිය.
සංගමයේ කල්ලි වල ඉහළ ස්ථරයේ සාමාජිකයින් තමුන්ට රිසි තැන් වලින් ස්ටොල් අල්ලා ගන්නා අතර ඒවා සදහටම ‘බුක්ඩ්‘ ය! තුන්ඩු දැමීම කියා ප්‍රෝඩාවක් කරන්නෙ කිහිපදෙනෙකුට සයිබීරියාවේ හෝ කොරියාවේ ස්ටෝල් කිහිපයකටය. සාහිත්‍ය පොත් අස්සේ ප්‍රශ්න පත්‍ර පොත් කඩවල් ය. ඒවා මේ ප්‍රදර්ශනයේ වෙනම ඒකකයකට රැගෙන යා යුතුය. එවිට තදබදය පවා අඩුවේ. ලිපිද්‍රව්‍ය හා පොත් ගන්නට පැමිණෙන අය එවිට ඒවා සොයා යනු ඇත. පොත් කඩ අස්සේ වෙනත් මගුල් ගහන්නට උවමනාව ඇත්තේද ටයිකෝට් අදින ස්ටේෂනරි බිස්නස් කරන මුදලාලිලාට පමණි. සංගමයේ සාමාජිකයන්ට මුල්තැන හිමිවිය යුතු වුවත් මුල්තැන හිමිවන්නේ සංගමයේ නොවන අයටය.
සංගීත සංදර්ශන
පොත් ප්‍රදර්ශනයේ සවස 6න් පසු අලෙවි කටයුතු කරන්නට ජනතාව නැත. ඒ ඈත ගම් දනව් වලින් පැමිණෙන සහ කොළඹ හතෙන් පැමිණෙන අයට ගරා යකා පෙන්නීමත්, යකා නැටීමත්, සංගීත සංදර්ශන පෙන්වීමත් නිසාය. මිනිස්සු එන්නේ පොත් ගන්නටය. යා යුත්තේ පොත් ගැන වැඩසටහන් මිස කෝලම්,නූර්ති, රූකඩ නොවේ..!!
මේ පිස්සු විකාර නිලධාරී මාෆියාවට එරෙහිව ජනතාව සහ පීඩනයට පත් ප්‍රකාශකයන් පෙනී නොසිටින තාක්කල් උන් ඔලුවට අතහෝදනු ඇත!

-මනෝ